ගැහැනුන්ට සහ පිරිමින්ට එක වගේ සිතන්නට බැර
ඇයි අනේ මේ මනුස්සයට මම හිතනව වගේ හිතන්න බැරි. මේ සෑම ප්‍රශ්නෙකටම මුල ඒකනේ. මගේ මිතුරිය මට පැවසුවාය. ඇත්ත ඔයා වගේ හිතන්න ඔහුට බැහැ. මොකද ඔහු පිරිමියෙක් ඔබ ගැහැනියක්. ඉතින් ඒක ප්‍රශ්නයක්ද? ඔව් අනිවාර්යෙන්ම එය ප්‍රශ්නයක්. ඔබලා දෙදෙනෙක්. ඔබේ සිරුරේÊක්‍රියාත්මක හෝමෝනය නෙමෙයි පිරිමියෙකුගේ සිරුරේ ක්‍රියාත්මක වන්නේ. ඔබ දෙදෙනා සිරුරින් පමණක් නොවෙයි, මනසිනුත් වෙනස්. ඒ බව ඔබ තේරුම් ගතහොත් ඔබ දෙදෙනා අතර ඇතිවන හුඟක් ප්‍රශ්න අවම කරගන්න පුළුවන්.
ඔබට මතකද ඉස්සර මංගල උත්සවවලදී වැඩිහිටියන් කරන ඉතා ජනප්‍රිය කතාවක් තමයි ඔබ දෙදෙනා දැන් දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක්. ඒ නිසා එහෙම සිතලා වැඩ කරන්න. නමුත් දෙවියනේ එහෙම හිතුවට පුළුවන්ද පිරිමියෙකුත් ගැහැනියකුත් එක්කෙනෙක් කරන්න.
ඔබ දන්නවාද පිරිමින්ට සහ ගැහැනුන්ට සමාන විදියට සිතන්න බැරි බව. ඔවුන් සමාන වන්නේ එකම සත්ව වර්ගයක් ලෙස පමණයි. එනම් මානව වර්ගයා ලෙස පමණයි. ඔවුන් පරිණාමය වෙලා තිබෙන්නේ වෙනස් කෘත්‍යයන් සඳහායි. ඔහු පෙර දඩයම්කරුය. ඔහුගේ කර්තව්‍යය වූයේ දඩයම් කර ආහාර සැපයීමය. ඇගේ කර්තව්‍යය වූයේ ඔහු ගෙනෙන ආහාරයෙන් දරුවන් පෝෂණය කර ආරක්ෂා කර ගැනීමය. ඇයට ඉව නැත්නම් සංවේදී බව ලැබී තිබෙන්නේ අනතුරු කල්තියා හඳුනා ගැනීමටය.
පිරිමියාට දික් අවකාශයකුත්, ඇයට පුළුල් පරාසයක අවකාශයකුත් ලැබී තිබෙන්නේ ඒ නිසායි. පිරිමින්ට රාත්‍රි කාලයේ ඉතා හොඳින් වාහන පැදවීමේ හැකියාවක් ඇතිවී ඇත්තේ මෙම අවකාශවල වෙනස හේතුවෙනුයි. ගැහැනුන්ගේ සිරුරේ ක්‍රියාත්මක වන්නේ ඊස්ට්‍රජන් නම් හෝමෝනයයි. පිරිමින්ගේ සිරුරේ ක්‍රියාත්මක වන්නේ ටෙස්ටොස්ටොරොන් නම් හෝමෝනය. මේවායේ රසායනික ක්‍රියාකාරිත්වය බොහෝ වෙනස්. ඒ නිසා තමයි මූලික වශයෙන්ම පිරිමි ශක්තිමත්වත් ගැහැනු සියුමැලිවත් බිහිවී තිබෙන්නේ.
