ගාල්ල ගැන සදහන් සාහිත්‍යය ග්‍රන්ථ

library

Member
Oct 24, 2008
284
12
0
Galle, Sri Lanka
ගාල්ල ගැන සදහන් සාහිත්‍යය ග්‍රන්ථ

ගාල්ල ගැන සදහන් සාහිත්‍යය ග්‍රන්ථ

ගාලු නාමය ගමිපොළ යුගයේ සිට ම, සාහිත්‍යය ග්‍රන්ථ වල දක්නට ලැබේ. ගාල්ල විදේශිකයන් අතට පත්වීමට පෙර සිටම ගාල්ල යන නාමය භාවිතයට පත්වී ඇත. මයුර -තිසර - පරවි - කෝකිල යන සන්දේශ වල ගාල්ල යන නාමය සදහන් ‍වේ.

ගාල්ලේ ස්ත්‍රීන්ගේ රූප ශෝභාව ද සකල ලෝකයේ ම අන්තැනෙක දැකිය නොහැකිය’යි මයුර සන්දේශය මහත් අභිරුචියෙන් දක්වා ඇත. ගාල්ලේ යුවතියන් බාල කාලයේ සිටම කාව්යි හා නාටක පුරුදු වූවෝ වෙති. හොචිලි (ඔංචිලි) පදිමින් ඊට සුදුසු වාරම් ගයති, ගී කියති. එ බැවින් නොපැකිලිව ගාලු පු‍රේ සිරි නරඹන ලෙසට මොනරාට ඇරයුම් ලැබේ.

(81) බාල්ලේ පුරුදු කවි නලු සියල්ලේ
ඊල්ලේ වදන් දුන් ළදුනු දුල්ලේ
නෑල්ලේ කොතැනෙකැත් ලොව මුලුල්ලේ
ගාල්ලේ සිරි දකු නොවැ පැකිල්ලේ

ගාල්ලේ ස්ත්‍රීන්ගේ රූපශ්‍රීය විනා වෙනත් යමක් මයුර සන්දේශ කවියා හෙළි නොකෙළේය.

තිසර සන්දේශය - ගාල්ලේ කල් ගතනොකරන ලෙස දූතයාට අණ දෙන්නේ, කාන්තාවන්ට ලෝභයෙන් සල්ලාල ජනයා වීථී පුරා විසිරී සිටි බැවිනි.

(55) අසුව පිය බදුන් පිය රැවු ඇකිල්ලේ
පැයද යා නොහී මහ වේ පුලුල්ලේ
සිටිය සළෙලු මුලු රති කෙළිය ලොල්ලේ
බලනුව ඔවුන් කල් නොයවන් ගාල්ලේ

රතී ක්‍රීඩාවට ආශාවෙන් මහා මාර්ගය පුරා සිටින සල්ලාල සමූහයා බලනු පිණිස ගාල්ලේ නොරැදෙන ලෙස දූතයාට අණ ලැබේ. වෙළද සැල්වල උඩුතල පිට සිටින තරුණ වෙළෙන්දන් බඩු මිළ ගැන නිරන්තරයෙන් කෙරෙන, කෑ මොර ගැසීම් නිසා එහි නොරැදෙන ලෙස දූතයාට අණ ලැබේ.

(56) රදනා මනා මගවේ සල්පිලුඹුව ල
නොමවන බොළද වෙළදගනන්ගෙ තුඩුවල
ඇනිසේ නම කරන කොළහලය බවු මිල
රැදුමට සිතක් ඉන් නොසිතන්න උඩු තල

ගම්පොළ යුගය වන විට ද ගාලු නගරය වෙළද මධ්‍යස්ථානයක් ව පැවැති බවත්, එහි දෙමහල් වෙළද සැල් පැවති බවත්, ඉන් හෙළිවේ.

කොට්ටේ යුගයේ පරෙවි සංදේශයේ ද ගාල්ල ගැන සදහන් වේ. එවකට ගාල්ල වෙළද මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වී තිබුණේය. මේ පෘතුගීසීන් දිවයිනට පැමිණි කාලයයි. සල්පිල් පිරුනු ඉන් බැබලුනු ‍ගාල්ලේ සිරි දැකීමට පරෙවියාට අවසර ලැබේ.

(58) සරා සොදින් මහ සයුරත මුලුල්ලේ
පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ
සරා තිබූ මෙන් සල්පිල් උදුල්ලේ
පුරාම සිරි දැක යාගන් ගාල්ලේ

කෝට්ටේ යුගයට අයත් වන කෝකිල සන්දේශයේ ද ගාල්ල ගැන සදහන්වේ. ගාල්ලට පිවිසෙන කොවුලාට සුරගනන් බදු වූ ගාල්ලේ පුර ස්ත්‍රීන්ගේ රූ සපුව දැක දෙනුවන් රසදුනෙන් සිහිල්කර ගත හැකි බව කවියා පවසයි.

