ගැහැණු සහ පිරිමි 2

Pissu.Poosa

Member
Apr 9, 2017
35
3
0
Kandy
ගැහැණු සහ පිරිමි 2

ගැහැණු සහ පිරිමි 2

[මෙහි එන නම්-ගම් මනඃකල්පිත වේ. මෙවැනි සිදුවීම් වලට ඔබත් මුහුණදී තිබිය හැකි අතර විවාහක නම් එම සම්භාවිතාවය ඉහළ අගයක් ගතහැකිය .
ඉංග්‍රීසියෙන් තිබූ ලිපියක් හැකි පමණ ගැලපෙන්නේයැයි සිතෙන සිංහල වචන යොදාගෙන පරිවර්තනය කරන ලදී.
ඔබගේ වටිනා අදහස්ද එකතු කරන්න.]


රසික සහ නදීකා රාත්‍රී සාදයකට පසු නැවත නිවස බලා පැමිණෙමින් සිටියහ . ඔහු මෝටර්රථය පැදවූ අතර නදීකා මගපෙන්වනු ලැබුවා. සුළු මොහොතකට පෙර ඔවුන් අතර වචන හුවමරුවක් වූයේ දකුණට හැරවිය යුතු තැනකදී වමට හරවන ලෙස නදීකා පැවසීමත් සමඟයි .
යමක් වැරදී ඇති බව ඔහුට තේරුම් ගියේ මිනිත්තු 10ක පමණ නිහැඩියාවකට පසුවයි.

"ඇයි? මොකක්ද අවුල?" රසික ඇසුවා .
"නෑ... මුකුත් අවුලක් නෑ... හැමදේම හරි '' ඒ නදීකාගේ පිළිතුරයි.

ඇයගේ ශබ්ද ලීලාවෙන් සහ 'හරි' යන වචනය බරකොට කීමෙන් තමා අතින් කුමක් හෝ වරදක් සිදු වී ඇති බව රසිකට තේරුම් ගියා. එය සාදයේදී සිදුවූ වරදක් දැයි ඔහුට සිතුනත් එසේ කිසිවක් සිදු නොවූ බව ඔහුට පසක් වූ නිසාම නැවත ඔහු තම හඬ අවදි කලා .

"මම මොකක්ද කරපු වැරැද්ද?" ඔහු ඇසුවා .
"ඒ ගැන මට කතා කරන්න ඔනේ නෑ" නදීකා පැවසුවා.

එම පිළිතුරත් සමඟ ඇය සිටින්නේ කේන්තියෙන් බවද ඇය ඒ පිළිබඳව කතාබහ කිරීමේ අකමැත්තක් ඇති බවද ඔහුට තේරුම් ගියත් ඇයට මෙතරම් කේන්ති ගැනීමට තමා කළ වරද කුමක්දැයි ඔහුට නොතේරුණි.

"අඩුම ගානේ මම කරපු වැරැද්ද මොකක්ද කියලවත් කියනවද?" රසික ඇසුවේය.

[ගැහැණු සහ පිරිමින් අතර මෙවන් බොහෝ සංවාදවලදී, ඔහු පවසනුයේ සත්‍යයි. ඔහුට ප්‍රශ්නය කුමක්දැයිවත් හරිහැටි අදහසක් නැත.]

"හරි" ඇය තම කටහඬ අවදි කලාය. "මම කියන්නම් මොකක්ද වැරැද්ද කියලා, තොත්ත බබා.. දැන් මෙතන රඟපානවා මුකුත් කලේ නැති අහිංසකයෙක් වගේ"

[නමුත් එය රඟපෑමක් නොවේ. ඔහුට තවමත් ඇය පවසන දේ ගැන කිසිදු අදහසක් නැත.]

ඇය ගැඹුරු හුස්මක් ගෙන නැවත තම කතාව ඇරඹීය. " අර ' නැට්ටිච්චි ' පාටිය පුරාවටම මායම් පපා තමුන් ලඟ දැවටි දැවටි හිටියේ... තමුනුත් ඒකිගෙම ඇලිලා හිටියනෙ..."

රසික තුශ්නිම්භූත විය. මොන නැට්ටිච්චිද? මොන මායම් ද? ඔහු කිසිම මායමක් දුටුවේ නැත.
' නැට්ටිච්චි ' [මෙය කාන්තවන් යොදාගන්නා වචනයකි, පිරිමියෙකු විසින් ඇය වැනි අයෙකු ' social /sexy කෙල්ලෙක් ' ලෙස හඳුන්වනු ඇත ] රසික සමග කතාබහ කල කාලය තුල සිදුකල.... ඉඟ නැළවීම, කකුල පැද්දීම, කොණ්ඩය අතගෑම, කළවා අතගෑම, කන්පෙති පිරිමැදීම, පමණට වඩා ඔහු දෙස බලාසිටීම, වයින් වීදුරුව සෙමෙන් අතගෑම සහ පාසල් කෙල්ලෙකුගේ මෙන් කතා විලාශයකින් කතා කිරීම.... වැනි දෑ ඔහුට විස්තරාත්මකව ග්‍රහනය නොවිනි.
ඒ ඔහුගේ ඇස්වල ඇති දුර්වලතාවයක් නිසා නොවේ. පාරේ එන මෝටර් බයිසිකලයක වර්ගය මීටර් සියගනනක් දුර තියා වුවද ඔහුට කිව හැකි වුවද, සැඟවී සිටින සතුරෙකු හඳුනාගෙන ඉලක්කයට පහරදීමට ඔහුට හැකි වුවද, ගැහැනුන්ට හැකි ලෙස ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කිරීම, ඉඟි තේරුම් ගැනීම, හැඟීම් වල වෙනස්කම් සමග මුහුණේ සිදුවන සුළු වෙනස්කම් හඳුනාගැනීමට ඔහුට හැකියවක් නැත.
සාදයේ සිටි අනෙක් කාන්තාවන්ද ඇය දෙස හිස හරවා බැලීම නොකළමුත් මේ ' නැට්ටිච්චි ' ගේ ක්‍රියාකලාපය පිළිබඳව අවධානයෙන් සිටියහ . ඊට අමතරව ළඟ සිටිනා අනෙක් කාන්තාවන්ටද මේ ' නැට්ටිච්චි ' පිලිබද සිතුවිලිවලින් පණිවිඩ යවා අවසානය.
නමුත් පිරිමින්ට මේ අංග චලන, මුහුණේ සිදුවන සුළු වෙනස්කම්, ග්‍රහණය කරගැනීමට අපහසුය.
බොහෝවිට මෙවන් අවස්තාවකින් පසු පිරිමින් වෙත එල්ලවන චෝදනාවලට, ඉහතදී මෙන් දෙන පිළිතුරු 100%ක් සත්‍ය වියහැකිය. මක්නිසාදයත් ඔහුගේ මොළය එවන් සියුම් වෙනස්කම් දැකීමට සැකසී නැති හෙයිනි.