ගෑණුන්ට වඳිනවා බලං ඉන්න ආසයි - තංගල්ල පොලීසිය 🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113



    කාන්තාවකට වැඳ සමාව නොගත් නිසා, තංගල්ල පොලීසිය පුද්ගලයෙකුට මුගුරකින් පහරදීලා.

    එක්තරා සිද්ධියකට අදාළව පුද්ගලයෙකු විසින් කාන්තාවක් සමඟ බහින් බස් වී, ඉන් අනතුරුව එම පුද්ගලයා ඔහුගේ නිවස තුළ සිටියදී , තංගල්ල පොලීසියේ නිළධාරින් තිදෙනකු එම නිවසට පැමිණ, නිවසේ දොර කඩා නිවස තුළට ඇතුළු වී, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන, අදාල කාන්තාවගේ නිවස ඉදිරිපිට මාර්ගයට රැගෙන ගොස්, ප්‍රසිද්දියේ එම කාන්තාවට වැඳ සමාව ගන්නයි කියා පොලීසිය විසින් බලපෑම් කර ඇත. එය ප්‍රතික්ෂේප කිරීම නිසා උරණ වූ පොලිසිය විසින් එම පුද්ගලයාට පොල්ලකින් පහරදී, කකුලකට හා තුනටියට හානි සිදුකර ඇත.
    මෙලෙස පොලිසියෙන් පහර කෑමට ලක්ව ඇත්තේ, තංගල්ල, නෙටොල්පිටිය, රැකව නැගෙනහිර, පොකුණු ගොඩ, යන ලිපිණයේ පදිංචි කෝකු හැන්නැදිගේ ප්‍රභාත් ප්‍රියන්ත යන අයට වේ.
    මොහු විවාහක දෙදරු පියෙකු වන අතර, බිරිඳ ද විදේශගතව ඇත. මොහු ධීවර කාර්මිකයකු වන බැවින් එක් දින ධීවර රැකියාව කරමින් ජීවත්වේ.

    මොහුගේ නිවසට යාබද නිවසේ පදිංචි කාන්තාවක්, ඇයගේ නිවසේ තියෙන කුණුරොඩු මොහුගේ නිවසට දමා මොහුගේ ඉඩම තුළ දිගින් දිගටම පුළුස්සා ඇත. මොහු විසින්ම මෙම තැනැත්තියට අවස්ථා කිහිපයක්ම තම ඉඩමේ තබා කුණු රොඩු පිලිස්සීම නොකරන ලෙස දැනුවත් කර ඇත.
    2025.08.02 දින දවල් කාලයේ මෙම තැනැත්තිය විසින් මොහුගේ ඉඩම තුල නැවතත් කුණු රොඩු පිලිස්සීම සිදු කර ඇත. එයට උරණ වූ ප්‍රභාත් ප්‍රියන්ත, වහා ගොස් මෙම තැනැත්තියට දැඩි සේ චෝදනා කර ඇත. එදින පස්වරු 05.00 ට පමණ, හුංගම පොලිසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු, මෙම නිවසට පැමිණ, නිවසේ පිටුපස දොර කඩා, නිවසට අයුතු ලෙස ඇතුළු වී, ප්‍රභාත් ප්‍රියන්ත අත්අඩංගුවට රැගෙන, යාබද නිවසේ පදිංචි රේණුකා වසන්ති යන අයගේ නිවස ඉදිරිපිට පාරට රැගෙන ගොස්, රේණුකා වසන්තිගෙන් ප්‍රසිද්ධියේ වැඳ සමාව ඉල්ලා සිටින ලෙසට පොලිස් නිලධාරීන් පවසා ඇත, එය ප්‍රතිශේප කළ ප්‍රභාත් ප්‍රියන්තට, පොලිස් නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී, කුඩු දමා 54 ගහනවා කියා ප්‍රකාශ කරමින්, පොල්ලකින් ඔහුගේ කකුලට තුනටියට තට්ටම් පූවරුවට පහර දී ඇත. පහර කෑමට ලක් වූ ‍ප්‍රභාත් ප්‍රියන්ත සිහිසුන්ව ඇද වැටී ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් විසින් පියවි සිහිය රැගෙන, මොහුට නිවසට යන ලෙස දන්වා මුදාහැර ඇත.
    පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ ප්‍රභාත් ප්‍රියන්ත එදින තංගල්ල මූලික රෝහලට ඇතුළත් වීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා නතර කරගෙන ඇත.
    මෙම සිද්ධියට අදාළව ‍ප්‍රභාත් ප්‍රියන්ත විසින් රෝහල් පොලිසියට දෙන කට උත්තරයකට අනුව 2025.08.06 දින තංගල්ල පොලිසියේ විවිධ පැමිණි අංශය වෙත මොහු කැඳවා ඇත. එහි ස්ථානාධිපති විසින් එය ගොඩින් බේරා ගන්න ලෙසට මොහුට යෝජනා කර ඇති අතර, මොහු විසින් ප්‍රකාශ කර ඇත්තේ, මෙතරම් දෙයක් සිදුව තිබියදීත් කොහොමද ගොඩින් බේරන්නේ කියා, අනතුරුව ස්ථානාධිපති විසින් ප්‍රකාශ කර ඇත්තේ, එසේ නම් ඔහුට කරන්න දෙයක් නොමැති බවත්, පොලිසියට විරුද්ධව රාජකාරි කරන්න ඔහුට නොහැකි බව ප්‍රකාශ කළා යැයි, ප්‍රභාත් ප්‍රියන්ත විසින් අප සමග කියා සිටීහ.
    මේ වන විට ‍ප්‍රභාත් ප්‍රියන්ත විසින් පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු වග කිවයුතු සියලු ආයතන වෙත ලිඛිතව පැමිණිලි කළ බව වැඩි දුරටත් අප සමග කියා සිටියහ. HRFAC Hambanthota

