ගැස්‌ට්‍රයිටිස්_වලට හිතකර ආහාර

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ගැස්‌ට්‍රයිටිස්_වලට හිතකර ආහාර

    food.jpg

    නූතනත්වයට ගොදුරු වූ සමාජයේ වැරදි ආහාර රටාවන් නිසා සෑම දෙනාම පෙළන රෝගයක්‌ වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ය. මෙම රෝගය කොතරම් බහුලදැයි කිවහොත් එම රෝගයෙන් නොපෙළීම අඩුවක්‌ සේ දකින අයද සමාජයේ සිටිති. "මට ගෑස්‌" "මට ගැස්‌ටි්‍රක්‌" මෙම රෝගය වැරදියට වහරන්නෝද සමාජයේ බහුලව වෙසෙති.

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයේදී සිදුවන්නේ ආමාශයේ ඇතුළත ආස්‌තරණය ( Gastric Mucosa ) ප්‍රදාහමය තත්ත්වයකට භාජන වීමයි. මෙය ආමාශයට ශ්‍රාවය වන හයිෙඩ්‍ර්‍රdක්‌ලෝරික්‌ අම්ලයේ සැර වැඩිවීමෙන්ද ආමාශය එයින් ආරක්‌ෂා කරන ශ්ලේෂ්මල ශ්‍රාවයන්ගේ දුර්වලවීමෙන්ද ඇතැම්විට ඒ දෙකෙන්මද සිදු විය හැකිය. එමෙන්ම ආහාර පාන වල ඇති මිරිස්‌ වැනි බාහිර සැර කාරකයක්‌ ( Irritant ) මගින්ද සිදු විය හැකිය.

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය මාරාන්තික නොවූවත් එය රෝගියා ඉමහත් කායික මානසික අපහසුතාවකට සහ වි`දවීමකට භාජන කරන රෝගයකි.

    මෙහි රෝග ලක්‌ෂණ වන්නේ බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, බඩේ කැක්‌කුම, පපුව දාගෙන උගුරට ඒම, ඔක්‌කාරය ආදියයි. මෙම අපහසුතාවන් නිසා ඇතැම්විට අප්‍රාණික ගතිය ක්‌ලාන්තය කැරකිල්ල ආදී රෝග ලක්‌ෂණද ඇතිවිය හැකිය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් මස්‌පිඬු වේදනාවෙන් සහ අතේ පයේ රුදාවලින් පෙළෙන අවස්‌ථාද හමුවිම සුලබය. ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇතිකිරීමට සහ උත්සන්න කිරීමට මනසද තීරණාත්මක ලෙස බලපායි.

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ස`දහා ඖෂධ කාණ්‌ඩ කිහිපයක්‌ භාවිත කළද ඒවායින් ප්‍රශස්‌ත ප්‍රතිඵල ලබාගැනීමට නම් නිසි ආහාර පිළිවෙත් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. ගැස්‌ට්‍රයිටිස්‌ කුමන හේතුවක්‌ මූලික කොටගෙන හටගත්තද එයට ප්‍රතිකාර කිරීමේදී නිසි ආහාර පිළිවෙත්වලට අනුගත නොවුවහොත් යහපත් ප්‍රතිඵල නොලැබේ.

    අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්‌ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස්‌ අධික කෑම ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්‌ට්‍රයිටිස්‌ වලට හො`ද යෑයි කියා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්‌ට්‍රයිටිස්‌ හො`දකරගත් කෙනෙක්‌ නම් අපට හමුවන්නේ නැත.

    රෝල්ස්‌ වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස්‌ ගම්මිරිස්‌ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්‌, මට ගෑස්‌" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය.

    අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස්‌ කට්‌ලට්‌ වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇති නොවූ වොත්ය.

    ප්‍රධාන ආහාරය ලෙස තුන් වේලටම බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වළක්‌වා ගැනීමට ඇති හො`දම ක්‍රමයයි උදේට හීල් බත් ආහාරයට ගැනීම ගැස්‌ට්‍රයිටිස්‌ වලට විශේෂයෙන්ම ගුණදායකය. බත් ආහාරයට ගැනීමේදීද තෙල් අධික, මිරිස්‌ අධික දේවල් සමග ආහාරයට නොගැනීමට ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස මිරිස්‌ යෙදූ පොල් සම්බෝල, මස්‌ හොදි ආදියද මිරිස්‌ යෙදූ බැදුම් ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් බත් සමග නොගත යුතු ආහාර වෙයි.

