ගාමණී අභය වෘත්තාන්ත
ගාමණී අභය වෘත්තාන්ත
ගාමණී අභය වෘත්තාන්තයේ නූතනයට පමණක් නොව සිංහල සමාජ දේශපාලනික තත්ත්වයන්ට ඇති සර්ව කාලීන අදාළත්වය "history repeats itself" යන ඉංග්‍රීසි කියමන අභිභවා යන්නේÊය. එදා මෙදා තුර, බලය පිණිස දේශීයව ස්ථානගතවී සිටි හෝ දකුණු ඉන්දියානු චෝල, ෙච්ර, පාන්ඩ්ය හෝ විජයනගර් රාජ්‍යයන්ගේ "පිහිට පැතූවන්" නිවහල් රුහුණේ ගොඩ නැගෙන සිංහල බලය පිළිබඳ එළාරට ගතු කියන්නට එන දීඝාභය නියෝජනය කරන්නේය.
ගාමණී අභයගේ විජයග්‍රහණය හුදු සිද්ධි මාත්‍රයක් පමණක්ද? එය නූතනයට නිකුත් කරන්නා වූ පණිවුඩය කුමක්ද? සටන සූත්රගත වන්නේ ගාමණී අභයගේ උපතටත් පෙර බව "මහරජ ගැමුණු" අපට කියයි. ගිලන්ව මරණ මංචකයේ වැදහොත් කුඩා සාමනේරයන් වහන්සේට සිය කුස පිළිසිඳ ගන්නා ලෙසට කෙරෙන වෙහෙර මහා දේවියගේ ඉල්ලීම වනාහී හුදු ඕලාරික පැතුමක් නොවේ. ඒ තුළ ගැබ්ව තුබුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයේ කපටි හීන්සැරයට එරෙහි සිංහල අරගලයේ කූටප්‍රාප්තිය පිළිබඳ දෘඪතර අධිෂ්ඨානය බව තේරුම් ගත යුතුය. "මහරජ ගැමුණු" සිංහල ජාතික විමුක්ති අරගලයට නිකුත් කරන පණිවුඩය වනාහී, ජාතික විමුක්තිය යනු හත් අට මසෙකින් ඵල නෙලාගත හැකි ක්aෂණික ආහාර පන්නයේ කටයුත්තක් නොවන බවයි.
ඡත්‍ර ප්රමුඛ එළාරගේ සෙබළ මුල, මහවැලියෙන් එතෙරව රුහුණට පලා යන සිවිල් වැසියන් සමූහයක් තොටියාද සමග විද මරනු ලබත්, උණු ලේ ගලායන මළ සිරුරු සමගින් ගඟ පහළට පාවී යන පාරුව, මහාවංශයේද නොසඳහන් එළාරගේ සිව් සාළිස් වසක පාලනයේ සැඟවුණු කෲරත්වය හඬගා කියනවාටත් වඩා, දෙගම්බඩ දෙපිරිසක් විසින් පාලනය කෙරෙද්දී අතරමං වන සිවිල් වැසියන් පිළිබඳ වූ සාන්දෘෂ්ටික සහකම්පනයක්ද, දේශපාලන ප්රශ්නාර්ථයක්ද ප්‍රේක්ෂකයා තුළ ජනිත කරයි. එය ඉතා ප්‍රබල සංකේතයක් බවද කිව යුතුය. ඒ සිද්ධි මාත්‍රයෙන් ගාමණි අභයගේ නෙතගට එන කඳුළ සංකේතවත් කරන්නේ ඔහු සාමාන්‍ය ජනතාවගේ දුක හා සැප හඳුනන අනාගත ජන නායකයකු බව විණා, මාළිගයක පස්කම් සැප විඳින්නට සූදානම් කුමාරයකු බව නොවේ.