ගැහැනුන් වැඩි වශයෙන් පිරිමින් විවේචනය කරන්නේ තමන් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම, සවන් නොදීම, ආදරය නොපෙන්වීම, සම්බන්ධතා වෙනුවෙන් කැප නොවීම, තම උපන්දිනය, විවාහ සංවත්සරය අමතක කිරීම, ආදරය කිරීමට වඩා ලිංගිකව එක්වීමට අවශ්‍ය වීම යනාදී මෙකී නොකී කරුණු පෙරදැරි කොටගෙනයි. පිරිමින් ගැහැනුන්ව විවේචනය කරන්නේ වැඩිපුර කතා කිරීම, වේලාවට වැඩ නොකිරීම, සුළු දෙයටත් අමනාපවීම සහ ලිංගිකව එක්වීමට උනන්දුවක් නැති වීම වැනි දේ නිසායි.
ඔබ දන්නවාද ඔබ ගමනක් යන විට කෙනෙකුගෙන් පාරක් අසනවාට ඔබේ සැමියා අකැමැති බව. ඔහු වරද්ද වරද්ද කොතරම් දුර ගියත් පාරක් ඇසීමට කැමැති නැත. එය ඔහුට හැඟෙන්නේ දුර්වලකමක් ලෙසයි. ගැහැනු අපට එය තේරුම්ගත නොහැක. අතරමංව රස්තියාදු වනවාට වඩා දන්න කෙනෙක් ගෙන් පාර අසාගෙන යැමේ වරද කුමක්දැයි අපට හැඟේ. මෙය සමහරවිට ආරවුලක මුලකි. තම උපන්දිනය දා සැමියා උදෙන්ම තමන්ට සුබ පතාවි, තමන්ට වටිනා තෑග්ගක් ගෙනත් දේවි යෑයි බිරිඳ සිතයි. නමුත් සැමියාට එය අමතක වී ඇත. බිරිඳ සිතන්නේ සැමියා තමාට ආදරය නොකරන බවය. ආදරය කරන්නේ නම් මෙතරම් වැදගත් දිනයක් අමතක වේවිද ඒ ඇගේ සිතුවිල්ලයි.
පිරිමින් පාපන්දු, බොක්සිං ප්‍රිය කරන්නේ ඇයි? ඔබ දැක ඇති පාපන්දු බොක්සිං තරග නරඹන 99% ම පිරිමි බව. ඔබ ගැහැනියක් වශයෙන් නරඹන්නට අකැමැතිම ක්‍රීඩාව බොක්සිං විය හැකියි. නමුත් ඇස් දල්වාගෙන අතින් පයින් ඒ නරඹන ඔබේ කුඩා පුතු ගැන ඔබ සිතන්නේ කුමක්ද? පහරක් වදින විට දෝතින් දෙනෙත් වසා ගන්නා ඔබේ දියණිය දෙස බලන්න. මේ ගැහැනු සහ පිරිමින්ගේ වෙනස්කම් ගැන කිව හැකි ඉතා සරලම නිදසුනකි. ගැහැනු දරුවන් බෝනික්කන් ප්‍රිය කරද්දී පිරිමි දරුවන් වාහන ආයුධ ප්‍රිය කරන්නේ ඇයි දැයි ඔබ මොහොතක් සිතුවාද?
පිරිමි තිත්ත රස සහ ලුණු රසැති ආහාර වඩාත් ප්‍රිය කරද්දී ගැහැනු පැණි මිහිරි රස ප්‍රිය කරති. පිරිමින් බියර්Êවැනි මත්පැන් ප්‍රිය කරන්නේද එබැවිනි.
ගැහැනියක් අසතුටින් හෝ වේදනාවෙන් සිටින විට තවත් ගැහැනියකට එය සැණෙකින් හඳුනාගත හැකි වුවත් පිරිමියෙකුට එය හඳුනාගත හැකි වනුයේ කඳුළු හෝ බාහිර ලකුණක් තිබුණොත් පමණි. ගැහැනියකට තම සැමියාගේ කමිසය මත තැවරුණු සුවඳ විලවුන් වල වෙනස ක්ෂණයකින් හඳුනාගත හැක. ගැහැනු පුළුල් පරාසයක් දකින අතර පිරිමි උමඟක යන්නන් සේ කෙලින් දකිති. මේ පරිණාමය අනුව සිදු වූවකි.
