ගසේ_එල්ලූ_ළමුන්

World.Peace

Banned
Aug 10, 2014
69
8
0
ගසේ_එල්ලූ_ළමුන්

'ගසේ එල්ලූ ළමුන්: ලිංගික දුෂණය සැක සහිතයි'


140821174947_india_rape_tree_512x288_afp.jpg


පසුගිය මැයි මාසයේ දී ගසක එල්ලෙමින් තිබිය දී සොයා ගනු ලැබූ ගැහැණු ළමුන් දෙදෙනා ලිංගික දූෂණයකට ලක් වී නොමැති බව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පර්යේෂණාගාරයක සිදු කළ වෝහාරික පරීක්ෂණ වලින් තීන්දු වී තිබේ. නමුත් ඊට කලින් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලැබී තිබුණේ ඊට ප්‍රති විරුද්ධ තීන්දුවකි.උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුල පීඩිත ගැහැණු ළමුන් දෙදෙනා එළිමහන් වැසිකිළි පාවිච්චිය

සඳහා රාත්‍රී කාලයේ නිවෙසින් බැහැරව යාමෙන් පසු ආ ගිය අතක් නැති විය.


සමූහ දූෂණය

පසුදා ඔවුන්ගේ සිරුරු ගසක එල්ලී තිබිය දී සොයා ගත් අතර මූලික පරීක්ෂණ වලින් කියා පෑවේ ඔවුන් සමූහ දූෂණයට ලක් වී ඇති බවයි.මේ අපරාධයට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගත් අතර සැක කරුවන් ආරක්ෂා කල බව පවසමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටත් චෝදනා එල්ල විය.ඉදිරි දින කිහිපය තුළ දී සැක කරුවන්ට එරෙහිව චෝදනා ගොනු නොකරන්නේ නම් ඔවුන් මුදා හැරීමට නියමිත බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.අවුරුදු 14 සහ 15 වයසැති මේ ගැහැණු ළමුන් දෙදෙනාගේ මරණ ‘ගරුත්ව ඝාතන’ විය හැකි බවට පොලිසිය දැන් සැක පහළ කරයි.
 

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඉන්දියාවනේ...SIZE="2"]nothing to be shocked[/[/SIZE]SIZE]
     
    Last edited: