ගල හොඳනම් අඹරන කහ මක්වේද මව හොඳනම් දුව පති&#35

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    ගල හොඳනම් අඹරන කහ මක්වේද මව හොඳනම් දුව පති&#35

    සමාජය කියන්නේ නානා විධ බැඳීම්වලින් සැකැසුණ ශක්තිමත් ඒකකයක්. මේ සමාජය තැනුණ පුංචිම ඒකකය තමයි පවුල. ගිහි ගෙදරට බුදු බණ විශේෂාංගයෙන් අපි දැන් වසරකටත් වැඩි කාලයක් තිස්සේ බණ කිව්වේ ඒ පුංචිම තැනුම් ඒකකයට. අපි පෙන්වලා දුන්නා ඔබේ ගිහි ගෙදර සාමය බිඳ වැටෙන්න හේතුවන කරුණු කාරණා. අපි පෙන්වලා දුන්නා ඔබේ ගිහි ගෙදර සාර්ථක වෙන්න හේතුවන කරුණු කාරණා.

    එළිපිට නොකිව්වත්, හැංගි හැංගි සිදු කළත් ගමේ කාගේ හරි කනට ගිහින් ඔබේ ගිහි ගෙදර අවුල් ජාලයක් කරන, ඒත් වැඩිය කතා කරන්නත් අකැමැති මාතෘකාවක් අද අපි සාකච්ඡාවට බඳුන් කළා. හිත රිදව ගන්නේ නැතිව මේ සියල්ල කියවලා බලලා ඔබේ ගිහි ජීවිතය ආලෝකවත් කරගන්න කියන ඉල්ලීම කරන ගමන්ම අද අපි පරදාර සේවනය පිළිබඳ කතා කරමු.


    • කොහොම කළත් වැරැදියි

    හරි වැරැදි කියලා අපි එළැඹෙන නිගමන බොහෝ විට රැඳී තිබෙන්නේ සංස්කෘතියත් එක්ක. අපි කළ යුත්ත නොකළ යුත්ත බුද්ධියෙන් විමසා බලා නිගමනය කළත් ඒ සියල්ල සංස්කෘතික කාරණයක් ලෙස පිළිගන්න අපට සිදු වෙනවා. විවාහය නෛතික කාරණයක් වෙනවා වගේම වෙන්වීමට තීරණය කිරීමත් නීත්‍යනුකූල හිමිකමක්. හොඳට හිතලා බැලුවොත් ඔබට පැහැදිලි වේවි මේ කාරණා දෙකෙහිදීම නෛතික බැඳීම් අභිභවා ගිය සංස්කෘතිකමය බැඳීම් ඉස්මතු වෙනවා කියලා.

    මේ නිසා ගිහි ජීවිතය ඇතුළේ අපි ගොඩනඟා ගන්න බැඳීම්වල සංස්කෘතිකමය සීමා මායිම් තිබෙනවා. විවාහය කියන ගිවිසුමෙන් බැඳීමක් ඇති කරගන්නා ස්වාමි පුරුෂයාටත් බිරියටත් මේ කියන සීමාව දැඩිව බලපානවා. ගිහි ගෙදර පැවැත්ම රදා පවතින්නේ සැමියාගෙත් බිරියගෙත් විශ්වාසය රැඳී තිබෙන තාක් කල් පමණයි. දීර්ඝ කාලීන බැඳීමකට එකඟත්වය ලබා දෙමින් විවාහයට එළැඹෙන යුවළක් ඒ එකඟත්වයට පිටුපා යනවා නම් එතන අනිවාර්ය කඩා වැටීමක් ඇති වෙනවා. මේ නිසා සැමියාගේ දැනුවත්භාවය ඇතිව හෝ නැතිව වෙනත් සම්බන්ධතා ගොඩනඟාගෙන කම් සැප භුක්ති විඳින බිරින්දෑවරු වගේම එවැනි අනියම් සම්බන්ධතා ගොඩනඟා ගන්න ස්වාමි පුරුෂයන්ද නිසා ගිහි ගෙදර අවුලෙන් අවුලට පත්වෙන බව ඒකාන්තයි.