ගැහැනිය සතු මෙම ස්වභාවික සංවේදී භාවය ඇයට ඉතා වාසිදායක වෙයි. පිරිමියෙකුට කාන්තාවකගේ නෙත් දෙස එක එල්ලේ බලා බොරු කීම ඉතා අපහසු කටයුත්තකි. ගැහැනියකට බොරුවක් කියන්නේ නම් දුරකථනයෙන් හෝ ලිපියකින් එය කීම වඩාත් සුදුසු යෑයි කතාවක් තිබේ.
ගැහැනුන්ගේ ඇති විශාලම දුර්වලතාවක් ලෙස පිරිමින් දකින්නේ වේලාවට වැඩ නොකිරීමයි. ගමනක් යැමට සූදානම් වූ විට මෙය මනාව දක්නට ලැබේ. බොහෝ විට ඒ ගමන යන්නට වෙන්නේ සිත් වේදනාවකිනි. එය සත්‍යයකි. ගැහැනු විශේෂයෙන්ම නිවෙස්වල සිටින අය මෙලෙස හැසිරෙන බව රහසක් නොවේ.
ඔබ සමහර විට ඔබේ සැමියා සමග ආරවුලක් ඇති කරගන්නේ ගමනක් ගිය පසු ඒ පිළිබඳව විස්තර ඇසූ විට ඉතා කෙටියෙන් පිළිතුරු දීම නිසා විය හැක. ඒ පිරිමින්ගේ හැටිය. ගැහැනු අප මෙන් විස්තර කීමට ඔහුට ස්වභාවයෙන්ම හැකියාවක් නැත. ඔබ ඔබේ දියණිය සහ පුතා සංසන්දනය කරන්න. දියණිය ඔබට සවිස්තරව එම ගමන ගැන විස්තර කියනු ඇත. නමුත් ඔබේ පුතා ඉතාම කෙටියෙන් ඒ පිළිබඳ පවසනු ඇත. බොහෝ පිරිමින් නොකැමතිම දෙයක් වන්නේ සාප්පු යැමය. ඔවුන්ට ඔබට මෙන් සාප්පුවක් ගානේ ගොස් කේවල් කරමින් බඩු ගැනීමට තරම් අප්‍රිය දෙයක් තවත් නැත. ඉතින් ඔබ ඔහුව බලෙන් ඒ සඳහා කැමති කරවා නොගත යුතුය.
පිරිමි ස්වභාවයෙන්ම විවේචනයට අකැමැතිය. ඔබේ සැමියා ඉතාම මෝඩ ක්‍රියාවක යෙදුනා වන්නට පුළුවන. නමුත් පවුලේ සමගිය රැක ගැනීමට නම් ඔබ කළ යුත්තේ නිහඬව සිටීමයි. පිරිමින් තම වරද පිළිගන්නේ ඉතා අඩුවෙනි. ඔබ පිරිමියෙකුට යම් කාර්යයක් කිරීම ගැන හොඳ යෝජනාවක් ගෙනාවොත් ප්‍රථමයෙන්ම ඔහු කරන්නේ එය අඩු තක්සේරු කිරීමයි. අපෝ එහෙම කරන්න බැහැ. ඒක හරි මෝඩ අදහසක් ඔහු පවසාවි. නමුත් අන්තිමට ක්‍රියාත්මක කරලා තිබෙන්නේ ඔබේ යෝජනාවම වෙන්න පුළුවන්. ඔවුන් කැමැති නැහැ ගැහැනියකට දෙවෙනි වෙන්න.