සිංහල බෞද්ධ රාජ්‍යයක ස්වාධීනත්වය නොරුස්සන (වේළුපිල්ලේ පිරභාහරන් දක්වා වූ) කවර නම් ආක්රමණිකයකු වුවද, ජයසිරි මහ හාමුදුරුවන් දාඨා ධාතූන් වහන්සේ ආදී වූ සිංහල බෞද්ධයාගේ උත්තම වන්දනයට බඳුන් වූ වස්තූන්ට අත තබන්නට ක්‍රියා කළ බව මහරජ ගැමුණු කථාව තුළද විද්‍යමානය. එසේම දකුණේ ස්වාධීන සිංහල බෞද්ධ රාජ්‍යයෙන් යොදුන් සිය ගණනක් දුරස්ථව වුවද ඉන්දියානු ආක්‍රමණිකයාගේ අග නගරයේ වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් රැක ගැනීමේ වගකීම සාමාන්‍ය වැසියා පැහැර නොහැරිය බවද "මහරජ ගැමුණු" අපට කියයි. රුහුණේ චර පුරුෂ සේවයද, සංග්‍රාමික කණ්ඩායම්ද අනුරාධපුරයට සූක්ෂමව ඇතුළු වෙද්දී කැළඹෙන භට්ටාර ඇතුළුÊපිරිස කියන්නේ අපට පාලනය කළ නොහැකි පිරිසක් අනුරාධපුරයේ සිටින බවය.
මේ මහා අරගලය භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාරය පිළිබඳව සිදු කෙරෙන්නා වූ සියුම් විවරණය ද නූතනයට බෙහෙවින් අදාළය. අරගලයේ කාර්යභාරය හා භූමිකාවන් පිළිබඳ ගාමණි අභය හා තිස්ස කුමරුවන් තුළ ඇතිවන්නා වූ ව්‍යාකූලත්වයත්, සිදුවන්නට ගිය විනාශයත් මුළුමනින්ම සංසිඳුවීමට උන්වහන්සේලා විසින් දරණ ලද වෑයම, ජාතික බලවේග සමග ක්‍රියාකාරී වර්තමාන භික්ෂූන් වහන්සේලා කොන්දේසි විරහිතව අවබෝධ කොටගත යුතුව තිබේ. ඉදින් උන්වහන්සේලාගෙන් පිරිසක් ගාමණී අභය නිවැරදි බව හා සෙසු පිරිස තිස්ස නිවැරදි බව කියන්නට ගියා නම්, සිංහලයාගේ ඉරණම අදට වඩා වෙනස් වන්නට තිබුණි.
ගාමණී අභය තරුණ සිත වරෙක නොරිස්සුවද, තුන් කල් දක්නා කාවන්තිස්සයන්ගේ තැන්පත් විචක්ෂණය, ක්‍රමෝපායික ඉවසීම හා සටන සඳහා සිදුකරන න්‍යායික මගපෙන්වීම ජයග්‍රහණය සඳහා කෙතරම් කේන්ද්‍රීය ද යන්න නිර්මාණාත්මකව පැවසීමට අධ්යක්ෂවරයා දරා ඇති වෙහෙස අවබෝධ වන්නේ සියුම් පරිකල්පනයකට පමණි. යම් හෙයකින් ගාමණී අභය හා තිස්ස යුද වදින්නට තීරණය කළහොත් නුඹලා ඒ කිසිවකුගේත් පැත්තක් නොගත යුතු යෑයි තීක්ෂණ බුද්ධියකින් හෙබි කාවන්තිස්සයන් කළ නියෝගය සිය දෙටු පුත්රරත්නයේ සංග්‍රාමය පිණිස තමා ප්‍රවේශමෙන් පුහුණු කළා වූ දස මහ යෝධයින් පමණක් අමතා නිකුත් කළ ආඥවක් නොවන බවක් දැනේ. නූතන ථේරපුත්ථාභයලාට වේලුසුමනලාටද ඉතිහාසයේ නිකුත් වූ ඒ ආඥව ශ්‍රවණය විය යුත්තේ සිංහලයා භේදභින්න වන තීරණාත්මක අවස්ථාවන්හිදී වගකීමෙන් සිය ස්ථාවරය ස්ථානගත කරන්නටය.