    • සමාජයටත් හිසරදයක්

    ලංකාවේ කාලයක් තිස්සේ මුල් බැසගත්ත සංස්කෘතියක් තියෙනවා. සදාචාරයක් තියෙනවා. මේ සමාජය ගොඩනැඟිලා තියෙන්නේ එවැනි පිළිගැනීම්, ප්‍රතික්‍ෂේප කිරීම්, අගය කිරීම්, බැහැර කිරීම් නිසා. කවුරු හරි කෙනෙක් මේ සංස්කෘතික කාරණා ඉක්මවා යනවා නම් ඒක අනිවාර්යයෙන්ම සමස්ත සමාජයටම බලපෑම් කරනවා. මෑත කාලයේ සිදු වූ අපරාධ කීපයකින්ම මම මේ කියන සත්‍යය තහවුරු වුණා. තමන්ගේ ආදරණීයම දරු දෙදෙනා එක්කම බිරියවත් නිදි ඇඳේදීම පුලුස්සලා දාන්න තරම් සැහැසි වුණ සැමියෙක් ගැන පහුගියකාලේ අපට අහන්න, දකින්න, කියවන්න ලැබුණා. ඔහුව එතරම්ම සාහසික කරවන්න හේතුවෙලා තිබුණේ කාලයක් තිස්සේ ගොඩනඟා ගත්ත අනියම් ප්‍රේම සම්බන්ධතාවක්. ප්‍රේමයෙන් වියරු වැටුණු මෙවැනි මිනිසුන් සමාජයේ අපරාධ ක්‍රියා ඉහළ නංවන්නත් හේතුවක්.

    • දරුවන්ටත් බලපානවා

    මවුපියන්ගේ චර්යා රටාවන් දරුවන්ගේ හොඳට වගේම නරකටත් බලපානවා.
    යහපත් චරිතයක් පවත්වාගෙන යන්නේ නැති මවුපියන්ගේ දරුවන් සමාජයේ නිරන්තර අපහාසයටත් ලක්වනවා. එවැනි මවුපියන්ගේ අයහපත් හැසිරීම දරුවන්ටත් ඒ විදියටම ලැබෙනවා. පාසලේදී, පන්තියේදී විතරක් නෙවෙයි මඟ තොටදිත් දරුවන් මවුපියන්ගේ වරදින් අපහාස විඳිනවා. "අපෝ ඔය අර අම්මාගේ ළමයා නේද...? අම්මා වගේම ඇති". මේ වගේ අපහාසාත්මක පිළිගැනීම් ඔබ නිසා ඔබේ දරුවාට ලැබෙන බව ඔබ නොදන්නවා වුණත් ඒක තමයි ඇත්ත.

    • දරුවොත් ඔබේ මඟ ගනීවි

    දරුවන් ගොඩක් වෙලාවට හිතන්නේ තමන්ගේ මවුපියන් නිවැරැදියි කියලා. අපේ ජනවහරේ "ගල හොඳ නම් අඹරන කහ මක්වේද - මව හොඳ නම් දුව පතිවත නොරකීද" කියලා කියමනක් තියෙන්නෙත් මවුපියන්ගේ ගති ලක්‍ෂණ දරුවන්ට උරුම වෙන නිසානේ. ඉතින් තමන් තබන වැරැදි පියවර දරුවන් අනුගමනය නොකරයි කියලා හිතලා වැරැදි චර්යාවන්හි යෙදෙන මවුපියන් තමන්ගේ දරුවන්වත් වරදට ඇදගෙන යනවා. අම්මා තාත්තා ගියපු අඩි පාරේම යන්න හිතන අපේ දරුවොත් විවාහයටත් කලින්ම ජීවිතයේ බොහෝ තැන් නිවැරැදි කරගන්න බැරි තරමටම වරද්දවා ගන්නවා. විවාහය කියන්නේ නීතිමය බැඳීමක්.

    ඒ වගේම විවාහය කියන්නේ ආධ්‍යාත්මික බැඳීමක්. මේ බැඳීම් යන්තම් හරි පළුදු වුණොත් ඔබට අහිමි වන්නේ සුන්දර පවුල් ජීවිතයක් පමණක් නෙවෙයි. යහපත් දරු මල්ලො වගේම සමාජයේ පිළිගැනීමත් ඒ සමඟම අහිමි වෙනවා. මේ නිසා සමාජයට හොර රහසේ වුණත් ඔබ හිතට එකඟ නැතිව සිදු කරන අයහපත් හැසිරීම්වලින් මේ දැන් සිටම මිදෙන්න වග බලා ගන්න. ඔබේ ගිහි ගෙදරට එල්ලවන සමාජ අපකීර්ති පලවා හරින්න උත්සාහ ගන්න.



    වාසනා සුරංගිකා විතානගේ

    උපුටා ගැනීම : මව්බිම
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2ignbea.gif