(71) මන් තුටුවන බිගු තඹරෙවි සදැල්ලේ
බන් තන යුග රන් පටැනොව ලීල්ලේ
වන් සුරගන ලිය රූ දුට ගාල්ලේ
රන් රසදුන් මෙන් දෙනුවන සීලලේ

තැනින් තැන තරුණයන් සමග කෙළි දෙලෙන් හැසිරෙන ලියන් දැන ගිජුකමින් එහි පමා නොවී යන ලෙස කොවුලාට අණ ලැබේ.

මීට සිය වසරකට පෙර, එනම් 1907 දී රචිත වැල්ලේ සන්දේශය, තරුණියක් දූත මෙහෙවෙරෙයි යොදවමින්, ගාලු නගරයේ සිට කතරගම දක්වා යන සන්දේශයකි. දූත ගමන ඇරඹෙන්නේ ගාල්ලේ සිරි විසිතුරු දැන්වීමෙනි.

(09) සරා අනගි විසිතුරු රැදි මුලුල්ලේ
පුරා දෙපස සල්පිල් ඈ සියල්ලේ
විරා ජිතවූ සැම සැපතින් උදුල්ලේ
පුරා සකිය නරඹන් සිරි ගාල්ලේ

(10) සින්දු කියා ජාවෝ සුද්දෝ කැටිය
පන්දු ගසා කොටු දොරකඩ කෙළ සිටිය
හින්දු ආදි පරදේසින් පිරි සිටිය
ලන්දු බලා යනු කොටු දොරකඩ සැටිය

(11) සොබමන් පහ පෙළින් හැමවර උදුල්ලය
නරඹන් ඇවිද පරසිදු කොටු ‍ ගොඩැල්ලය
දකිනේ පසිදු මහ හෝටල් ද පල්ලිය
කතු දැන් යනුව කොන්සේලුවට එල්ලය

ජාවෝ සහ සුද්දෝ ගාලු නගරයේ කෙළි දෙලෙන් පසුවූහ. නගරය තුළ වෙන වෙනම පැවැති ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ද කවියාගේ අවධානයට ලක්විය.

(12) නලා පිඹිති ජාවෝ - සුද්දෝ පිරිලා
බලා සිටිති හයරිය පිට මහත් කැලා
බලා සෙනග වට පිට ඒ රැගුම් පෙලා
බලාපන්න මහ පිට්ටනියේ සපලා

(13) පරුස්ස දැන් චීනුන්ගේ කොරටුවද
පොලිස්සියෙන් එපිටත් කැර කෝප්පුවද
ලමිස්සියන් රැදි වේසා වීදියද
හදිස්සියෙන් දැකයන් යොන් කඩ පෙළද

“ ළමිස්සියන් රැදි වේසා වීදිය” ගැන විශේෂයෙන් සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ වසර සියකට පෙර, ගාලු නගරය තුළ වූ අශෝභන සමාජ තත්වයයි.

(14) බලා මාලු මාස් කඩ දෙක තොසේයා
පලා ගොසින් ලුනු කඩපෙළ එසේයා
ගලා සෙනග උන් එළවලු කඩේයා
බලාපන්න යොන් පල්ලිය දෙසේයා

මස් - මාලු - එළවලු කඩපොළ දියුණු තත්වයක පැවති බව පෙනේ. පෙට්ටිගලවත්තේ කරත්ත ගාල් පොළ හා වෙළද පොළ පිළිබදව ද තොරතුරු ලැ‍බේ.

(15) පෙට්ටිගලේ ගාලේ වෙළදම් පොළය
හට්ටි මුට්ටි වෙළදන් ඈ කඩ පෙළය
හෙට්ටි කොල්ලො විකුණයි නෙක දුම් කොළය
පෙට්ටිගලේ සිරි දැක යනු කොමළ ලය

කච්චේරිය හා ගාල්ල නගර ශාලාව ගැනද තොරතුරු එහි දැක්වේ.

(16) දනන් රැස්ව කච්චේරිය ලග සිටිය
ගණන් දෙන්ට ඇවිදින් උන්නේ සැටිය
සුසුන් ලලා නාගරිකේ ළග සිටිය
දනන් දැකා යන සිරිකත රට වටිය

ගරා සන්දේශය හා කොවුල් සන්දේශය දක්වන ආකාරයට තොටගමුවේ ශ්රීන රාහුල මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත්, තොටගමුවේ විජයබා පිරිවෙන, දඹදෙණි යුගයේ සිට කොට්ටේ යුගය තෙක් ම ගාලු කෝරළේ ප්‍රධාන අධ්‍යාපන මධ්‍යස්ථානය වූවා පමණක් නොව, එය විශ්වවිද්යාේලයක තත්වයෙන් පැවැතිණි. දෙස් විදෙස් බොහෝ විද්වත්හු එහිදී අධ්‍යාපනය ලැබූහ.

තවත් ජන කවි රාශියක් ගාලු කෝරළේ ගැන ලියවිලා තියෙනවා, ඔයාල හැමෝටම මේ ‍ඓතිහාසික තොරතුරු ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ... තවත් ඒ ගැන විස්තර පසුවට thread එකකින් දාන්නම්.:D
 
Last edited:
  • Like
Reactions: ZULFAAN

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ස්තුතියි යාලුවා!
    එලකිරි ආ.................
    11.gif

    images