    ප්‍රධාන ආහාර වේල්වලට අමතරට කෙටිකෑම ලෙස ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද ප්‍රශ්නයකින් තොරව භාවිත කළ හැකි ඉතාම ගුණදායක ආහාර රාශියක්‌ අපට ඇත. පොදුවේ සළකතොත් හාල්පිටි, කුරහන්පිටිවලින් සාදාගන්නා හුමාලයෙන් තම්බාගන්නා ආහාර ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හැලප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය කුරහන් පිට්‌ටු ආදිය ඒවාට නිදසුන්ය. හාල්පිටිවලින් සාදාගන්නා තාච්චියේ පුච්චාගන්නා, වැඩිපුර පිපුම් කාරක නොයදූ පැණිආප්ප සුදුආප්ප ආදියද ගැස්‌ට්‍රයිටිස්‌ වලට ගුණදායකය. හාල්පිටි සහ උ`එ`දු පිටි මිශ්‍රකිරීමෙන් සකසා ගන්නා තෝසෙ ද එවැනිම මිශ්‍රණයකින් සකසා ගන්නා ඉට්‌ලිද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සුදුසුය.

    හැලප, පැණිආප්ප, වණ්‌ඩුආප්ප, වැලිතලප, ගොටුපිට්‌ටු, ලැවරිය ආදියේ ඇති පැණි රසයෙන් ලබාදෙන මෘදු ගුණය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට හිතකරය. එහෙත් බර වැඩි ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට සහ දියවැඩියාවෙන් පෙළෙන ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ට පැණිරස අධික වශයෙන් භාවිතකිරීම සුදුසු නැත. සුදු සීනි වෙනුවට එම ආහාරවලට පැණිරස ලබාදීම ස`දහා කිතුල්පැණි, පොල්පැණි, මී පැණි, බඹර පැණි, ආදිය වඩා හිතකරය.

    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයෙන් පෙළෙන බර වැඩි සහ තරබාරු අයට බර අඩුකර ගැනීමට ආහාර පාලනයක්‌ කරන්නට යෝජනා කළ විගසම ඔවුන් අපෙන් විමසන්නේ "ඩොක්‌ටර් කෑම අඩු කළහම ගැස්‌ට්‍රයිsටිස්‌ වැඩි වෙන්නේ නැද්ද" කියාය. නමුත් බර අඩු කර ගැනීමට අප යෝජනා කරන ආහාර වැඩපිsළිවෙළ පිළිපදින අයට ගැස්‌ට්‍රයිටිsස්‌ සුව වීමක්‌ මිස වැඩි වීමක්‌ නම් වන්නේ නැති බව පෙන්වා දිය යුතුමය.

    අප බර අඩු කර ගැනීම ස`දහා යෝජනා කරන්නේ තෙල් සහ මේදය අවම තන්තු අධික ජලයද වැඩිපුර පානය කරන ක්‌ෂණික කෘත්‍රිම ආහාරවලින්ද තොර ආහාර පාන රටාවකි. එය ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන්ටද එලෙසම අදාළ වන අතර ඔවුන් අමතරව කළ යුත්තේ මිරිස්‌ ගම්මිරිස්‌ ආදී සැරකාරක භාවිතය අවම කිරීම පමණි. එසේම එවන් ආහාර රටාවක්‌ තුළින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමේදී බර අඩුවීම නිසාද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව වේ.

