ගස් කඩා වැටී කතුන් ‌2ක් මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_fbda48794f.jpg



    මාරවිල පිලාකටුමුල්ල ප්‍රදේශයෙ මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටිමේන් යතුරු පැදියෙ ගමන් කරමින් සිටි දියණීය මරණයට පත්ව පියා බරපතල තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලිසිය කියයි.

    මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ නාත්තන්ඩිය උඩුවෙල පාර මැදගොඩ මුට්ටිබැදිවිල පදිංචිව සිටි යටවරගේ දොන් හංසි ඉෂාරා ලංකා නැමති 36 හැවිරිදි කාන්තාවක් බව කියයි.

    මරණයට පත්වු කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇයට එක්දරු මවක් වන බවද පොලිසිය කියයි.
    මේ අතර මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී වැස්සෙන් ආවරණය වීම සදහා ගසක් සිටි කාන්තාවක් එම ගස කඩා වැටීමෙන් මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසයි කියයි.

    අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය - උඩලවෙල පදිංචිව සිටි නිසංසලා සරෝජනී (අවු:38) නම්වූ එක්දරු මවකි.

    image_2d382a7358.gif
    image_224cd59eca.gif