ඒ වගේම පිරිමින් තම හැඟීම් එළි දක්වන්නේ ඉතා අඩුවෙනි. ඔබේ සැමියා ඔබට පණ වගේ ආදරය කරන්නෙකු විය හැකිය. නමුත් ඔහුට එම හැඟීම ඔබට දක්වන්නට හැකියාවක් නැත. බොහෝ විවාහ බිඳ වැටෙන්නේද මෙම නොතේරුම් ගැනීම නිසාමය. ඒ වගේම තමයි බොහෝ පිරිමි හරිම ආරක්ෂා සහිතය (චදිsessසඩැ)ග තම බිරිඳ පෙම්වතිය වෙන කෙනෙක් දිහා බලනවාට කතා කරනවාට කැමැති නැහැ. ඒ බව කාන්තාව තේරුම් ගෙන කටයුතු කළ යුතු වෙනවා. සමහර කාන්තාවන් පිරිමින් ප්‍රකෝප කිරීමටම එලෙස හැසිරෙනවා. මෙයින් විශ්වාසය කඩවිය හැකියි.
ඔබ දන්නවාද පිරිමියෙකුට එකවර කළ හැක්කේ එක දෙයක් පමණි. නමුත් ගැහැනු අපට කාර්ය රැසක් එකවිට කළ හැකියි. එයට හොඳම නිදසුනක් නම් පිරිමියකුට දත් මදින්නේ නම් එම කාර්යේ පමණක් යෙදිය යුතුය. දුරකථනයෙන් කතා කරන්නේ නම් වෙනතකට අවධානය යොමුකළ නොහැකිය. නමුත් ගැහැනු අපට දත් මදිමින් වගේම දුරකථනයට පිළිතුරු දෙමින් තවත් දහසකුත් එකක් කාර්යවල යෙදිය හැකියි. ඔහු පුවත්පතක් කියවන්නේ නම් ඔබ කොතරම් උච්ච ස්වරයෙන් කථා කළත් ඔහු බිහිරිය.
පිරිමින් තම රැකියා සඳහා තෝරා ගැනීමට වඩාත් කැමැති තම අවකාශ හැකියාවන් ඉස්මතු වන රැකියාවන්ය. පියාසර ඉංජිනේරු මෝටර් රථ තාක්ෂණික ගෘහ නිර්මාණ ශිල්පී වැනි රැකියා ඔවුන් බොහෝ ප්‍රිය කරති.
පිරිමින් හඬන්නේ ඉතා කලාතුරකිනි. ඒ වගේම ඔවුන් තම වේදනාව දුක අන් අය දැන ගන්නවාට කැමැති නැත. මේ බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. නමුත් ගැහැනුන්ගේ කඳුළුවලට පිරිමින්ගේ සිත මෙලෙක් වේ.
ඔබ ඔබේ සැමියා පෙම්වතා සහ සොහොයුරා තේරුම්ගත යුතුවා සේම ඔවුනුත් ඔබව තේරුම්ගත යුතුය. පිරිමියකු සේ සිතීමට ඔබට නොහැකි බවද ඔවුන් තේරුම්ගත යුතුය. අද අපේ කාන්තාවන් ඉතා ඉක්මනින් කලබලයට පත්වී ඉතා ඉක්මන් තීරණවලට එළඹෙති. බොහෝ පිරිමින්ට ආදරය සහ ලිංගික සම්බන්ධතාව කරුණු දෙකකි. සමහරුන් ගණිකා ඇසුරට යන්නේ ආදරය නිසා නොවන බව ඔබ දන්නෙහිය. නමුත් කාන්තාවන්ට නම් එය එකම කරුණකි. තම සැමියා අනියම් ඇසුරක් පවත්වන්නේ යෑයි සැකයක් ඇතිවුණ විගස ඇය කරන්නේ සැමියාට ගෙදර අපායක් කිරීමයි. මෙයින් වනුයේ ඔහු වඩ වඩාත් එම අනියම් ඇසුරට යොමු කිරීමයි. ඔබේ සැමියා අනියම් ඇසුරකට යොමු වන්නේ නම් එයට හේතුව කුමක්දැයි පළමුව ඔබ සොයා බැලිය යුතුයි. කෙතරම් වරද කළත් බොහෝ පිරිමින් තම පවුල් සංස්ථාව බිඳ ගැනීමට කැමැත්තක් නොදක්වති. එමනිසා එම අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගත යුතුයි.
