ගස් වැවීම සහ ගස් කැපීම
කොලූවා වර වර ලගට කැදවා හිටවපන් මේ ගසයැයී කියා, හා හාපුරා කරාබුනැටි පැලයක් දුන්නේ බාලන්ශේදී, ප්‍රාතමිකේ ප්‍රින්සිපල් සර්. ප්‍රින්සිපල් සර්ව වර වර ලගට කැදවා මේ කරාබුනැටි පැලය දීලා තුබුනේ අධ්‍යාපන අමාත්‍යශය. අධ්‍යාපන අමාත්‍යාශයට මේ පැලය දීලා තුබුනේ, තුන්බියෙන් ජාතිය ගලවා ගත්තු ජේ.ආර් ජයවර්දන උන්දෑ. අම්මයී මමයී සිලි සිලි බෑග් එකක දමාගෙන මේ කරාබුනැටි පැලේ ගෙදර ගෙනවාට හිටවන්න බිමක් තිබුනේ නැහැ. කුලියට ඉන්න ගෙවල්වල කොහේ කියලා ගස් හිටවන්නද. ඒ මදිවාට හැම තැනම රූස්ස කොස් ගස්. දෙල් ගස්.එදා ඉදෙල, ඉස්කෝලෙ ගිහිල්ලා ඉවර වෙනකම් කොලූ අම්බානට ගස් හිටෙව්වා. හිටෙව්වා කීවාට හිටෙව්වාම නොවෙයී, ගස් හිටවීමට අලුතෙන් ඉඩ ලබා ගැනීම සදහා ඉස්කෝලෙ පිටිපස්සෙ තිබුනු පරන ගස් කපලා එහෙම කාරිය බිම සුද්ද කරා. ඊලගටනෙ උත්සව ශ්‍රීයෙන් ගස් හිටවන්නේ. හැම අවුරුද්දකටම හමාරක්, මොනයම් හෝ හෙතුවක් නිසා අලුතෙන් ගස් හිටවන්නෙ සෙට් වෙනවා. එතකොට ගිය මුරේ හිටවාපු ගස් ගලවා, වල් උදුරා, අලුතෙන් ආයීත් ගස් හිටවනවා. දවසක්ම පන්ති කට් කරන්න කියාපු වැඩේ. ගෙදරනම් අලුතෙන් ගස් හිටවන්න ලැබුනේ නැහැ. පර්චස් දහයේ මොන ගස්ද. වවුලෙක් දාපු ඇටයක් පැලවෙලා, පැලයක් උරහිස ලගට ලොකු වෙනකොට උඩහ ගෙදර විමලේ කෑ ගහනවා, ඒ ගහේ මුල් ගිහිල්ල තාප්පෙ පැලෙනවා කියාල.
වතාවක් කොලූ ඇමරිකාවෙ ගිය වෙලාවක, ඇමරිකාවෙත් ගස් හිටවන්න ඕනෑයැයී කියලා හිතිලා, එහේ පරිසරය සුරකීමේ ආයතනයකට සෙට් වුනා. සති අන්තේ උදෑසනින් අවදි වෙලා, ගස් හිටවීමට උදව් කරන්නයැයී කියලා ගියා යැයී කියමුකෝ. එතන උන්න දිගම රැවුල තිබුනු පරිසර හිතකාමි සුද්දා (පරිසර හිතාකාමියෙක් වෙන්නනම් දිග රැවුලක් තියෙන්න එපායෑ) . කොලූගේ අතට ලොකු කියතක් දීලා අහපි, “ගස් කපන්න උදව් කරන්න පුලුවන්ද?” කියලා.
අනේ හත්තලාමේ මොකද මේ යසේට තියෙන ගස් කපන්නේ, කියලා මම ඇහුවා.
බලාගෙන යනකොට මේ ගස් හිටවීමේ වියාපාරය හැත්තෑ ගනන් වල ඇමරිකාවේ පටන් ගත්තු එකක්. හරියට ඇමරිකාවේ ඇපල් මාමා, ඇපල් ගස් හිටවනකොට, අපේ කොස් මාමා ලංකාවේ කොස් හිටවනවා වාගේ, මේ ගස් හිටවීමේ රැල්ලත් ලංකාවට එන්න ඇති. හැබැයී ලංකාවේ වාගේ නොවෙයී, ඇමරිකාවේ මේ හිටවාපු ගස් ඇත්තටම පැල වෙලා. දැන් ලොකුයී. මේ අලුත් ගස්, වසර සියගනණක් පරණ ගස් වහගෙන වැවිලා. බිමට හිරු එලිය වැවීම අඩු වෙලා. අලුතෙන් ස්බාවිකව ගස් පැලවීම නැවතිලා. පරණ ගස් මැරෙන්න පටන් අරගෙන. කුරුල්ලන්ට කූඩු හදන්න පදුරු ගස් අඩු වෙලා. ස්බාවික තෘණ වර්ග වැවීම අඩු වෙලා. ඒ තෘණ වර්ග අශයේ වෙසෙනා සමණලුන් ඇතුලු කෘමියන් අඩු වෙලා. මුලු ස්බාවික ක්‍රියාදාමයම අවුල් වෙලා. ඒ නිසා පරණ ස්බාවික ගස් රැකගන්න, පසුකාලීනව උත්සශ්‍රීයෙන් හිටවාපු ගස් දැන් දිගට හරහට සති අන්තෙදි කපලා දානවා.