ගානියා බැරිස්ටර් නාඩගම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගානියා බැරිස්ටර් නාඩගම

    දෙසතියක් පුරා රඟ දැක්වුණු ස්විට්සර්ලන්ත තානාපති නාඩගමට ගිය සතියේ තාවකාලික විරාමයක් ලැබුණේ එහි ප්‍රධාන නිළිය වූ ගානියා බැරිස්ටර් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙනි. ස්විට්සර්ලන්තය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් දක්වා දුරදිග යන්නට හේතු වූ කතාවේ මුල ඇගේ හිතළුවක් බව දැන් හෙළි වී ඇත්තේය. ඒ එම සිද්ධිය අරබයා කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විද්‍යාත්මක සාක්ෂි මගිනි. මෙම නාටකය ඇරඹෙන්නේ මෙරට ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිල්ලකිනි. ස්විස් තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා වූ රාහුල් ඉන්බැජ් මෙම සිද්ධියට අදාළව නොවැම්බර් 27 දා කළ පැමිණිල්ලේ සඳහන් වූයේ තම සේවිකාවක කුරුඳුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසල දී සුදු පැහැති මෝටර් රථයකින් පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ලිංගික හිංසනයට ලක් කර ඇති බවත්ය. දේශපාලන රැකවරණ පතා ස්විට්සර්ලන්තයට ගිය රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ගැන ප්‍රශ්න කරමින් ඇයගේ ජංගම දුරකථනය බලෙන් පරීක්ෂා කළ බවත්, එම පැමිණිල්ලට අදාළව කියැවිණි.

    මෙම පැමිණිල්ල මුල්කරගෙන ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු වන්නේ මිනිසුන් පැහැරගෙන යාමට යළිදු වරක් සුදු වෑන් එන බවට ප්‍රචාරය වූ කතාව නිසාය. එම චෝදනාවේ ඉලක්කය වූයේ නව රජයය. මෙහි අග මුල සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණද මෙම සිද්ධියට මුල් වූ බව කියන සේවිකාවගේ කිසිදු තොරතුරක් හෙළි නොකරන්නට ස්විස් රජය වග බලා ගත්තේය.

    පැමිණිල්ලට අදාළව සී.සී.ටී.වී. දර්ශන සොයා ගිය රහස් පොලිස් කණ්ඩායම්වලට මෙම සිදුවීම වූ බව කියන කාල පරාසය තුළ එවැන්නක් අනාවරණය කරගත නොහැකි විය. එහෙත් එම සේවිකාව කී හෝඩුවාවන් පසුපස රහස් පොලිසිය හඹා ගියේය. ඇය පවසා තිබුණේ තමා මෙම පැහැර ගැනීමට ලක් වූයේ තම දරුවා ඉගෙන ගන්නා පාසලේ ගුරුදෙගුරු රැස්වීමට ගිය මොහොතේ බවය. ඒ අනුව රහස් පොලිසිය එම තොරතුරු පරීක්ෂා කළේය .එදින ගුරු දෙගුරු රැස්වීමක් පැවැත් වී තිබුණේ දෙමාපියන් අට දෙනකුටය. එම රැස්වීම කැඳවූ ගුරුවරියට අදාළව එම දෙමාපියන් අටදෙනාගෙන් කිසිවකුත් තානාපති කාර්යාලයක සේවය නොකරන බවද තහවුරු විය. ඉන්පසු පාසලේ දැරියන්ගේ ලේඛනවලට අදාළව තානාපති කාර්යාල සේවයේ නිරත දෙමාපියන් කවුරුන්දැයි සොයා බැලීමේදී ගානියා බැරිස්ටර්ගේ නම මුල්වරට හෙළි විය. ඇය ස්විස් තානාපති කාර්යාලයේ සහායක සංක්‍රමණික නිලධාරිනිය බවද තහවුරු විය. එහි වූ ජංගම දුරකථන අංක ඔස්සේ මේ පිළිබඳ හෝඩුවාවන් රැසක් තහවුරු කරගැනුණේය. කන්‍යාරාමය අසලදී පැහැරගත් බව කියවුණද ඒ අවට සීසීටීවී කැමරා හයක දර්ශන පරීක්ෂා කළද එවැනි සිද්ධියක හෝඩුවාවක්වත් නොවීය.

