ගසමු....! Plan කර...

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හැමෝම සෙට්වෙද්දි ගණං හිලවු ගැන හිතනවා කියලා කරන්නේ එක දෙයයි. ඒ එදාට සෙට්වෙන සෙට් එකටම දාන්න පුළුවන් පොදු ගාණක් බලන එක. පස්සෙ ඒ සෙට් වෙච්ච කලෙක්ෂන් එකට යන්න පුළුවන් ප්ලේස් ‍එකක් සහ බයිට් ෂැන්ඩිවලට වියදම් කරාට පස්සෙ බොන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක් ගැන හිතන එක. ඒත් ඊට වඩා ගණං හිලවු ටිකක් හිතන්න තියෙනවා. මේ ගණං හිලවු ටික නොහිතුවොත් ඇත්තටම පොඩි පොඩි ප්‍රශ්න ඇවිල්ලා බීපු එකේ ආතල් එකත් කුඩු වෙලා යන්න ඉඩ තියෙනවා. මේ කියන්‍න යන්නෙ අන්න ඒ කාරණා ටික. මේ ගණං ටිකත් හිතල මතලම බිවුවනං ආතල් කුඩු නොවී බොන්න පුළුවන් වේවි.

    1. ප්ලේස්

    ExpensesOfGettingSet-aniwa-01-768x403.jpg

    ​

    ඔන්න ඉතිං බොන්න යන තැන ගැන හිතන්න ඕන කලෙක්ෂන් එක අනුව නෙමෙයි. ඒක මුලින්ම හිතන්න ඕන දෙයක්. සමහර බාර් තියෙනවා වැටෙන බිලට අමතරව එතනට එන එක ඔලුවකට (per head) ගාණක් දාන බාර්. සමහර ඒවා වාසියි, සමහරු අවාසියි. තවත් ඒවයේ එතන ලිකරුයි ෂැන්ඩියි ගාණ වැඩියි. පිටින් ලිකර් ගෙනාවොත් කොකේජ් දඩේ. පිටින් ෂැන්ඩි ගේන්න තහනං. ඒ නිසා කොයි දේටත් හොඳ BYOB (Bring your own bottle) ප්ලේස් එකකට යන එක ගණං හිලවු වැඩේදි හිතන්නම ඕන දෙයක්.

    2. මේන්ටෙනන්ස්

    ExpensesOfGettingSet-aniwa-02-768x403.jpg

    ​

    බොන්න කලින් හිතන්න තවත් දෙයක් තියෙනවා. ඒ ඉන්න තැන ගැන වගේම යන එන වාහනේ ගැනත්. ඔයාගෙ ගෙදර ස්විච් එකක් අවුල් ගිහින්නම්, ඒ වෙනුවෙන් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට කතා කරලා ඒ වැඩේ කරවන්නෙ නැතුව බොන්න යන එකනං අවුලක්. කරුවලේ ගිහිල්ල ගෙදර අයට අනතුරක් වුනොත් ඔයාගේ බීමේ ආතල් කුඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඒ වැඩේ ඉවර කරලා ගෙදර ඉඳන්ම හීනි අඩිය ගහන එක. ගෙදර වැඩෙත් සිද්ධ වෙනවා. බජට් එකටත් හොඳයි.

    3. ටැක්සි

    ExpensesOfGettingSet-aniwa-03.gif

    ​

    අනිත් දේ තමයි බාර් එකකට යනවනං ගෙදර කිට්ටු තැනකට යන එක. ඒ දේ බීලා වැඩිවුනාම ලඟට ඇවිල්ල මනුස්සකමින් ආදරෙන් කතා කරන ටැක්සි අයියලාට ගෙවන ගාණ අඩු කරවන හේතුවක්. දාහක කලෙක්ෂන් එකක් දාලා බීලා පන්සීයක් ත්‍රීවීල් එකට පුදපු යාළුවො ඕන තරං ඇති. ඒවගේමයි ගෙදරට ලඟ තැනක නොබොනවානම් බස් එකේ ගෙදර යන්න පුළුවන් තරමට තමුන්ගේ පමණ දැන පානය කිරීම. නැත්තං බස්වල මිනිස්සුන්ටත් මළ වදේ.

    4. දරුවට

    ExpensesOfGettingSet-aniwa-04-768x403.jpg

    ​

    දරුවට ඉස්කෝලෙ වැඩකට ගේන්න කිවුව දෙයක් ගෙනියන්න අමතක වුනාද? සිතියම් පොතක්, කවකටු පෙට්ටියක්, සපත්තු දෙක කැඩිලානං අලුත් සපත්තු දෙකක් වගේ හැම දෙයක්ම එක දවසක සෙට් වීමක් පුද දීලා කරන්න පුළුවන් දේවල්. ඒ දේවල් කරලා දරුවගේ මූණෙ හිනාවක් දකින සන්තෝසෙ තාත්තෙකුට බ්ලූ ලේබල් බෝතලයක් ගහලවත් ගන්න බෑ කියන එකත් මතක තියාගන්න.

    5. අරමුණ

    ExpensesOfGettingSet-aniwa-05.gif

    ​

    ඔයා සෙට්වෙන්නෙ මිතුරු ඇසුරකට නොවන මොකක් හෝ ව්‍යාපාරික හමුවකටනම් ඒ අරමුණ සහ එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභවල වටිනාකම් මේ වෙනුවෙන් ඔබ වියදම් කරන ප්‍රමාණය සමග සසඳන්න. ඒ සැසඳීමත් එක්ක ගණං මිනුම් හිතට හරියනවනම් විතරක් ඒ දේ එක්ක සෙට් වෙන එකයි නුවණට හුරු.

    6. සෙට් කැලැන්ඩරේ

    ExpensesOfGettingSet-aniwa-06.gif

    ​

    කොහොමත් ඉතිං කන බොන කොල්ලෙකුට මාසෙකට සැළකිය යුතු වතාවක් සෙට්වෙන්න අවස්ථා එනවනේ. ඒ නිසා අන්න ඒ කැලැන්ඩරේ ගැන පොඩි කැල්කියුලේෂන් එකක් තියගන්න එකත් හොඳයි. ඒ ඒ සෙට්වීමට වියදම් වෙන ගණ, ඔය විදියට සෙට්වෙලා අසනීපයක් හැදෙන්න ආවොත් ඒ කට වියදම් වෙන ගණං පොඩ්ඩක් හිතුවොත් හොඳයි. එතකොට තව දවස් දෙකකින් සෙට් වෙන්න තියෙනව නම් අද තනියම දාන ෂොට් එක වලක්වගන්නත් ඒ දැනුම උදවුවක් වේවි.

    http://www.aniwa.lk/2016/11/18/161118-things-you-should-consider-before-going-to-bar/


    giphy.gif

    ​
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,620
    16,483
    113
    හැබැයි ගොඩක් මුලින් අය බිලා තමයි ඔවා හිතන්නේ :rofl:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සතියකට දවස් දෙක තුනක් තමයි බන් නොබි ඉන්නෙ කොළබින් යන්කල්ම ඉතින් මෙහෙම තමයි බජට් ගැනනම් කථාකරලා වැඩක් නැහැ කොච්චර ප්ලෑන් කලත් බොන්න ගියාම සේරම කුඩු