ගැහැණු ළමයි කොටට ඇන්දට කමක් නැද්ද?

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ගැහැණු ළමයි කොටට ඇන්දට කමක් නැද්ද?


    dcbcc53d33478b7f38471d5dbbe6eecc_M.jpg



    රීදි තීරයට නම් ඇය ආගන්තුකයි. නමුත් සිය පලමු රංගනයෙන්ම රිදි තීරය තමන් වෙත නතු කරගැනීමට ඇය සමත් වුණා.

    අනිත්‍ය චිත‍්‍රපටයෙන් අනාගත සිහින සිනමාව පිලිබඳ අපේක්‍ෂා දල්වන මැණික් හදගැස්මට ඒ සිහින ගැන කිව්වා.

    රඟපෑමට එනවාමයි කියලා හිතාගෙන හිටියාද?

    කැමැත්ත තිබුණා. ඒත් එනවාමයි කියලා හිතේ තිබුණේ නෑ.:P

    කෞෂි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

    මාලක වැලිගොඩපොල අයියා ෂුට් එකක් කරද්දි මෙහෙම දෙයක් තියෙනවා කරමුද කියලා ඇහුවා. මං කිව්වා කරමු.:baffled: මට එයාව අඳුන්වලා දෙන්න කියලා. එහෙම තමයි නාලක අයියාව හම්බ වුණේ.
    :rofl:



    MMS1-198x300.jpg



    චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න කලින් රඟපෑමට පසුබිම හදාගන්න කොහොමද?

    මම ටී.වී කමර්ෂල් කිහිපයක් කළා. නිරූපණ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ වෙලා හිටියා. හැබැයි ඒ දෙවල්වලට වැඩි කාලයක් යොමු කරන්න බැරි වුණා.

    අනිත්‍ය චිත‍්‍රපටයට ආරාධනා ලැබුණාම එක පාරට පිළිගත්තාද?:rolleyes:

    ස්ක‍්‍රීප්ට් එක කියෙව්වා. ඊට කලින් මට ෆිල්ම්ස් දෙක තුනක් විතර ඇවිත් තිබුණා. එකක්වත් භාර ගත්තේ නෑ. මේ ස්ක‍්‍රිප්ට් එක කියෙව්වාම අනේ මන්දා මං කැමැති වුණා.

    ගෙදරින් මොකද කිව්වේ?

    අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ඇහුවා. එක එක ලිමිට් තිබුණා. ස්ක‍්‍රීප්ට් එකේ තිබුණ සමහර තැන් නාලක අයියා කිව්වා ඒවා ලියලා තිබුණාට රූගත කරන්නේ නැහැ කියලා.

    එකපාරටම සිනමා කෘතියකින් රංගනයට වරම් ලැබුණාම මොකද හිතුණේ?

    ඇත්තමට ලකී එකක් තියෙන්න ඕන. ඉතිං මං හිතන්නේ ලකී එකට ලැබුණ දෙයක්. මොකද සිනමාවෙන් කෙනෙක් ඉදිරියට එනවා කියන්නේ බොහොම කලාතුරකින් වෙන දෙයක්.

    කෞෂි ඔයාගේ සෑබෑ ජිවිතයට හුඟක් සමානකම් තියෙන චරිතයක් කිව්වොත් හරිද?

    සමහර සමාන තැන් තියෙනවා. කෞෂී කියන්නේ තාරුණ්‍යයේ ඉන්න චරිතයක්. මමත් එහෙමයි. අනික එක තමයි කෞෂී කියන්නේ මුරණ්ඩු ගතියක් තියෙන අරගලකාරි චරිතයක්. ටිකක් මගේ ජිවිතෙත් ඒක තියෙනවා. හැබැයි සම්පුර්ණයෙන් නම් සමාන නෑ.

    ගැහැණු ලමයි සිගරට් පානය කිරීම හරිද?:baffled:

    වැරදියි. ගැහැණු ලමයි විතරක් නෙවෙයි පිරිමි ළමන්ටත් ඒක අදාළයි.:P

    චිත‍්‍රපටයේ අදාල දර්ශනවලදී බොහොම පලපුරුදු විදියට ඒ වැඬේ කළේ කොහොමද?

    ලේසි වුණේ නෑ. ඇස්වලින් කඳුළු ආවා. කතා කරන්නත් බෑ. අයියලා දෙතුන් දෙනෙක් මෙහෙම කරන්න ඕන කියලා. කියලා දුන්නා.

    ගැහැණු ළමයි කොටට ඇන්දට කමක් නැද්ද?



    MMS2-300x258.jpg


    ඒක ඒක එක්කෙනාගේ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. අවුරුදු තිස් පහ, පහනට ගිහින් කොටට අඳින්න ඕන කියලා මම කියන්නේ නෑ. තමන්ගේ වයස අනුව තමන්ට ගැලපෙන විදියට විලාසිතා කළාට කමක් නෑ.

