මේ මොකද මේ....ඇයි මේ ඉරක්..මං කිව්ව නේ අපිට අතීතෙට හරියන්න කසාද සහතිකයක් ගත හැකි....මේකට මගේ නම දාන්න කියලා...
නැහැ ළමයට අම්මගෙන් විතරක් උපදින්න හැකිනම් ඌට ඒ විදියටම ජීවත්ෙ වෙන්නත් ඇහැක් වේවි...ඔහේගෙ නම ඕනි නෑ... බොරු තාත්තෙක් ඕනි නෑ...ළමයා නැතිකරන්න කියලා වැඳ වැටිච්චි..මාව බඳින්න වෙනවට මග ඇරලා.. දැං ප්‍රාදුර්භූත වෙච්චි තමුසෙව මට ඕනි නැහැ.. ඒක ඉරක් බැරිනං හඳක් දාගත්ත දෙං ඒත් තමුසෙගෙ නම නම් ගාවන්නෙවත් නැහැ..එච්චරයි..
උඹ දන්නවද පරට්ටි මං තමුසෙට කොයි තරං ආදරේ කලාද කියලා? උඹ වගේ හිඟාකන්න හිටපු ගෑනියෙක්...ගෙනල්ලා කොළඹ දාල ලස්සන පොටෝ එකක්වත් අරං දුන්නෙ කවුද? තෝ හැලි වැඳිරි වගේ ගමේ හිටියනං අර ගමේ හිටපු සෝමදාස සිරිපාල සිරිසේන කෙනෙක් කසාද බැඳ ගනී.. අඩුතරමෙ උඹට ලස්සන පොටෝ එකක් වත් තිබුනද? ඔය දැන් ගාල තියෙන මූනෙ පවුඩර් ටිකක් වත් උඹට තිබුනද? තොපි එහේ එහෙම ඉන්න දුන්න නං හරි... උඹලව මෙහෙ ගෙනල්ල ලොකු මහත් කරලා බොලාට කාර් බාර් වල යනකොට අපිව අමතක වෙනවා..උඹලාට සැලකුවාට වැඩිය හොඳයි පාර යන බැල්ලකට කන්න ටිකක් දානවා.. ඌ අඩුතරම නැට්ට වනයි...
අනික තමුසෙ දන්නවා නේ මං කවුද කියලා...තමුසෙලයි ගමේ හිටපු තමුසෙගෙ තාත්ත කවුද දන්නෙ? තමුසෙගෙ සීය කවුද දන්නෙ? කොටින්ම තමුසෙලයි ගමේ අර කලු සාදු කවුද දන්නෙ? මොකෙක්ව්ත නෑනෛද? තමුසෙ දන්නව නේ මගෙ නම කම්පැනි කියක තියෙද? පත්තරේ කී තැනක තියෙද? ඉන්ටනෙට් එකේම කොයි තරං තියෙද කියලා...තමුසෙනං මහ උද්දච්ච එකියක් අඩුගානෙ මහන්තත්ව කම දාල පොඩි එකා ගැන හිතනවා..
හිතල ඉවරයි..නම දාන්නෙ නැහැ..සොරි.. යන්න ගිහින් බැල්ලියෙක් අල්ලගෙන උදව් කරන්න නැට්ට වනයි නේ.. බැල්ලි හෝදල අරගෙන ඇඳ උඩ තියාගන්න... මට දුකයි බැල්ලි ගැන.. ඌටත් හැදෙයි ටික දවසකින් තමුසෙගෙ ළමයි...එතකොට දාගන්නවා තමුසෙගෙ නම.. තමුසෙ මාව මෙහෙ ගේන්න ඉස්සෙල්ලා කියපු කතා ටික අර බැල්ලිටත් කියනවා...තව කියනවා මේ ප්‍රොබ්ලම්ස් ටික පොඩ්ඩක් ශේප් වුනාම මැරි කරමු කියලත්..ළමයෙක් බඩට ආවොත් නැතිකරන විදි ටික්ත කියලා දෙනවා..
ඇයි මං බැල්ලියෙක් නොවුනෙ..තමුසෙව හපා කන්න..