සිංහල බෞද්ධයා හට ගාමණී අභය වීරයකු වුවද ඊට ප්‍රතිමත දරන පිරිස්, ගාමණී අභය ඉතිහාසයේ ජීවත්වීමද, ගාමණී අභය පිළිබඳ කරන කවර හෝ සුභවාදී ප්රතිජනනාත්මක විග්‍රහයන්ද නුරුස්සති. මේ තත්ත්වය කෙතරම් විවාදාපන්නද කියන්නේ නම් ගාමණි අභය වර්ගවාදයෙන් උමතු නොමිනිසකු ලෙස උලුප්පා දක්වන්නට ඇතැම් නිර්මාණකරුවන් පවා සාහසික වූ අවස්ථා අපි අත්වින්දෙමු. ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීමේ උත්සාහයන් තුළ පවා කරන්නට වෙර දැරුවේ, රාජාවලියේ ගාමණි අභය ඉවත් කිරීමට මිස, යටහත් රාජ ප්‍රතිරූපකයින්, රූකඩ රජුන් කළ පාලනය ඉතිහාස පොතෙන් කටුගාන්නට නොවේ. එහෙත් ජයන්ත, ගාමණි අභය නූතනයට කැඳවන්නේ හුදු රණකාමියකු ලෙස පමණක් නොවේá දාර්ශනිකයකු ලෙසයá ජාතික විමුක්තිකාමියකු ලෙසය. ඒ විවේචකයන් අනපේක්ෂිත ලෙස නිහඬ කරවමින් රාජ්‍ය පාලනය පිළිබඳ විචාර හෝ පර්යේෂණ සම්ප්‍රදායන්ට ගාමිණි අභය චින්තනය වස්තු විෂයය කරවමිනි. සිංහල ඉතිහාසයේ ගාමණී අභයගේ භාවිතාව බරපතල ආසාත්මිකතාවක් වී ඇත්තන්ගේ දැන ගැනීම ස`දහා ගාමණී අභය කෙබඳු මානව හිතවාදියෙකු දැයි සංවේදී මිනිසකුදැයි කියන්නට, තීරණාත්මක අවසන් ද්වන්ධ සටනින් පැරදී ඇද වැටෙන එළාර වත්කම් කරගන්නා ගාමණි අභයගේ මෘදු එහෙත් සාරගර්භ වදන් අධ්යක්ෂවරයා උපයෝගී කරගනී. "මට කිසිදා ශ්‍රේෂ්ඨ මිතුරකු මුණ ගැසී නැහැ. නමුත් මට ශ්‍රේෂ්ඨ සතුරකු මුණ ගැසී තිබෙනවා" යෑයි එළාර ද සපථ කරන්නේ ඒ උදාරත්වයමය. එනයින් බැලු කල ඉතිහාසය තුළ විවිධ විචාරයන්ට හා විවේචනයන්ට ලක්වූ ගාමණී අභය නම් වූ ශ්‍රේෂ්ඨ සිංහලයාට ජයන්ත විසින් ඉෂ්ට කර ඇති සාධාරණය සුළුපටු නොවේ.
