සිවු දෙනෙක් එකතුවී හයමස් ගැබිනියක් බලහත්කාරයෙන් ගබ්සා කරලා
ප්‍රභාන් බුලත්සිංහල
අගලවත්ත - හල්දොළ ප්‍රදේශයේ තම පෙම්වතා සමඟ එකට දිවිගෙවූ හයමස් ගැබිනි කාන්තාවක ගැටගසා කටට රෙදි ඔබා බලහත්කාරයෙන් ගබ්සාවක් සිදු කළ සිවු දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
පසුගිය 23 වැනි දහවල් අධික වර්ෂාව පැවැති මොහොතේ නිවෙසේ ෙදාර අරවාගෙන එහි සිටි තිස් හැවිරිදි ගැබිනි කත සිහිසුන් කර ඇඳෙහි ගැටගසා මෙම ක්‍රියාව සිදුකර ඇති බවත් සවස තමන් නිවෙසට පැමිණි පසු සිද්ධිය දැක කාන්තාව රෝහල් ගත කළ බවත් කාන්තාවගේ පෙම්වතා පොලිසියට පැමිණිලි කර තිබේ. හඳුන්කූරු නිෂ්පාදනයේ නියැළෙන මෙම යුවළගේ සම්බන්ධයට තම වැඩිහිටියන් එරෙහි බවත් මෙය ඔවුන්ගේ ක්‍රියාවක් දැයි සැක බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සිද්ධියට සම්බන්ධ සැක කාන්තාවක් ඇතුළු සිවුදෙනා රෝහලකට නොයන ලෙස දන්වා ගබ්සා කළ කාන්තාවට ලිපියක් ලියා තබා ගොස් ඇති බවත් පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ. කාන්තාව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
http://www.mawbima.lk/34-30797-news-detail.html

godak aya irisiyai anith gedara aya thamnata wadiya diyunu nam
paw mona unath