අමාලි ඔය විදියට කතා කරන්න එපා අමාලි.. ඔයා ඇයි හැමවෙලේම අනික් පැ්තතට හිතන්නෙ.. අපිට ජීවත් වෙන්න බැහැ පොත්වල විදියට.. ඔයා හමුවෙනකොට මට ගෙදරින් යෝජනා කරලා තිබුනෙ. මේ ළගක් වෙනකල්ම ඒ අයිරින් මට අකැමති වෙලා උන්නෙ.. ඔයාල හරියට නිකං අපි ගැන කතාකරන්නෙ සත්තු ගැන වගේ.. මගේ ෆැක්ටරි වල කීදෙනක් වැඩ කරනවද? මං නිසා මගේ ප්‍රොජෙක්ට් නිසා කී දෙනෙක් කාල ඇඳලා ඉන්නවද? ඇයි ඔයාල ඒ ගැන හිතන්නෙ නැත්තෙ? කවදාවත් ඔයාගෙ ඔය මහෙලොකු ගමේ කාටද පුලුවං මේතරං රස්සා දෙන්න...කාටද පුලුවං මට වගේ තනි වියදමින් පාරවල් හදන්න...ලයිට් දෙන්න..
කොච්චර කලත් කූඩැල්ල මෙට්ට උඩ තියන් බෑ කියලා ඩැඩී කියනවා.. ඒක ඇත්ත...තමුසෙලාට කන්න බොන්න අඳින්න ඉන්න ඔක්කෝම දුන්නත් දැන් ප්‍රශ්ණ..
ඔව්...තුට්ටු දෙකක් දිල රස්සාවලට දානවා...ඒකෙන් වැඩිපුර ගන්න නම් තව ඕටී කරන්න ඕනි.. යාන්තං ඔක්කොම කරලා සල්ලි ටිකක් නම් ගන්නවා...ඒත් ඊට වැඩිය ගන්නවා මේසන් වැඩ කරන උන්...
ඉතිං තමුසෙටත් තිබුනෙ මේසන් වැඩ කරන්න නේ... අමාලි ඔයාලට වෙලා තියෙන්නෙ කටුස්සයි කරෙ මෙඩල් බැන්දම ඌට වෙච්චි දේ...මේකෙන් ම කාල හැදිලා... මේකම කටේ දාල සූප්පු කරලා දැන් මේකට ම බනිනවා..
ඔව් අපිත් හිතුවෙ.. ටයි කෝට් දාපු මිනිහෙක්.. කාර් එකෙකින් ඇවිත් අපි අරං යයි ලොකුවට මගුල් කාල කියලා. කවුද දන්නෙ කාමර අස්සෙ දරුවො වදන වැඩේ විතරක් කොරලා මාරු වෙයිද කියලා. එකියක් එක්ක මගුල් පින්තූර පත්තරවල අතන මෙතන ගියානෙ..ඉන් පස්සෙ මේ දරුවට නම විතරක් දැම්මම හරිද? එතකොට මූ ඉස්කෝලෙ යන කාලෙක මං ඉස්සරහට අතන මෙතන යද්දි කවුරුත් ඔය ගැන අහන්නෙ නැද්ද?
කවුද අමාලි මේ ළමය ගමේ ඉස්කෝලෙ දාන්නෙ...ඔය හිස්ට්‍රි සිංහල ඔයා තියාගන්න.. ඒවට ලමයි ඔයා ගමේ බයියෙක්ගෙන් හදා ගන්න.. මේ කෙල්ල මගේ...මේ පොඩිඑකා කොච්චර වුනත් හොඳට ඉගන ගන්න ඕනි...ඒත් මං කියන විදියට...ඒකටත් කකුල දාල හාන්නෙ නැතුව..ඉන්නවා...
ඔව්...දරුවන්ටත් අපිට වගේ ඉගෙනගෙන නිකං ඉන්න දෙන්න බැහැ.. එහෙනං තමුන්ගෙ නම දාන්න බලන්න.. මේකිත් නැත්තං මං වගේ ගමේ හිටියොත් ගමට එන පැක්ට්‍රි කාරයාත් එක්ක යයි.. නුවන් තරහ වෙන්න එපා..නුවන් කොච්චර වුනත් අපිට එකට ඉන්න බැහැ. එකම සත්තු වුනත් අපි වෙනස්.. ඔයායි ඔයාගේ යාලුවො නෑයොයි කවදාවත් අපිට සලකන්නෙ ඔයාල විදියට. ඔයා දන්නවා මදාරාට වුන දේ..මදාරා මං තරම් දුප්පත් නැහැ..මදාර ට සල්ලිත් තිබුනා. මදාරලයි ගෙදර අය ලොකු වෙඩිමකුත් ගත්තා..