    ගැස්‌ට්‍රයිටිස්‌ සුවකරගන්නට යෑයි කියා නිතර නිතර වැඩි වැඩියෙන් ආහාර ගන්නා තරබාරු සහ බර වැඩි අයට සිදු වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ සුව කරගන්නට නොව උත්සන්න කරගන්නටය. එයට හේතුව එසේ ආහාර ගැනීම තුළ ශරීරයේ එකතුවන කැලරි ප්‍රමාණයෙන් ඔවුන් තවදුරටත් තරබාරු තත්ත්වයට පත් වීමයි. තරබාරු බව වැඩි වීම යනු අනිවාර්යයෙන්ම ගැස්‌ට්‍රයිටිස්‌ද වැඩි වීමයි. එපමණක්‌ නොව දියවැඩියාව ඇතුළු තවත් භයානක ලෙඩරෝග රාශියකට පාර කපා ගැනීමයි.

    වෛද්‍ය
    පාලිත සමන් ජයකොඩි
    divaina
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ...
    අද බොහෝ දෙනා තමන්ගේ ප්‍රධාන ආහාර බවට පත්කරගෙන ඇති පාන්පිටි කෑම, කිරිපිටි, ක්‌ෂණික කෘත්‍රිම ආහාර පාන, තෙල් අධික කෑම සහ මිරිස්‌ අධික කෑම ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිකිරීමේ සහ උත්සන්න කිරීමේ ප්‍රධාන වගඋත්තරකරුවන්ය. සුදුකිරි ගැස්‌ට්‍රයිටිස්‌ වලට හො`ද යෑයි කියා ගැස්‌ට්‍රයිටිස්‌ රෝගීන් වැඩි වැඩියෙන් කිරිපිටි බී තවත් ලෙඩරෝග සාදාගත්තද කිරි බී ගැස්‌ට්‍රයිටිස්‌ හො`දකරගත් කෙනෙක්‌ නම් අපට හමුවන්නේ නැත.

    රෝල්ස්‌ වැනි ගැඹුරු තෙලෙන් බැදි, මිරිස්‌ ගම්මිරිස්‌ද අධික ලෙස යෙදූ පාන්පිටි කෑම ආහාරයට ගතහොත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම සහ වැඩිවීම නියතය. නමුත් "මට ගෑස්‌, මට ගෑස්‌" කියමින් නිතර මැසිsවිලි නඟන්නන්ගේ ප්‍රධාන ආහාර වී ඇත්තේද එවැනි කෑම වර්ගයන්ය.

    අවදි වූ විගස කිරිපිටි දියකර බොන, උදේ ආහාරය ලෙස පාන් කන, කෙටි ආහාර ලෙස රෝල්ස්‌ කට්‌ලට්‌ වැනි දේවල්ම කන, පැණි බීම බොන දවසේ ඉතුරු හරියද කිරිපිටි පාන්පිටි ආහාර සහ කෘත්‍රිම ආහාරවලින් ගෙවා දමන අයට ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීම ගැන පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ එවන් විෂම ආහාර රටාවකට ගොදුරු වී තිබෙද්දීත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇති නොවූ වොත්ය.

    ...
    වෛද්‍ය
    පාලිත සමන් ජයකොඩි
    divaina

    මේක නං ඇත්ත. කෑම නිසා ගෑස් හැදිච්ච පෙරේතයින්ට නං කොච්චර කිව්වත් වැඩක් නෑ :no:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    mata O/L liyala gedara inna kale haduna darunuwatama,
    mama
    Udeta plain tea bona eka nawattuwa
    Loku wathura widuruwak udeta biwa
    nida ganna kalin wathura biwwa,
    dawasata saraiayak Diagine or Magnesium oxide tablet ekak kawa

    sathi deken goda :yes: depend on body :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113

    Thanx Bro... :) :)

    Thanks machan

    You must spread some Reputation around before giving it to deanXX again.

    matath gastritis ban :(

    TFS රෙප් +

    thanks for sharing! :)

    තැන්ක්ස් මචන්. රේප් + :)

    :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ♥-Aurora-♥;16227204 said:
    මේක නං ඇත්ත. කෑම නිසා ගෑස් හැදිච්ච පෙරේතයින්ට නං කොච්චර කිව්වත් වැඩක් නෑ :no:

    Thanks machan

    You must spread some Reputation around before giving it to deanXX again.

    thanx bro

    kiri bonnath hoda nelu :O den nam kanna hodai kiyala deyak ne eka ledakata kana kema nisa wena ledak enawa :D