    සාමාන්‍ය ජිවිතයේදී ඔයාත් ඒ වගේ විලාසිතා ද කරන්නේ?

    ඔව් මමත් අදිනවා. තැනට ඕන විදියට අඳිනවා.:baffled:

    කෞෂී කියන්නේ සම්ප‍්‍රදායෙන් එහාට ගිය චරිතයක්. මේ චරිතයට ආරුඪ වෙද්දි අභියෝග මුණ ගැහුණේ නැද්ද?

    සම්ප‍්‍රදාය කියන දේ මම පිලීගන්නේ නෑ. ක්‍මකඑ එකක් කියලා දෙයක් තියෙනවා. මේක ඇත්තම කතාවක්. ඇත්ත කතාවක් නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔවුන් සම්ප‍්‍රදායෙන් පිට ගිහින් තියෙනවා.

    මැණික් ජනප‍්‍රියත්වය වැඩි වේගෙන එද්දි පොලොවෙන් අඩි දෙකක් තුනක් උඩික් යන කෙනෙක්ද?:confused:

    අනේ නෑ. කොහොමටවත් නෑ. මොකද මං ජනප‍්‍රියත්වය පස්සේ යන්නේත් නෑ. දැනට ටෙලිනාට්‍ය දහයකින්, පහලොවකින් විතර ආරාධනා ලැබුණා. ඒත් මං භාර ගත්තේ නෑ.:oo:

    ඒ කිව්වේ මැණික් ඉදිරියේදී රංගනයට සම්බන්ධ වෙන එකක් නැද්ද?

    නෑ. හොඳ නිර්මාණයක් තිබුණොත් සම්බන්ධ වෙනවා. උදයකාන්ත අයියාගේ ෆිල්ම් එකක් කළා. නාලකගේ තවත් ෆිල්ම් එකකට සම්බන්ධ වුණා.

    ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නෑ ෆිල්ම්ස්වලට සම්බන්ධ වෙනවා කියලා සීමාවක් දාගෙනද ඉන්නේ?:P

    දැනට ඒ මතයේ තමයි ඉන්නේ.

    රංගනයට ඒ වගේ බෙදීම් ඕනද?

    ටෙලිනාට්‍යවල හැම වෙලාවෙම ෂුටින් යන්න වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒත් ෆිල්ම් එකකදී මාසයක් දෙයක් කළා එච්චරයි.

    මැණික් කෞෂි වගේම සෑබෑ ජිවිතයේ දී ආදරය වෙනුවෙන් ඕනම කැපවීමක් කරන අපෝ නෑ පිස්සුද? කෞෂි ඇත්තටම හම්බ වුණා නම් මං අහනවා මොන ගොන් කමක්ද මේ කරන්නේ කියලා.:P

    බැරි වෙලාවත් ඒ වගේ කැපවීමක් කරන්න වුණොත්?

    කැපවීම කියන දේ කරන්න වෙනවා. නැත්නම් ආදරය කියන දේ රඳපවතින්නේ නැනේ.

    ඔයාගේ මේ චරිතයට බැන්න,විචේචනය කළ අයත් ඉන්නවාද?:oo:

    මම දැක්කා පත්තරේක දෙකක විවේචනත් දාලා තියෙනවා. මං නම් හරි කැමැතියි. මොකද ඒකත් පබ්ලිසිටිනේ.
    :baffled:


    mms3-199x300.jpg



    කොහොමද ඒ විචේචනවලට උත්තර දෙන්නේ?

    මම සද්ද නැතිව ඉන්නවා.:rolleyes:

    සෑබෑ ජිවිතේ ආදරය ගැනත් කියමු?

    දැන්ම නොකියා ඉමු. මැරි කරන්න ඉන්නවා කියලා විතරක් කියමු.

    එයා දාපු තහනමක් ද ඔයා දාගත්ත තහනමක්ද?:baffled:

    ගෙදරින් දාපු තහනමක්.

    රංගන ජිවිතේ ඉදිරිය ගැන කොහොමද හිතාගෙන ඉන්නේ?

    තාම මගේ කිසිම ප්ලෑන් එකක් නෑ. හොඳ නිර්මාණයක් අවොත් කරනවා. එච්චරයි.
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    මේකට කියන්නේ සංස්කෘතික අන්ධභාවය කියලයි. මිනිස්සු එක එක මායිම් ගහලා සංස්කෘතියේ ඒවලින් කවුරු හරි එහා යන්න හදනවා නම් මඩ ගහනවා. මේක ලංකාවේ විතරක් නෙවෙයි ගොඩක් රටවල තියෙන තත්වයක්.