    මෙම සිද්ධියට මුහුණ දුන් බව කියන කාන්තාවගේ ජංගම දුරකථනය ඔස්සේ ඇය සිද්ධිය වූ බව කියන නොවැම්බර් 25 දිනයේ සවස 3.15 ට ඌබර් ටැක්සියකට කතා කර ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වන්නේය. එම අංකවලට අදාළව ඌබර් ටැක්සි රියැදුරු හඳුනාගත් රහස් පොලිස් කණ්ඩායම ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. මුල් පැමිණිල්ලට අදාළව පරස්පර කාරණා රැසක් එහිදී තහවුරු විය. සුදු වාහන කතාවක් ගැන කීවද ඇය ගමන් ගත්තේ රතු පැහැති ඌබර් ටැක්සියකින් බව තහවුරු විය. පාසල අසලදී සුදු පැහැති වාහනයකින් පැහැර ගැනීමක් වූ බවට කළ ප්‍රකාශ මේ වන විටත් පරස්පර විය.

    ගානියා බැරිස්ටර් බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරු, දෙගුරු රැස්වීමට ගිය බව කීවත් ඇය බම්බලපිටිය, පැල්මයිරා නිවාස සංකීර්ණය අසලින් 3.36 ට බැසගත්තාය. කොළඹ 07, ඩී. එස්.සේනානායක මාවතේ ස්විස් තානාපති කාර්යාලයේ සිට විනාඩි විසි එකකින් ඇය බම්බලපිටිය පැල්මයිරා නිවාස සංකීර්ණය අසලට පැමිණි බව පරීක්ෂණවලදී හෙළි විය. නිවාස විස්සකින් යුත් පැල්මයිරා මහල් නිවාසයේ අංක 20,2/2 නිවසට ගොස් තිබේ. එහි සිටින්නේ බ්‍රිජට් කන්‍යාරාමයේ ගුරුවරියක වූ සෙල්වරාජාය. ඇය හමුවීමෙන් පසුව ගානියා සිය සැමියා වූ ප්‍රදීප් එල්මෝ වෙත සවස 4.58 ට දුරකථන ඇමතුමක් දී ඇති බව දුරකථන දත්ත පරීක්ෂණයේදී හෙළි වී තිබේ. වට්ස්අප් දුරකථන ඇමතුමක් දී සැමියා සමග කතා කරන ඇය එම නිවසින් පිට වන්නේ සවස 5.01 ටය.

    පැයකුත් විනාඩි විසිපහක් ගුරුවරියගේ නිවසේ සිටින ඇය ගුරුවරියත් සමග පහළට බැසවිත් ත්‍රිරෝද රථයක් නවතාගන්නට උත්සාහ දරා තිබෙන බව රහස් පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. එහිදී ත්‍රිරෝද රථයක් නවතාගත නොහැකි වූ නිසා ගල්කිස්ස දෙසට ඇවිද ගොස් කොළ පැහැති ත්‍රිරෝද රථයකට නැගගන්නා අයුරු සීසීටීවී කැමරාවල සටහන් වී ඇත. සවස 5.08 ට ඇය ත්‍රිරෝද රථයට නැගගත් අයුරු සටහන් වූ අතර විනාඩි තිහකින් තමන් පදිංචි මාලිගාකන්ද නිවාස සංකීර්ණය වෙත ඇය පැමිණ තිබුණාය. ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කරන ස්විස් නාටක නාඩගම පෙළගස්වන්නේ මින් පසුවය.