අති දැවැන්ත ජාතික විමුක්ති අරගලයක ජය කොන්තය දරන්නා වූ ගාමණි අභය බිහි කිරීමෙහි සිට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සටන සූත්රගත කිරීමේ ප්‍රධාන භූමිකාවක නිරත විහාර මහා දේවියගේ පටන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ කපා හෙළන්නට එන සතුරන්ට එරෙහිව සටන් කරන්නා වූ තරුණ කාන්තාවක දක්වා වූ පරාසය තුළ ව්‍යවහාර වර්ෂ ක්‍රිස්තු පූර්ව 161-137 වැනි වකවානුවකදී වුවද සිංහල කාන්තාව සතුවූ සමාජ තත්ත්වය පිළිබඳ ප්‍රමාණවත් හෙළිදරව් කිරීමකද අධ්යක්ෂවරයා නිරත වෙයි. තුන් සිංහලමය එක්සේසත් කරන රාජාංකුරය වූ හිද්දලයාට රන්මැණිකේත් කුඩා සාලියත් කොත්මලේ දමා යැම කළ නොහැක්කක් නොවේ. එහෙත් හිද්දලයා පළමුව සිංහල පිරිමිකමද දෙවනුව රජකු විසින් සිය යටත් වැසියන් අභිමුවෙහි පලට කළ යුතු වගවීමද පෙන්වන්නේ රන් මැණිකේත් කුඩා සාලියත් සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමෙනි. නූතන කාන්තා විමුක්ති ව්‍යාපාර සඳහා බටහිර ආදර්ශ ආකෘති ආනයනය කරන අපේ කාලයේ ක්රියාකාරිණියන් වෙත එයින් නිකුත් කෙරෙන පණිවුඩය අපි අගය කරමු.
සුඛාන්ත, දුක්ඛාන්ත, සටන්, යුද, හිංසන, දාමරික, වීරකාව්‍ය, වික්‍රම, හාසොHdත්පාදක, වාර්තා, බටහිර ආදීවූ (තවත් බොහෝ ප්‍රවර්ග හෝ උප ප්‍රවර්ග ඔස්සේ බෙදිය හැකි) සිනමා රීතීන් සඳහා පදනම් වන්නේ සිනමා කෘතියට පාදක වන ආඛ්‍යානයේ මූලිකාංගයි. ඒ ඔස්සේ මේ දැවැන්ත කෘතිය ඇතැම් තන්හී ඓතිහාසික ප්‍රබන්ධයක් (යසිඑදරසජ්ක සෙජඑසදබ) ලෙස විවරණය කර තිබෙනු අප දුටු නමුත් එය සදොස්ය. වරෙක හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් කීවේ උපන් දරුවන්ට වේලා පත්කඩ ලියනවා විනා, අම්මලා දරුවන් වදන්නේ සැකසු වේලා පත්කඩවලට නොවේ" කියා ය. රීතිය හෝ විචාරය නිර්මාණය මත වෙනස් විය යුතු විනා, රීතිය හෝ විචාරය මත නිර්මාණය බිහිවීම සිදු නොවිය යුතුය. සිංහලයේ මහා විමුක්ති අරගලය හා ජයන්ත චන්ද්‍රසිරි, ගුණපාල රත්නසේකර යුග්මයේ සුසංයෝගයෙන් සිදුවී ඇති එහි ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්‍රතිනිර්මාණය වනාහී නව රීතියක්, නව විචාර සම්ප්රදායක් ජනනය කළ යුතු, කළ හැකි දැවැන්ත සිනමා කෘතියකි. එහෙයින් සිදුවිය යුත්තේ පවතින විචාර කෝදු හා ප්‍රතිමාන ඔස්සේ මහරජ ගැමුණු මිණීම නොව එය මැනීමට නව කෝදුවක් සැකසීමය.
