ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද​

attachment.php



අනවශ්‍ය ගැබ් ගැනීම් ( Pregnancy ) නිසා තමන්ගේ සතුට අහිමි කර ගන්නේ නැතුව සතුට උපරිම ලෙස විඳ ගන්නේ කෙසේද?

අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම් රටාව වෙනස් වේ.එබැවින් දෙදෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදිය යුත්තේ විවාහයෙන් පසුවය යන මතය දැඩිව පවතී.නමුත් නවීන ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙමින් පවතින අද සමාජය තුළ මෙම ආකල්පයද වෙනස් වී ඇත.

පවුල් සැලසුම් ක්‍රම වලින් සිදු කරන්නේ කුමක්ද?
කාන්තාවක් හෝ පුරුෂයෙකු විවාහ වී හෝ නොවී ලිංගික සංසර්ගයේ යෙදේ නම් එහිදී ස්ත්‍රිය සරුභාවයේ සිටි විට දී පිළිසිද ගැනීමේ ප්‍රවනතාවය වැඩියි.එවැනි තත්වයන් වැළක්වීමේ ක්‍රමවේදයක් ලෙස පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දිය හැක.

පවුල් සැලසුම් ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි ?
අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම් රටාව වෙනස් වේ.එබැවින් දෙදෙනෙකු ලිංගික සංසර්ගයේ යෙදිය යුත්තේ විවාහයෙන් පසුවය යන මතය දැඩිව පවතී.නමුත් නවීන ලෝකයේ බොහෝ දේවල් වෙනස් වෙමින් පවතින අද සමාජය තුළ මෙම ආකල්පයද වෙනස් වී ඇත.බොහෝ තරුණ තරුණියෝ විවාහයට පෙර ලිංගික සංසර්ගයේ යෙදෙනවා විතරක් නොවෙයි දරුවන් පවා ඇති කර ගන්නවා.මෙවැනි විවිධාකාර අදහස් අලුත් අදහස් තරුණ තරුණියන් අතර ඇති වෙනවා.ඒ වුනාට ලිංගික සංසර්ගයේ යෙදෙන දෙදෙනාටම වගකීමක් තියෙනවා.ඒ ලිංගික සංසර්ගයෙන් ඇතිවන ප්‍රතිඵල මොනවද?ඒවාට සුදානම් වන්නේ කෙසේද?වැනි දේවල් පිළිබඳව අදහසක් ඇති කර ගන්න ඕනි.

පවුල් සංවිධාන ක්‍රමයක් කියන්නේ මොකද්ද?

01. දරුවෙකු අනවශ්‍ය වෙලාවකදී එය වලක්වා ගැනීම
02. දරුවෙකු අවශ්‍ය අවස්ථාවකදී දරුවෙක් හදා ගැනීම.
03. දරුවන් නැති අයට දරුවෙක් ලබා ගැනීම සඳහා උපකාරී කිරීම.

ඒ අනුව පවුල් සංවිධානය මගින් අනවශ්‍ය පිළිසිද ගැනීම වලක්වන ක්‍රමවේදයක්ම නොවේ. මෙය ඊට එහා ගිය සංකීර්ණ ක්‍රමවේදයකි.

මෙහිදී ක්‍රමවේද කිහිපයකි,

01. විවාහක සිටින හෝ අවිවාහක අයෙකුට,පළමු දරුවා පිළිසිද ගැනීම වැලැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සිදු කරන ප්‍රතිකාර
02. දරුවෙක් සිටින අයෙකුට දරුවන් අතර පරතරය තියා ගන්න ඕනි නම් දරුවන් පමා කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර
මෙහිදී පවුල් සංවිධාන ක්‍රම විශාල ප්‍රමාණයක් තියෙනවා.ඒ අතර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.ස්වභාවික පවුල් සංවිධාන ක්‍රම සහ විද්‍යාත්මක පවුල් සංවිධානය ක්‍රම වශයෙනි.මෙහිදී ස්වභාවික පවුල් සංවිධාන ක්‍රම භාවිතයෙන් නිසි ප්‍රතිඵල ලබා ගැනීම තරමක් අපහසු වේ.වඩාත් යෝග්‍ය වන්නේ විද්‍යාත්මක නැතිනම් කෘතීම පවුල් සංවිධාන ක්‍රමයකි.

විද්‍යාත්මක පවුල් සැලසුම් ක්‍රම,
01. විවාහක හෝ අවිවාහක කාන්තාවකට අනවශ්‍ය නම් ඒ සඳහා මිතුරු පෙති වැනි ගිලින පෙති භාවිතා කල හැක.
02. පුරුෂයාට ලිංගික සංසර්ගයේ යෙදෙන සම අවස්ථාවකම condom එකක් භාවිත කළ හැක.
03. ජඩෙල් ක්‍රමය දීර්ඝ කලීන ක්‍රමයකි.මෙය හෝමෝන ක්‍රමයකි.මෙම ක්‍රමය භාවිත කල අයෙකුට අවු.4ක් යනකල් දරුවන් ඇති වන්නේ නැත.
04. දරුවන් අතර පරතරයක් ඇති කිරීම සඳහා ගිලින පෙති,කොන්ඩම්,ජඩෙල්,ලූප් භාවිත කල හැක.
05. දරුවන් ඇති කියල හිතනව නම් කාන්තාවගේ වයස අවු.30ට අඩු නම් මිතුරු පෙති හෝ එන්නත් භාවිත කළ හැක.

ස්ථීර පවුල් සංවිධාන ක්‍රම,
01. කාන්තාවන්ට-LRT සැත්කම
02. පුරුෂයන්ට-වසේත්තමි සැත්කම

මේ සියලු ප්‍රතිකාර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මතය.ස්ථිර පවුල් සංවිධාන ක්‍රම ලංකාවේ පවතින තත්වය තුළ වඩාත් ප්‍රචලිත නැත.නමුත් අවශ්‍ය අයට එම ප්‍රතිකාර ලබාගත හැක.වඩාත් සුදුසු දීර්ඝ කාලින තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයි.(ලුප්,ජඩෙල්)
ලිංගිකව ලෙඩ රෝග සැදී තියෙනවනම් ඒවැනි රෝග පවුල් සැලසුම් මඟින් සුව කළ නොහැක.එවැනි රෝග වලක්වා ගැනීමට නම් එක් අයෙකු සමඟ ලිංගික සංසර්ගයේ යෙදිය යුතුයි.පිළිසිද ගැනීම වලක්වා ගැනීම සඳහා කොන්ඩම් වැනි පවුල් සංවිධාන ක්‍රම භාවිත කළ යුතුයි.


source http://thewoman.lk/pregnancy-family-planning/
 

Attachments

  • Types-of-Family-Planning.jpg
    Types-of-Family-Planning.jpg
    26.2 KB · Views: 218

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    තෑන්ක්ස් නිශී..ඔයා මොනාද use කරන්නේ?:love: