ගායිකාවක්ද ස්වර්ණ හංසියක්ද මේ!
ගායිකාවක්ද ස්වර්ණ හංසියක්ද මේ!
මියයමින් තිබූ ළදරු හදවත්වලට යළි ජීවය දුන් ඒ මිහිරි සංගීත නාදය 'පලාක් මුචාල්'
මගේ ළමාවියට වඩා මට දරුවන්ගේ ජීවිත වැදගත් වුණා....
බොහෝ ගායක ගායිකාවන් තම කුසලතාවයන් හා හැකියාවන් තමා ඉහළට ගෙන ආ දහසක් ශ්‍රාවකයන් ගැන සිතා කිසිසේත් නොමිලේ ලබා දෙන්නේ නැහැ.
මුලදී මුදල් ගැන නොතකා ප්‍රසංග වේදිකා ගානේ ගියත් කිසියම් තැනක් ලබාගත් පසු තම ගායනයන් සඳහා ඔවුන් මිලක් නියම කරනවා. එම මිලට සතයක් හෝ අඩුවෙන් වේදිකාවකට ගොඩ වෙන්නේ නැහැ. ඔවුන් එතැන දී තමාට ඉණිමග තැබූ ශ්‍රාවකයන් ගැන තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ.
මුදල් මතම තම දිව්‍යමය හැකියාව උකස් තබන ඔවුන් අධි මානයකින් ද පෙළෙන බවයි බොහෝ රසිකයන් කියා සිටින්නේ. මුදල් මේනියාවට කෙතරම් තදින් ගොදුරු වී ඇත්දැයි කිවහොත් තම ජීවිතය පවා හිලව් කරමින් මහ රෑ කඳු පල්ලම් ගහණ මාවත් දිගේ ගොස් බරපතළ අනතුරුවලට මුහුණ පාන පුවත් ද වාර්තා වෙනවා.
එහෙත් මේ තත්ත්වයට සහමුලින්ම වෙනස් වඩාත්ම ජනතා හිතකාමී අරමුණු ඇතිව ගී ගායනනයෙහි යෙදෙන ගායිකාවන්ද නැතුවා නොවෙයි. අද ඔබ කියවන්නට යන්නේ එවැනි ගායිකාවක් ගැනයි.
ඇගේ නම පලාක් මුචාල්. ඉපදී ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර නගරයේ. ඒ 1992 මාර්තු 30 වැනිදා. ඇය මහේස්වරී මාර්වාරි පවුලකට අයත්a දැරියක්. පියා රා-කුමාර් පෞද්ගලික ආයතනයක වැඩ කරනවා. මව අමිතා. ඇගේ මව තමයි ඉස්සෙල්ලාම පලාක් සිව් හැවිරිදි වියේ සිටියදී ඇගේ ගායන හැකියාව ගැන දැනගත්තේ. දෙවියන් උපතේදීම පලාක්ට දී ඇත්තේ ලොව සුවපත් කරවන රිදී සීනු නද පරයන මිහිරි කටහඬක්.
ඇගේ මව පලාක් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය ඉගෙන ගැනීමට යොමු කිරීමෙන් ඇගේ මේ දැවැන්ත ගායන සං�වනිය ඇරඹෙනවා. මුලින් ම කල්යානිජි ආනන්දිජිගේ යොවුන් තරු කණඩායමට ඇය ඇතුළු වෙනවා.
ඒ මිහිරි ගී නාදය භාවිතා කොට ජනතාවගේ යහපතට පලාක් කටයුතු කරන්නට පටන් ගත්තේ සත් අවුරුදු වියේදී. මුලින්ම ඉදිරියට ආවේ යුද්ධයක්. 1999 දී පකිසථානය හා කාශ්මීරය අතර හටගත් දේශසීමා කාජිල් (Kargil War) යුද්ධයෙන් දෙරටේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් මරුමුවට පත්වුණා. පලාක් මෙහිදී ඉදිරිපත් වී සතියක් පුරා සංගිත සංදර්ශන පවත්වමින් ඉන්දියානු රුපියල් 25000 ක් උපයා ඒවා අනාථ වූ සොල්දාදුවන්ගේ පවුල්වලට බෙදා දෙනවා.
ඊළගට ආවේ කුණාටුවක්. 1999 දී උතුරු ඉන්දියාව හරහා හැමූ ඔඩීසා සුළි සුළග මිලියනයක් පමණ නිවාස විනාශ කර දැමුවා. ජනතාවද මරුමුවට පත්වුණා. පලාක් සංගීත රැලි පවත්වමින් මුදල් ඉපයීම ඇරඹුවා. ඇගේ උතුම් අරමුණු වටහා ගත් ධනවතුන් ටිකට් පත්වලට එහි වටිනාකමට වඩා වැඩි මුදලක් ගෙවීමෙන් මිලයට ගත්තා. ඇගේ ප්‍රසංගවලට දස දහස් ගණනින්a සෙනග ඇදී ආවේ ඇගේ ජනතා සේවය සඳහ කැපවුණු අවංක බව අවබෝධ කරගත් නිසයි. මාධ්‍ය මේ පිළිබඳව තොරතුරු දැක්වීමෙන් පසුව ඇගේ ජනප්‍රියතාවය දිනන් දින ඉහළ යන්නට වුණා. ඒ මිහිරි ගීත නාදය යහපත්බව හා මුසු වී දෝංකාර දෙමින් ලෝ පුරා විසිරී යන්නට වුණා.
