ගැට‍ලුව බහුතරයකගේ ආගමයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම මේ දවස්වල ඉන්නේ චියං මායිවල. ඒක තායිලන්තයේ උතුරු ප්‍රදේශයේ තියෙන විශාල නගරයක්. චියං මායි තියෙන්නේ මියන්මාර් දේශසීමාව පැත්තට වෙන්නයි. මේ නිසා මියන්මාර් ‍රටෙන් පැනලා එන හුඟක් අය චියං මායි පැත්තට එනවා.

    පිරටකට ගියාම මම කරන එක වැඩක් වන්නේ ඒ රටේ මිනිස්සු ජීවත් වෙන විදියට ජීවත් වෙන්න උත්සාහ කිරීමයි. ඒ කියන්නේ කෞතුකාගාර, සංචාරක ආකර්ෂණය වැඩිපුර තියෙන තැන් බලන්න යනවා වෙනුවට මම වැඩි කාලයක් ගත කරන්නේ පුළුවන් තරම් ඒ රටේ එදිනෙදා ජන ජීවිතය තුළට අනුගත වෙලා බලන්නයි.

    ඒකෙන් ඒ රටේ මිනිස්සු හිතන පතන විදිය, කන බොන විදිය, ඔවුන් පිළිගන්න වටිනාකම්, ඔවුන් විවේකය ගත කරන විදිය, ඔවුන් සම්බන්ධතා පවත්වන විදිය ගැන යම් අවබෝධයක් ලැබෙනවා.

    තායිලන්තයේ මිනිසුන් ඉතා ම ආචාරශීලියි. හැබැයි ඒ ආචාරශීලී බව වගේ ම කුපිත වුණාම ඔවුන් තුළ තියෙන කිසියම් නිර්දය ස්වභාවයකුත් එළියට එනවා. ඒත් එදිනෙදා ජීවිතයේ දී ඔවුන් නිතර ම අනුන්ට ගරු කරන, කාටවත් කරදර නොකරන, අනුන් ගේ නිදහසට ඇඟිලි නොගහන පිරිසක්. ඒ වගේ ම ඔවුන් මහන්සි වෙලා වැඩ කරනවා..

    චියංමායිවල ගංජා නීතිගතයි. ලිංගික සේවාවන් ඕන තරම් ලබාගන්න පුළුවන්. ලිංගික ශ්‍රමිකයන් ඒක කරන්නේ "සේවාවක්" (service) විදියට හිතලයි. ඒක හොඳ ද, නරක ද කියලා විනිශ්චයන් දෙන්න මට අවශ්‍ය නැහැ. කොහොම වුණත් බැංකොක් තරම් ලොකුවට නැතත් ඉතා ම සජීවි 'රාත්‍රී ජීවිතයක්' මෙහෙ තියෙනවා. නයිට් මාකට් තියෙනවා. සංචාරක ව්‍යාපාරයක් දියුණු වෙන්න නම් ආර්ථික ක්‍රියාකාරකම් දවස පුරා ම සිද්ධ වෙන්න ඕනෙ. මිනිස්සු රෑට එළියට යන්න ඕනෙ. සාමාන්‍යයෙන් කොළඹ රෑ 12 පහුවුණොත් නයිට් කඩ ඇරුණම කන්න බොන්න තියෙන්නෙත් ඉතා ම සීමිත තැන් දෙක තුනක විතරයි.

    ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායක් එක්ක තායිලන්තයේ මිනිස්සු ඉතා ම විවෘත සහ නිදහස් තැනක ඉඳන් මේවා දිහා බලනවා. මේ නිසා ම තරුණියන් වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව ටැක්සි එළවනවා. රෑට ගමන් බිමන් යනවා. කාගෙන්වත් ඔවුන්ට කරදරයක් නැහැ. බැංකොක් තරම්වත් චියං මායිවල ප්‍රශ්න නැහැ.

    මිනිසුන් නැරඹීම (people watching) කියන එක මම වින්දනය කරන අභ්‍යාසයක්.

    කුරුලු උයනක ඉන්න කුරුල්ලො බලනවා වගේ, වැහි දවසට වැස්ස බලනවා වගේ, මුහුදේ රැලි බලනවා වගේ මිනිස් වනාන්තරයක ඉන්න මිනිසුන් 'නරඹන්නත්' පුළුවන්..

    වෙන රටකට ගියාම මම ලංකාවට වඩා නිදහසේ මිනිසුන් නරඹනවා.

    #lka #SriLanka #chiangmai #life
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537

    • Haha
    Reactions: Vermox