අසූව දශකයේ සමස්ත භාරතයම ආධ්‍යාත්මිකවද, දේශපාලනිකවද ප්‍රබෝධමත් කළා වූ රාමායන දෘෂ්‍ය කාව්‍යයේ ටෙලි මැවුම්කරු වූ රාමානන්ද සාගර් භාරතය පුරා ප්‍රචලිත තුල්සි දාස්, කම්හර් වාල්මීකී ඇතුළු සම්භාව්‍ය කවීන් දහ අට දෙනෙකු විසින් ගෙත්තම් කළ රාමායන කාව්‍යයන්ද, සෙසු ජනශ්රැති ගත විශ්වාස හා ජන නාට්‍යයන්ද අධ්‍යයනය කොට එක් මහා වීර කාව්‍යයක් ගොතා ගත්තේය. ඔහු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට නගන්නේ එයයි. 2009 ඇරඹූ මහරජ ගැමුණු ප්රතිනිෂ්පාදන දැවැන්ත කාර්යයේ පළමු පිම්ම වූ ජයන්ත චන්ද්‍රසිරි විසින් මහාවංශයේද ථූපවංශයේද සෙසු ඉතිහාස ග්රන්ථවලද, ජන විඥනයේද ජීවත් වූ මහරජ ගැමුණු එක් කෘතියකට එකතු කිරීම සාගර්ගේ ඉහත කී දැවැන්ත කාර්යයට නොදෙවැනි බව මගේ වැටහීමයි. එය පර්යේෂණාත්මක හා තාර්කික කටයුත්තකි. ඒ සඳහා ජයන්ත මූලාශ්‍ර රාශියක් සමග අන්තර් ක්‍රියා කොට ඇත්තේය. ඒ පියවර සඳහා වියදම් වූ රුපියල් සත ප්‍රමාණය අනල්ප වූවා විය හැක. එහෙත් අධ්යක්ෂවරයාට පෙර එතැන සිටි ජයන්ත චන්ද්‍රසිරි නම් දේශප්‍රේමි ඉතිහාස ගවේෂකයාගේ චින්තනමය ආයෝජනය හා ප්‍රතිභාව අමූල්‍ය ය.
"මහරජ ගැමුණු" පන්නයේ වීරකාව්‍යයන්ගේ නිෂ්පාදනය අපේක්ෂාවෙන් සිටි අය කළ යුතු වන්නේ එහි අඩුපාඩු උලුප්පා දක්වනවාට වඩා එය වැළඳ ගනිමින් භාවිත කිරීමය, එය කේන්ද්‍ර කරගත් සමාජ කතිකාවකට මුල පිරීමය.
ජාතිමාමකත්වයෙන් පොපියන තරුණ ගාමණී අභය කොත්මලේ පැමිණීම හා මඩ මිරිකා වී ගන්නා හෙළ කර්මාන්තය පසුබිමෙහි පීදී කිරිවැදී සුවඳ හමන "හිද්දලයාගේත්" රන් මැණිකේගේත් ආදර අන්දරය, සිහිවිකල් විපරිත, නූතන, තාරුණ්‍යය කෙතට කැඳවයි. බතට පෙර බැත ගැන කියාදෙයි. තවත් තැනකදී ජාතික විමුක්තිය පිළිබඳව තරමක් පෘථුල කියෑවීම සහිත චින්තනයන් සංකල්පීය සංස්ලේෂණයන් සඳහා පොළඹවයි. හුදෙක් ඉතිහාස කථාවක් කියෑවීමෙන් පමණක් ඒ පෙළඹවීම නොසිදුවන්නේය. ලි�තව හා ජනවහරේ මුසුව ඇති එමෙන්ම කලාතුරෙකින් අයෙකුගේ ගැඹුරු විචක්ෂණයන්ට දැනෙන ඉතිහාසයේ ප්රකාශනයන් ශ්‍රව්‍ය දෘෂ්‍ය ප්රතිනිර්මාණයෙන්ම පමණක් ඒ පෙළඹවීම් තීව්ර වේ. අප ජයන්තට සුභ පැතිය යුත්තේ මහාවංශයේ ලියෑවී සිටි හා සිංහල බෞද්ධ ජන විඥනයේ තැන්පත්ව සිටි ගාමණී අභය නම් ඒ අසහාය සිංහලයාගේ ප්‍රතිරූපයට පණ දෙන්නට ඔහු දරා ඇති වෑයම ප්‍රශස්ථ නිසාය. මේ ඔබේම කථාවයි. ඔබ අවශ්‍යයෙන්ම එය නැරඹිය යුතු වන්නේ එහෙයිනි ·
දිවයින
චමිල ලියනගේ
හයිද්‍රdබාද් විශ්වවිද්‍යාලය, ඉන්දියාව