ගැබිණි මුවදෙනට අත්වූ ඉරණම[18+]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුද්දට විරුද්ධව ඌව වෙල්ලස්ස සටන අවසන් වෙන්නේ ඒ පළාත්වල සිංහලයෝ සමූලඝාතනය කරමින් කිරිසප්පයින් පවා සුද්දාගේ බයිනෙත්තුවලට බිලි වුන,දෙමළ බෙදුම්වාදී යුද්ධයේදී බඩදරු අම්මලා පවා කපා කොටා ඝාතනය කරපු ඉතිහාසයක් අපිට තියෙන්නේ.

    ඒ වගේම තමයි සත්තුන්ගේ ලෝකෙත්.බඩදරු අම්මලා කියලා වෙනසක් නෑ තිරිසන් ලෝකෙදී.බඩගින්නට ඕන දෙයක් කනවා..කාලෙන් කාලෙට මිනිස්සුත් ඒ වගේ තිරිසන්නු ගානට වැටෙනවා.ඒත් උන් මරන්නේ බඩගින්න නිවා ගන්න නම් නෙමෙයි.

    මේ ඉන්නේ කටුසු ගෝත්‍රයේ විශාලතම සාමාජිකයා විදියට සලකන කොමොඩෝ මකරා නමින් හඳුන්වන උරගයා.මූ පෙනුමෙන් කබරයෙකුට එහෙම නැත්නම් තලගොයෙකුට සමානයි.

    OJUl2G9.jpg


    මුන් වද වෙලා යන උරග විශේෂයක්.ඉන්දුනීසියාවේ දූපත් කිහිපයකට සීමා වෙලා තියෙන්නේ මුන්ගේ ගහණය.

    මේ උරගයා අඩි 10 විතර උපරිම දිගකට වර්ධන වෙන්න පුලුවන්.මුන්ගේ ප්‍රධාන ආහාර වෙන්නේ කුඩා ක්ෂීරපායීන්,කුරුල්ලෝ වගේ සත්තු.

    cvaPZnE.png


    රැක සිට පහරදීම තමයි මුන්ගේ ප්‍රධාන උපක්‍රමය.විශේෂම දේ තමයි මුන් කණ්ඩායමක් විදියට දඩයමේ යෑම.

    මේ සත්තු කලාතුරකින් තමයි මිනිස්සුන්ට පහරදෙන්නේ.හුගක් වෙලාවට මේ සත්තු මිනිහෙක් දුර තියා දැක්ක ගමන් හැංගෙනවා,නැත්නම් පලා යනවා.

    G9qTv6o.jpg



    දෙහිවල සත්තු වත්තටත් කොමොඩෝ මකරුන් දෙන්නෙක් ගෙනත් තිබුනා.මුන් සත්තු වත්තෙන් පැනලා ගිහින් පස්සේ හොයාගෙන තිබ්බා.

    මුන්ගේ කෙළ තමයි විෂ.කෙළවල බැක්ටීරියා බහුලයි කියනවා.තමන්ගේ ගොදුර අඩපණ කරන්න තමයි මේ විෂ ප්‍රයෝජනවත් වෙන්නේ.මේ ක්‍රමයෙන් උන් මී හරක් වගේ ලොකු සතෙක් වුනත් මරන දක්ෂයි.

    G6DY83V.jpg



    මේ ඉන්නේ කොමොඩෝ මකරෙකුට ගොදුරු වුණ බඩදරු මුවදෙනක්.

    මුවදෙන පණපිටින්ම කනවා.එච්චර වෙලා කාපු තණකොළත් බඩවැල් එක්ක එලියට එනවා පේනවා.ඉන්පස්සේ නූපන් මුව පැටවා එලියට ඇදලා එක කටට ගිලදානවා.






    මේවා දැක්කම තේරෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන තිරිසන් අපාය කොතරම් බියකරුද කියලා.සමහර අග්නිදිග,නැගෙනහිර ආසියානු රටවල මිනිස්සු සත්තුන්ව පණපිටින් කන හැටිත් මතක් වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,481
    113
    සත්තු කවුරුත් මැරෙන්නෙ දුක් විදල බන්. එක්කො සතෙක් පණ පිටින් කාලා දාලා. නැත්තන් ලෙඩ වෙලා වැටිල ඉදල. අපිට පේන තරන් ලෝකෙ ලස්සන නෑ බන්. ඔය සතා හැමදාම ඔහොම මරන්නෙ කන්නෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    ඕලෙවල් කාලේ විද්‍යාව පන්තියේදී සර් කාරය පණපිටින් ගෙම්බෙක්ව හම ගහලා උව රිජිෆෝම් කෑල්ලකට ඩ්රෝවින් පින් වලින් ගහලා උගේ හාට් එක වැඩ කරන විදිහ පෙන්නුවා.. අපිත් උඩ දාගෙන බැලුවා. දැන් තමයි තේරෙන්නේ එව්වත් පව් නේද කියලා. 😣
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,110
    2,348
    113
    ඕලෙවල් කාලේ විද්‍යාව පන්තියේදී සර් කාරය පණපිටින් ගෙම්බෙක්ව හම ගහලා උව රිජිෆෝම් කෑල්ලකට ඩ්රෝවින් පින් වලින් ගහලා උගේ හාට් එක වැඩ කරන විදිහ පෙන්නුවා.. අපිත් උඩ දාගෙන බැලුවා. දැන් තමයි තේරෙන්නේ එව්වත් පව් නේද කියලා. 😣
    Ade Sirawatama.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම පවු පින් විශ්වාස කරන්න පුලුවන්ද දෑන් වෙන දේවල් වල හෑටියට?
     
    • Like
    Reactions: Lankaputhra16

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    ඈත්තටම පවු පින් විශ්වාස කරන්න පුලුවන්ද දෑන් වෙන දේවල් වල හෑටියට?
    Paw pin kiyala deyak ne bn.ewa social norms.tiyenne cause and effect.