තම බිරිඳ, මව හෝ සොහොයුරිය වැඩකාරයෙක් හෝ සේවිකාවක් නොවන බව පිරිමින් තේරුම්ගත යුතුයි. ඇය අපේක්ෂා කරන පරිදි ඇය සිතින් ආදරය කරනවාට වඩා එය ක්‍රියාවෙන් සහ වචනයෙන් පෙන්විය යුතුය. සමාජය ඉදිරියේ ඇය අගය කළ යුතුයි. අද සමාජයේ කාන්තාවන් අතින් කෙරෙන වැඩ කොටස සුළුපටු නොවේ. නිවසේදී ඇය ශ්‍රමිකයෙක් වී ඇත. ඇයට ඔබේ ශ්‍රම දායකත්වය සැපයිය යුතුය. අද සමහර පවුල් යෑපෙන්නේ කාන්තාවගේ ශ්‍රම දායකත්වයෙනි. පිරිමින් අත පය හකුලාගෙන සිටිති. නමුත් ගෘහයේ මූලිකත්වය ඔහුට දිය යුතුය. පැරණි හණමිටි අදහස්වලට අවනත නොවී හැඩ ගැසීමට පිරිමින් සිතාගත යුතුයි.
අද අපේ රටේද දික්කසාදය බහුලවී ඇත. මේ තත්ත්වයට වැඩිපුරම වගකිවයුත්තේ පිරිමින් බව කිව යුතුමය. ඔවුන්ගේ බීමත්කම සහ එකිනෙකාගේ අදහස්වලට අනුවර්තනය නොවීම, අනියම් සබඳතා, සැකය, ඉවසීම නැතිවීම යන මේ දේවල් මෙයට හේතුවී තිබේ. සමහර විට දික්කසාදයට මුල්වූ හේතු බැලූ විට ඉතාම සුළු දේවල් බව වැටහේ. නමුත් ඒවා ඉතා දුරදිග ගොස් ඇති බව පෙනේ. අතරමැදියකු නොමැතිවීම, උපදේශන සේවාවල ඇති හිඟයද මේවාට බලපා ඇත. ඒ අතර තම දරුවන් වෙනුවෙන් කරන පරිත්‍යාගයක් ලෙස විවාහ ජීවිතයේ දහදුක් විඳගෙන ජීවත්වන පිරිසක්ද මේ අතර වෙති.
මා දන්නා කාන්තාවක් ළඟදී මට පැවසූයේ තම තරුණ පුතණුවන් ඇයට පියාගෙන් දික්කසාද වන ලෙස බල කරන බවයි. මේ ඉතාම විරල සිද්ධියකි. එයට හේතුව ඔහුට තම මවට පියාගෙන් වන හිරිහැර ඉවසා සිටිය නොහැකි වීමයි.
මෙහිදී මා ගැහැනු පිරිමි ගැන සඳහන් කර ඇත්තේ සමස්තයක් වශයෙන් පමණයි. සෑම ගැහැනියක්ම පිරිමියෙක්ම මේ වගේ යෑයි කීමට නොහැක. කීමද ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරිත්වය අඩුවැඩිවීම් අනුව ගැහැනු ගති පිරිමි ගති වෙනස් විය හැක. නිදසුනක් වශයෙන් කාන්තාවකගේ ටෙස්ටොස්ටොරොන් ක්‍රියාකාරිත්වය වැඩිවූ විට ඇය තුළ පිරිමි ගති වැඩි වන්නටත් පිරිමියකු තුළ ඊස්ට්‍රජන් වැඩිවූ විට ගැහැනු ගති වැඩිවන්නටත් පුළුවන.
(Why men don't listen & women can't read maps by allan & Barbara Pease) යන පර්යේෂණාත්මක ග්‍රන්ථය ඇසුරිනි.

Last edited: