ගාල්තැන්නේ_කපුවා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගාල්තැන්නේ_කපුවා

    රජයත් මට උදවු කරනවා – ගාල්තැන්නේ කපුවා


    SWARNAWAHINI-GOSSIP9.jpg




    ඉරිදා ලංකා පුවත්පතේ පලවූ ‘එකසිය අටක් මැරූ දේව පුත‍්‍රයාගේ වැඩකිඩ’ හා ‘කාලි අම්මාට නොපෙනන ගල්තැන්නේ දුෂණ හෙළිදරව්ව’ යන ලිපි දෙකකින් තමාගේ කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ පන්සිය දහයක් වන්දි වශයෙන් අයකර දෙන ලෙස ඉල්ලා මහනුවර ගල්තැන්න භද්‍රකාලි දේවාලයේ කපු මහතා විසින් නුගේගොඩ දිසා අධිකරණයේ නඩු පවා තිබේ.

    නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට සිතාසි නිකුත් කරන ලෙස නුගේගොඩ දිසා විනිසුරු නාමල් බලල්ල මහතා නියම කෙළේය.

    මහනුවර ගල්තැන්න භද්‍රකාලි දේවාලයේ කපුමහතා වන ජයම්පති ආරච්චිලාගේ ගාමිණි ආනන්ද මහතා මේ සිද්ධියේ පැමිණිලිකරු වන අතර මෙහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ නුගේගොඩ සීමා සහිත ලංකා පාස්ට් පබ්ලිකේෂන් පෞද්ගලික සමාගම හා ඉරිදා ලංකා පුවත් පත‍්‍රයේ ප‍්‍රධාන කර්තෘ වන සමන් සිරිනාත මහතාය.

    පැමිණිලිකාර කපුමහතා මහනුවර ගල්තැන්න උඩුවෙල භද්‍රකාලි දේවාලයේ කපුමහතා ලෙස 1994 වසරේ සිට කටයුතු කරන බවත් ඒ සඳහා රජයේ පාර්ශවයෙන්ද තමන්ට උදවු උපකාර ලබාදෙන බවත් ඔහු සිය පැමිණිල්ලෙන් දන්වා සිටියි.
     

    Similar threads