බුදුන් වදාළ ධර්මය වටහගන්න යන අතිබහුතරයක් හිරවෙන තැන තමයි, ශූන්‍යත්වය-නිවන සහ තමන්ගේ ඉන්ද්‍රියයන්ට ගෝචරවන භෞතික ලෝකය පිළිබඳ පටලැවිල්ල.
සතරමහාධාතුවෙන් විද්‍යාමාන වන ඉරහඳ, ගහකොළ සහ අනන්ත විශ්වය කියලා දෙයක් නැද්ද? ඔව් තියෙනවා!
කාටද? එහෙම හිතන-දකින-දැනෙන, එහිම ගිලී සිටින, විඤ්ඤානය විසින් හසුරුවන කෙනෙකුට. එහෙම නැත්තං සත්වයා කොහොමද ඇලෙන්නෙ? ආශ්වාද විඳින්නේ?
පෙර සංඛාර විපාකය අවිජ්ජා ආශ්‍රවවලට 31 තලයේ ඒ ඒ ස්වභාවයන් සහ ස්වරූපයන් විඤ්ඤානය තුළින් හමුවීම තමයි අපි බාහිර ලෝකය කියලා කියන්නේ.
ගිජුළිහිනියාට ජලය පෙනෙන්නේ ලේ වගෙයි. පාපය බලවත් කෙනාට හැම දෙයක්ම ගින්න සහ දැවීම විදිහටයි දැනෙන්නේ.
එතකොට රහතුන්ට? විඤ්ඤානයේ වහලෙක් නොවන රහතුන්ට ලෝකයක් නෑ. හැබැයි අපට "පේන" රහතුන්ගේ 'සතරමහාධාතු පිට පොත්ත' මේ සතරමහාධාතු ලෝකය පරිහරණය කරනවා. ඒක 'එයාගෙ' වැඩක් නෙවෙයි !
එහෙනං කොහොමද ලෝකය ශූන්‍යයි කියන්නේ? මෙන්න මෙතන තමයි පොත් දාහක් ලියලවත් තේරුම් කරන්න දුෂ්කර කාරණය. ඕක එකම උදාහරණයකින් විතරක් දක්වමු. සාමාන්‍යයෙන් සත්වයා හිතන්නේ තමන්ගේ මස් ඇසෙන් ලෝකයේ තියෙන රූප දකිනවා කියලා. නමුත් 'ඇස' කවදාවත් දකින්න බෑ. සතරමහාධාතුව, සතරමහාධාතු අඳුනන්නෙ නෑ. බාහිර රූපයට නමක් නෑ, හඳුනගන්න බෑ. මේ පැත්තෙ(අභ්‍යන්තර) පෙනීම පෙනෙන කෙනෙක් නෑ !
ඔය යථාර්ථය දකින කෙනෙකුට ලෝකය ශූන්‍යයි !
එයා ලෝකයේ දුකින් නිදහස්. සළායතන නිරෝධයි !
(පස්සතො නත්‍ථි කිඤ්චනං-දකින්නාට කිසිවක් නොවේ)
ධර්මය නුවනැතියන්ටයි කියන්නේ ඒකයි. ඉතිං මේක පටලවගන්න එපා. විඤ්ඤානය විතරක් ම පරිහරණය කරන අවිද්‍යා සහගත සත්වයාට භෞතිකයක් සහ ලෝකයක් තියෙනවා. එයාට එතනින් එහාට දකින්න, හිතන්න බෑ. අන්න ඒ නිසයි, මේසා දහදුක් විඳගෙන, විඤ්ඤානයෙන් ඔබ්බට ප්‍රඥා ආලෝකය විහිදුවා දකින්න පුළුවන් සම්මාසම්බුදු කෙනෙක් පහළ වෙලා, නිර්වාණගාමී ධර්මයක් සහ ප්‍රතිපදාවක් ලෝකයට කියා දෙන්නෙ.
Copied ~