මාගම්පුර වරාය පතුලේ කැණීම් අවසන්
මාගම්පුර වරායේ කැණීම් කටයුතු මේ වන විට සියයට අනූනවයයි දශම හයක ප්‍රමාණයකින් අවසන් කර ඇතැයි එහි ප්‍රධාන ඉංජිනේරු අගිල් ගීගනගේ මහතා පවසයි. වරායේ පස් තට්ටු සහ ගල් ඉවත් කිරීම් කටයුතු මාස 39 ක් තුළ සිදු කළ බව කී ඒ මහතා මෙය අසාමාන්‍ය සිද්ධියක් නොවන බවද අවධාරණය කරයි.
කොළඹ වරායේ ගැඹුර මීටර 15 ක් බවත් මාගම්පුර වරායේ ගැඹුර මීටර 17 ක් බවත් එබැවින් එම ගැඹුර සහිත වරායට නැව් පැමිණීමේ කිසිදු බාධාවක් නැතැයිද හෙතෙම අවධාරණය කරයි.
මේ වන විටත් මාගම්පුර වරායට නැව් කීපයක් පැමිණි බවද මාගම්පුර වරායේ ඉදිකිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 360ක් වැය වී ඇති බවද අගිල් මහතා කියා සිටී. .
ජාත්‍යන්තර මිල සූත්‍ර සමීකරණයට අනුව අද භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බවත් වරායට අවශ්‍ය ක්‍රේන් සහ වෙනත් උපකරණ මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 140ක් චීනයෙන් ඉල්ලා ඇති බවත් පවසන ගීගන මහතා එහි අතිරික්ත මුදල් වරායේ ඉතිරිව තිබෙන ගල් හා පස් තට්ටු ඉවත් කිරීමට වැය කරන බවද කියයි.
වරාය ඉදිකිරීම් කිරීමේදී කඩා දැමූ ගල් කැබලි වාරකන් අවසන් වූ පසු ඉවත් කරන බවද ප්‍රධාන ඉංජිනේරුවරයා කියා සිටී.
මාගම්පුර වරාය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය අගය කිරීම වෙනුවට ඇතැම් මාධ්‍ය සහ දේශපාලඥයින් වැරැදි ප්‍රචාර ගෙනයාම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවද අගිල් මහතා පවසයි.
මාගම්පුර වරායේ කලුගලක් ඇති බවත් එම ගල කැඩීමට අමෙරිකානු ඩොලර් මිලියන 85 ක ණය මුදලක් ගත් බවත් තමා කිසිදු මාධ්‍යයකට ප්‍රකාශ නොකළ බව මාගම්පුර වරායේ ප්‍රධාන ඉංජිනේරු අගිල් හේවාගීගන මහතා අවධාරණය කරයි.
අගිල් හේවාගීගනගේ මහතා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති අනුබද්ධ වරායන්ගේ ජාත්‍යන්තර ජාල පද්ධතියේ 13 වන සැසිවාරයට සහභාගී වෙමිනි.