    ස්විස් තානාපති කාර්යාලය කළ පැමිණිල්ලට අදාළව රහස් පොලිසිය කළ විමර්ශනවලදී ඇයව පැහැරගත් බවට කිසිදු සාධකයක් නොවීය. මේ අනුව ඇයගෙන් ප්‍රකාශ සටහන් කිරීමට රහස් පොලිසියට කැඳවද්දී ස්විස් තානාපති කාර්යාලය කොන්දේසි පනවන්නට විය. ගානියාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නම් ඇයව නාරාහේන්පිට පෞද්ගලික රෝහලේදී එරට තානාපති, නීතිඥවරුන් දෙදෙනකු හා වෛද්‍යවරයකු ඉදිරියේ දී කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කළේ ය.

    එසේ වුවත් නීතිපති උපදෙස් මත ඊට අවසර නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කළේ ය. මේ සියලු කොන්දේසි ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළ පසු ගානියා බැරිස්ටර් ඉකුත් 08 දා ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරින් සමග රහස් පොලිසිය හමුවේ පෙනී සිටියාය. එදින පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට පැමිණවීමට තීරණය කෙරිණි. එහෙත් අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වෙත ඇයව ඉදිරිපත් කරන ලෙසටද කොන්දේසි ඉදිරිපත් කර තිබුණේය. පසුදින (09) ඇයව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් හමුවට හා අධිකරණ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද කටයුතු යෙදුණේය. යළිත් තුන්වැනි දිනටත් ඉකුත් 10 වැනිදා ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඇරඹෙන්නේ මුල් ප්‍රකාශ හා එකිනෙකට ප්‍රකාශ පරස්පර වෙද්දීය.

    තමන්ව නාඳුනන කණ්ඩායමේ ග්‍රහණයට ලක් වූයේ පැල්මයිරා නිවාස සංකීර්ණයේ වූ සෙල්වරාජා ගුරුවරියගේ නිවසේදී බව ඇය ප්‍රකාශ කරන්නට වූයේ රහස් පොලිසිය එකිනෙකට පරස්පරතා ගැන ප්‍රශ්න කරද්දීය. එසේ වූයේ ඇය එදින ගත කළ කාලය අනුව ඇය වෙනත් පාර්ශ්වයක් ග්‍රහණයට නතුවීමට ඉතිරිව ඇත්තේ විනාඩි හත අටක කාලයක් පමණක් ඉතිරිව තිබූ නිසාය. ගානියා සහ ඇගේ සැමියා වූ ප්‍රදීප් එල්මෝගෙන් ලබාගත් ප්‍රකාශද එකිනෙකට පරස්පර වූ අතර සෙල්වරාජා ගුරුවරිය දුන් ප්‍රකාශයත් ගානියාගේ ප්‍රකාශයට පරස්පර විය. ගානියා පැහැරගත් බව කියූ නොවැම්බර් 25 දා සිට දින තුනක් වෙනම ම සිම් කාඩ්පතක් භාවිත කරමින් දුරකථන ඇමතුම් ගෙන ඇති බවත් තහවුරු විය. තුන්වැනි වරට ප්‍රකාශ ලබාදුන් දෙසැම්බර් 10 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවේදී ගානියාගේ හැසිරීම වෙනස් විය. එදින ඇයව දෙවතාවක්ම ක්ලාන්ත වන ගති පෙන්වීම නිසා රහස් පොලිස් නිලධාරින්ට එහි පැමිණ සිටි ස්විස් තානාපති කාර්යාලයේ වෛද්‍යවරිය පැමිණ ඇයට කෑම බීම වර්ග දී තිබේ. ගානියා බැරිස්ටර් මෙතෙක් කළ සියලු රඟපෑම් අනාවරණය වීමෙන් පසු නාටකය එතැනින් අහවර කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් පැතීය. සාක්කිකරුවන්ගේ ප්‍රකාශ, දුරකථන විශ්ලේෂණ වාර්තා, සී.සී.ටී.වී දර්ශන ඇතුළු සියලු සාක්ෂි පදනම් කරගෙන හිතාමතාම ප්‍රබන්ධ කරන ලද අසත්‍ය ප්‍රකාශ මගින් සාපරාධී අපරාධ ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනාවට වහාම ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නේ නීතිඥ දප්පුල ද ලිවේරාය. මහෙස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී-23023/01/19 නඩු වාර්තාව මගින් ගානියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කෙරිණි.