    #මානවහිමිකම් #mojovideo #righttolifesrilanka #r2l #hrfac #humanrights #righttolifesrilanka #policetorture
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    තට්ටම් පූවරුව

    ඒ මොකක්ද බම් ඒ

    පොලිසියෙන් වඳින්න කිව්වා නම් වඳින්න තිබුන

    එහෙම උනා නං ගහපු මෝඩ පක්කුන්ගෙ වැඩ තහනං කරවලා ගෙදර යවන්න වෙන්නෙ නෑනෙ. 🤭
    ඔය වගේ පක්කු පාරටම ඇදල දාන්න ඕන.
    ------ Post added on Aug 20, 2025 at 2:08 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොන්න අට පාස් පොලිස් කාරයෝ කියන්නේ සමාජයෙන් කොන්කරලා දාන්න ඕනේ සක්කිලි රැලක් 🤮 🤮 🤮
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මේ වන විට ‍ප්‍රභාත් ප්‍රියන්ත විසින් පොලිස්පති, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම ඇතුළු වග කිවයුතු සියලු ආයතන වෙත ලිඛිතව පැමිණිලි කළ බව වැඩි දුරටත් අප සමග කියා සිටියහ.

    හුකෝල ගනී වගේ ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕනා.
     
    • Like
    Reactions: shenat

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    මහින්දගේ පොලිසියේ වැඩ
    මුන් ටික බලේ ගත්ත දවසෙම කිව්වා අපි පොලිසියට නිදහසේ වැඩ කරන්න දීල ලු ඉන්නේ,

    මුන් කියන විදිහට නම් ඉස්සර මෙහෙම දෙයක් උනත් ආණ්ඩුවේ බලේ ඉන්න උන්ගේ වැරැද්ද
    දැන් ස්වාදීන පොලිසිය , මේවා පොලිසිය බාර ඇමති අත දාන්නේ නැත් නම් මොකටද ඇමතියෙක් ඉන්නේ

    එකම උන් ටික අවුරුදු 70 ගානක් තිස්සේ රට කනවා මාරුවෙන් මාරුවට ,
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    පොන්න අට පාස් පොලිස් කාරයෝ කියන්නේ සමාජයෙන් කොන්කරලා දාන්න ඕනේ සක්කිලි රැලක් 🤮 🤮 🤮

    Ks1pvF3.png


    2000 න් පස්සේ උන් ගත්තත් , උන්ටත් ට්‍රේනින් දෙන්නේ අටපාස් සීනියර්ලා තමයි 😆
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේ වගේ සීන් එකක් කාටද මතක, මොරටුව පැත්තෙද කොහෙදෝ ගෙදර ගෑණි බඩුව වගේ පොලිසියට දෙනවා. ඒ ගෙදර ලොකු දුවට තාත්තා තරවටු කලා කියලා, දුව කියන බැල්ලි පොලිසියට කම්ප්ලේන් කරලා තාත්තාව අරන් ගිහින් පොලිසියෙදි ගහහලා මරලා.. පොඩි දුවගෙ Voice Cut එකක් තිබුනා ඒකි අඬ අඬා කියනවා පොලිසිය ඇවිල්ලා තාත්තාව හොයන්න ගේට්ටුවට ගහද්දි, තාත්තා අඬ අඬා පොඩි දුවට කිවුවලු මාව ගෙනියන්න දෙන්න එපා කියලා.. එදා රෑ පොලිසියට ගෙනිහිල්ලා ගහලා ඒ තාත්තා මැරිලා, පහුවදා උදේ වෙද්දි අර පොඩි කෙල්ල තනි වුනා මේ ලෝකෙ වේසා අම්මයි අක්කයි එක්ක.. මට මේක දැකලා ඒ සිද්දිය මතක් වුනා, ඒක මුලින්ම දැකපු වෙලාවෙ ආපු Depressive feeling එක ආයෙම ආවා..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    මේ වගේ සීන් එකක් කාටද මතක, මොරටුව පැත්තෙද කොහෙදෝ ගෙදර ගෑණි බඩුව වගේ පොලිසියට දෙනවා. ඒ ගෙදර ලොකු දුවට තාත්තා තරවටු කලා කියලා, දුව කියන බැල්ලි පොලිසියට කම්ප්ලේන් කරලා තාත්තාව අරන් ගිහින් පොලිසියෙදි ගහහලා මරලා.. පොඩි දුවගෙ Voice Cut එකක් තිබුනා ඒකි අඬ අඬා කියනවා පොලිසිය ඇවිල්ලා තාත්තාව හොයන්න ගේට්ටුවට ගහද්දි, තාත්තා අඬ අඬා පොඩි දුවට කිවුවලු මාව ගෙනියන්න දෙන්න එපා කියලා.. එදා රෑ පොලිසියට ගෙනිහිල්ලා ගහලා ඒ තාත්තා මැරිලා, පහුවදා උදේ වෙද්දි අර පොඩි කෙල්ල තනි වුනා මේ ලෝකෙ වේසා අම්මයි අක්කයි එක්ක.. මට මේක දැකලා ඒ සිද්දිය මතක් වුනා, ඒක මුලින්ම දැකපු වෙලාවෙ ආපු Depressive feeling එක ආයෙම ආවා..
    ow ammatai duwatai dennama policiye unta deepu seen ekak