දිගින් දිගටම මේ ස්වර්ණමය කටහඬ හඬක් නැතිව සිටි දිළිඳු රෝගී දරුදැරියන්ගේ හඬක් බවට පත් වුණා.
දිනක් ඉතා දුප්පත් දරුවන් කීප දෙනෙකු මුදල් උපයා ගැනීමට තම ඇඳුම් භාවිතා කරමින් දුම්රිය මැදිරි පිරිසුදු කරනු පලාක්ට දකින්නට ලැබුණා. ඔවුන්ට උදවු කිරීමට ඇය එවේලේම අධිෂ්ඨාන කර ගත්තා. එයට අවස්ථාව උදාවුණේ ඉන්දෝර්හි Nidhi Viíy Mandir පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුණු ආයාචනයක් නිසයි. එම පාසලේ සිටියා හදවත් රෝගී දරුවෙක්. ඔහු ලෝකේෂ්. ඔහුගේ පියා ඉතා කුඩා ප්‍රමාණයේ පාවහන් වෙළෙන්දෙක්. දරුවාගේ රෝගයට අවශ්‍ය වූ සැත්කම කරන්නට මුදල් නැතිකමින් ඔහු පසුතැවිලි වෙමින් සිටියේ. 2000 වසරේ දී පලාක් මේ ඉල්ලලීම පිළිගෙන ඒ සඳහා සංගීත ප්‍රසංග කීපයක් පවත්වා ඉන්දියා රු. 51000 ක් උපයා ඒ සැත්කම කරන්න ලබා දුන්නා. පලාක් මේ සංගීත ප්‍රසංග පැවත්වීමට උපයෝගී කර ගත්තේ පදික වේදිකාවේ පලතුරු වෙළෙන්දෙකුගේ කරත්තයක්.
ඇගේ මේ දයාබර සත්කාරය වටහා ගත් බැංගලෝර් රෝහලේ හෘදරෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය දේවි ප්‍රසාද් සෙට්ටි නොමිලයේම ලොකේෂ් ගේ සැත්කම කරන්නට ඉදිරිපත් වුණා. මෙම සැත්කම පිළිබඳව පුවත්පත්වලින් ප්‍රකාශයට පත්වීමත් සමග තවත් දරුවන් 33 දෙනෙක් හදවත් සැත්කම් සඳහා ඉදිරිපත් වුණා.
2000 වසර අවසානයේදී තවත් ප්‍රසංග රාශියක් පැවැත්වූ පලාක් ඉන්දියා රු 2,25,000 ක මුදලක් උපයා ගත්තා. ඉන් ඉන්දෝර් රෝහලේ දී තවත් දරුවන් 5 දෙනෙකුගේ හදවත් සැත්කම් කිරීමට ඇය එම මුදල යෙදෙව්වා. මෙහදී පලාක්ට තවත් උදව්වක් ලැබුණා. තමා උපයන සෑම රුපියලකින්ම දරුවන්ගේ නිරෝගී සුවය සඳහා වියදම් කරන බව දැනගත් චොයින්රාම් රෝහල රු. 80,000 ක් වියදම් වන සැත්කමක් සඳහා ඉන් අඩක් වන රු40,000 කට කර දීමට ඉදිරිපත් වීමයි ඒ.
එහි හෘද රෝග විශේෂඥ ධීරා- ගාන්ධි තම සැත්කම් වෙද්‍ය ගාස්තු අය කිරීම නවතා දැමුවේ පලාක්ගේ උදාර වැඩසටහනට ප්රණාම දැක්වීමක් ලෙසින්.
අනතුරුව ජාත්‍යන්තරයටද ඇය නැතුව බැරි සාධකයක් වුණා. ඇය තම ව්‍යාපාරය දිල් සේ දිලි තක් From heart to heart නමින් දියත් කළා. ඇය එක් ප්‍රසංගයක් සඳහා ගීත 40 ක් ගායනා කළා. එමෙන්ම විවිධ භාෂා 17 කින් ඇය ගී ගායනයෙහි යෙදීම තවත් විශේෂ දෙයක් වුණා. හින්දි, ගුජරාටි, ඔරියා, ඇසෑම්, රාජස්ථානි, බෙංගාලි, බෝජපූරි, පන්ජාබ්, මරාති, කන්නඩ, තෙලිගු, දෙමළ හා මලයාලම් ඒ භාෂා අතර වෙනවා. ඇය තම හදවත් සැත්කම් කිරීමේ පදනම Plak Muchhal Foundation යනුවෙන් නම් කළා.