    මේ අනුව ගානියා බැරිස්ටර් ඉකුත් 16 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ගැනීමට යළිත් පැමිණි මොහොතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. ඒ නීතිපති උපදෙස් මතය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබියදීත් ගානියා බැරිස්ටර් රැගෙන යන්නේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ ග්‍රහණයේමය.

    පළමු දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට ඉදිරිපත් කිරීමට යාමේදී ගානියා බැරිස්ටර් එය ප්‍රතික්ෂේප කර කාන්තා නිලධාරිනියක හමුවට ගෙනයන්නැයි ඉල්ලා සිටියයා. නමුදු මෙතෙක් කලක් මෙයටත් වඩා බරපතළ සිදුවීම්වලදීත් අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට කාන්තාවන් යොමු කළ වග මහෙස්ත්‍රාත්වරියද පෙන්වා දුන්නාය. පිරිමි නිලධාරියකු හමුවට යා නොහැකි බව කී ගානියාව අධිකරණයට ඉදිරිපත් කරන මොහොතේ ස්විස් තානාපති කාර්යාලයේ විදේශිකයකු විසින් තුරුළු කරගෙනම රැගෙන ගියේ කාගේත් කතාබහට ලක් වෙමින්ය. අත්අඩංගුවට ගත් මොහොතේ පටන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැගෙන යා යුතු වුවත් ඇයව අධිකරණය දක්වා රැගෙන ගියේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරින්ය. කෙසේ වුවත් සියලු සාක්ෂි හා වෛද්‍ය වාර්තා පදනම්ව මැයව කිසිදු ලිංගික හිංසනයකට භාජනය වී නොමැති බවත්, පැහැරගත් බවට කර ඇත්තේ ගෙතූ කතාවක් බවත් අධිකරණය හමුවේ අනාවරණය විය. ලබන 30 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ගානියා බැරිස්ටර් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තාවන් රඳවන වයි වාට්ටුවේ රඳවනු ලැබීය. වයි වාට්ටුවේ ඇය සමග සිටි සිරකාරියන් අතරේ තිබී ජංගම දුරකථන දෙකක්ද, සොයාගන්නේ ගානියා එහි සිට දුරකථන ඇමතුම් ගන්නා බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් හට ලද තොරතුරක් මතය. කෙසේ නමුදු මේ සියලු කාරණාවලින් පැහැදිලි වන්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මේ නාඩගම ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කර ලංකාවට අසත්‍ය චෝදනා නගන්නට බවය.

    තිස්ස රවීන්ද්‍ර පෙරේරාඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්
     
    • Like
    Reactions: Dr.Amdan and erozan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක අර ලැට් කටාගේ නාඩගමක් ..මේ ආණ්ඩුව ඌට බයයි වගේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න ලාල්කාන්ත කියනවා පැහැරගැනීමක් සිද්ධ වෙලා තියෙනවාලු

    දෑන් ඒ ගෑනීම සී අයි ඩී එකට කියලා තියෙනවා ස්කෝලේ ටීචගේ ගෙදරදි මේක වුනේ කියලා. ඒයාමයි ඒ ගෙදරට ගියේ කියලා. එතකොට ලාල් කාන්ත කියන පෑහෑර ගෑනීම කොහොමද වුනේ.. බුදු ලාල් අයියේ හිටපු ජනාදිපති වගේ පත්තරේ වත් කියවපන් රෙදි ගල්වා ගන්නේ නෑතිව
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1577027483802.jpg