ඒත් අවසානෙ මදාර මැරි කරපු බිස්නස් කාරයා රට ගියේ වෙන ගෑනු එක්ක..පාටි වල නටන්නෙ වෙන ගෑනු එක්ක.. පස්සෙ මදාරා ගෙදර ඇවිත් වෙන රස්සාවක් හොයා ගත්තා. මොන දේ බෙදාගත්තත් මිනිහා බෙදාගන්න තරං අපි දියුනු නැහැ නුවන්..
ඕව ගැන එච්චර හිතන් එපා අමාලි... ඔයාලට වෙන වැඩ ගමේ තිබුනෙ නැති නිසා අර ටෙලි නාට්ටි ගෑනු වගේ හැමදාම පවුල් පස්න ගැනම හිතනවා...බලන්න ෆොරින් කන්ට්‍රිස් වල..ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ ඔය පවුල් ගැන එච්චර හිතුවෙ නැති නිසා... ඔයාට වුනත් මං ඉස්සර කැමති වුනේ ඔයාගෙ වැඩිය කතා බහ නෑ කෙලින් වැඩ නිසා...නැත්තං වෙන කෙල්ලො එක්ක යාලුවුනාම මට කතා කරලාම අපා වෙනවා...ඔයා කියන දේ බෝම්බෙ වගේ දමලා ගහනවා එච්චරයි... ඔයා ඇත්තටම ලංකාවෙ කෙල්ලො අතර ටිකක් හොදයි... හොදටම නෙමෙයි.. මේ කරදර ඉවර වුනාම ආයි අර ගමේ ගෙදර රිංගන්න ඕනි නැහැ..මං සර්වන්ට් කෙනෙක් එවන්නම්...ඔයාට ජොබ් එකක් ඕනි වුනොත් කියන්න..එච්චර හිතන්න එපා..ගම ගැන..ගමේ නැද්ද හොරාට මිනිස්සු එක්ක යන ගෑනු..ගමේ නැත්ද හොරාට කෙල්ලොන්ගෙ ගෙඩි මිරිකන පොඩි හාමුදුරුවරු...තව එක එක විච්චූරන කරලා කෙල්ලො උස්සන් දුවන්න හදන කොල්ලො අංකල්ලා හෙම..උං කොහෙත් ඉන්නවා...
ඒත් අපි ගැන තරං උන් ගැන කවුරුත් හොයන්නෙ නැහැ.. අපේ ඉන්න අනික් බිස්නස් කාරයො ගහන්න බැරිනං අඩුතරමෙ පවුල් ජීවිතෙ හරි ඇදලා අරං ගහලා සතුටුවෙන්න හදනවා..ඒ කතා වලට ඔයාලත් අහු වෙනවා..
හුම්...නැහැ නුවන්..ඔයා හරි ඇති..කෝමත් ඔයා දිනිනවා නේ..කොහොම වුනත් ආයෙ ගමේ නම ්යන්න අමාරුවෙයි... රස්සාවක් මංම හොයාගන්නම්.. තව ටික දවසකින් මෙහෙ දිගටම එන්න එපා.. මේ බෝඩිං කාරයා කැමති නැතිවෙයි..මේ මිනිස්සුත් ඔයා කියන ජාතියෙ මිනිස්සු නෙමෙයි...මං කලිනුත් කිව්වෙ අපි ඔයාල තරම් දියුනු නැහ ිකියලා.. සමහර විට නුවන් මම වැරදි ඇති. ඒත් මට ආයිත් නිකං අඩ අඩ ජිවත් වෙන් ඕනි නැහැ..ළමය ගැන ඕනි නම ්බලන්න..ඒත් මාව බැලුවෙ නැති වුනාට කමක් නැහැ...තව වරුවක් කතා කලත් මෙච්චරයි මට කියන්න තියෙන්නෙ...
හරි අමා මං යන්නං..මං විස්වාස කරනවා ඔයා ඉස්සරහට වෙනස් වෙයි කියලා.. එහෙනං අපි ගියා..බබාට අවුලක් වුනොත් කෝල් කරන්න..අපි යාලු නොවුනට තාම තරහා නැහැ...ඕ කේ..