ඇය 2001 දී ගුජාරාටියේදී ඇති වූ බිහිසුණු භූමිකම්පාවෙන් විපතට පත්වූවන් සඳහා ඉන්දියානු රුපියල් මිලියනයක් එකතු කොට ප්රදානය කළා. 2003 දී විශේෂ ප්‍රදානයක් කිරීමට ඇයට ඉඩ ප්රස්ථා ලැබුණා. ඒ හදවතේ සිදුරක් සහිත දෑවුරුදු කුඩා පකිස්ථානු දැරියකට පිහිට වී ඇගේ ජීවිතය බේරා දීමයි. මෙය ඇය සමස්ත පකිස්ථාන ජනතාවගේ ගෞරවයටත් ආදරයටත් පාත්රවීමට හේතු වුණා.
මේ අතර ඇය ඉපයූ මුදල්වලින් ඇ. ඩො. 1,90,000 ක් යොදවා දරුවන් 234 දෙනකුගේ හදවත සැත්කම් කරවීමට ඇය දායක වී තිබෙනවා. 2009 වන විට ඇය ලොව පුරා සංගීත ප්‍රසංග 1410 ක් පමණ පවත්වා තවත් දරුවන් 338 දෙනෙකු මාරායාගෙන් ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
වෛද්‍යවරු ඇයට කොතරම් ගරු කළාද යත් කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොලැබෙන ශල්‍යාගාරයට ඇතුළු වී සැත්කම් නැරඹීමට පවා ඇයට ඉඩ ලබා දී තිබෙනවා. ඇය එහිදී භගවත් ගීතාව ගායනා කර තිබෙනවා.
චිත්‍රපට පසුබිම් ගායනයටද තෝරා ගනු ලැබූ පලාක් ප්‍රේම රතන් ධාන් පායෝ චිත්‍රපටයට ඇය ගැයූ ගීතය 2015 දී සිනෙ සම්මාන උළෙලේදී හොඳම ගීතය ලෙසට තේරුණා.
නාගපූර්හි ගණිකාවන් ලෙස සිටි බාලවයස්කාර දැරියන් 39 දෙනෙකු එයින් මුදවා ඔවුන් සඳහා තම පෞද්ගලික ධනයෙන් නේවාසිකාගාරයක් ඉදිකොට ඔවුන්ට අධ්‍යාපනය ලබා දී එම දැරියන් සමාජගත කිරීමට පලාක් ක්‍රියාකර තිබෙනවා.
ළමා හදවත් සුවපත් කිරීමේ මහගු මෙහෙවරට උපහාර වශයෙන් ඇය ගිනස් වාර්තා පොතට ඇතුළු වීමට වරම් ලැබීමට තරම් ඇය වාසනාවන්ත වුණා. අමෙරිකාවේ වොෂින්ටන් නුවර වාසින් ඇය අමරිකාවට ගෙන්වා සංගිත ප්‍රසංග පවත්වා ඇයට විශාල මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
මේ කටයුතු නිසා පලාක්ගේ ළමා විය අහිමි වූ බව ඇසු මාධ්‍යවේදීන්ට ඇය දී ඇත්තේද අපූරු පිළිතුරක්. "මට මගේ ළමාවිය මගහැරී ගියා. ඒත් මිතුරන් සමග එක්වී සෙල්ලම් කරනවාට වඩා දුප්පත් අසරණ දරුවන්ගේ ජීවිත මට වැදගත් වුණා" මේ නම් ගායිකාවක ගෙන් අපේක්ෂා කළ නොහැකි අන්දමේ අපූරු ප්‍රකාශයක් නොවේද?
පලාක්ගේ අගය දැක්වෙන ඇගේ ගුරුවරයා වූ පණ්ඩිත් මිශ්රාගේ ප්‍රකාශයෙන් මේ සටහන අවසන් කිරීමට වඩාත් උචිත යයි සිතුණා. එය මෙසේය.
ඇයට ඇත්තේ අති විශිෂ්ට ප්‍රතිභාවක්. ලොව ප්‍රකට ගායිකාවක් වුණත් ඇය මුල අමතක කර නැහැ. පලාක් තම මධුර කටහඬින් ඉපයූ සැම සතයක්ම වියදම් කළේ දරුවන්ගේ හදවත් සුවපත් කිරීමටයි. මා එය හොඳින් දන්නා නිසා මට ඇය ගැන ඇත්තේ ලොකු ආඩම්බරයක්" අපේ රටේ සංගීත ක්ෂේත්රයේ වැජඹෙන්නන්ටද පලාක් කදිම පාඩමක් කියා දෙන බවයි පෙනී යන්නේ. පලාක් වගේම අපේ ගායක ගායිකාවනුත් මුදලටම කොටු නොවී වඩාත් සාධනීය සමාජ අරමුණුවලට සිත් යොමු කරන්නේ නම් මොනතරම් අගේද·
Ö ලීලානන්ද වික්‍රමසිංහ