ගෑණු කොහෙ හරි පැරදිලා බන්...

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සකළ සැප පිරි මැදුරු අතරෙත්
    මොනවදෝ තව හොයනවා උන්..
    හිස්ම හිස් වුණු එක බැල්මකින්
    පපුව පුරවා ගන්නවා උන්..
    හැටක් මායම් මිටක් තිබ්බත්
    ආදරේ ළඟ නැමෙනවා උන්..
    එකම එක බැල්මකට අහුවී
    කඩුව වැද්දට දුන්නෙ ඇයි බන්..
    වැද්දො රජ කරවන්න හිතුවට
    කූඩැල්ලන්ට මෙට්ට බෑ බන්..
    කුවේණිට උන දේ අමතකද
    උඹත් ඒකම කළේ ඇයි බන්..
    ආදරේ ළඟ ලොවම අතහැර
    ජීවිතේ දුන්නාට ගැහැණුන්..
    විභාගය ඉවරනම් මගුලට
    පොත් තියාගෙන ඉන්නවද බන්..
    ගෙම්බො අල්ලන් ඉම්බ පළියට
    උන් කුමාරයො වෙන්නෙ නෑ බන්..
    එදත් ඊයෙත් අදත් හෙටටත්
    ගෑණු කොහෙ හරි පැරදිලා බන්...
    කව්රු කිව්වත් කොහොම කිව්වත්
    මොහොතකින් උන් වෙනස් වෙයි බන්..
    ඒක හින්දා ආයෙ සැරයක්
    කඩුව නම් උඹ දෙන්නෙපා බන්....

    අනිශා ජයකොඩි ✍


    3cLqtkX.png



    * මේකේ තේරුම තේරුන එකෙක් පැහැදිලි කරපල්ලකෝ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    මේකෙ ඉතිං ලොකු තේරුමක්නං නෑ.. බයිල කතාවක් තියෙන්නෙ.

    සකළ සැප පිරි මැදුරු අතරෙත්
    මොනවදෝ තව හොයනවා උන්..

    කොච්චර තිබ්බත් සෑහීමකට පත්වෙන්නෙ නෑ

    හිස්ම හිස් වුණු එක බැල්මකින්
    පපුව පුරවා ගන්නවා උන්..
    හැටක් මායම් මිටක් තිබ්බත්
    ආදරේ ළඟ නැමෙනවා උන්..
    එකම එක බැල්මකට අහුවී
    කඩුව වැද්දට දුන්නෙ ඇයි බන්..

    දුරදිග බලන්නෙ නැතුව හිතුමතේට ආදරේක පැටලෙනව ඒ ආදරේ වෙනුවෙන් ඕනෙ දෙයක් කරනව.

    වැද්දො රජ කරවන්න හිතුවට
    කූඩැල්ලන්ට මෙට්ට බෑ බන්..
    කුවේණිට උන දේ අමතකද
    උඹත් ඒකම කළේ ඇයි බන්..

    වැද්ද වෙනුවෙන් කඩුව දුන්නත් වැද්ද කුමාරිව අත්හරිනව.
    විජය වෙනුවෙන් රටේ පාලනය දුන්නත් විජය කුවේනිව අත්හරිනව.
    ගැහැනිය පිරිමිය වෙනුවෙන් මොන දේ කරත් පිරිමියට ඒ හැඟීම නෑ.
    (බයිල තමා ඉතිං)


    ආදරේ ළඟ ලොවම අතහැර
    ජීවිතේ දුන්නාට ගැහැණුන්..
    විභාගය ඉවරනම් මගුලට
    පොත් තියාගෙන ඉන්නවද බන්..

    ගැහැනිය ආදරේ වෙනුවෙන් මොන දේ කලත්, පිරිමිය ඒ ආදරේ ප්‍රයෝජනයට අරන් ගැහැනියව වෙන දේකට යොදවගන්නව.
    පිරිමියගේ අවශ්‍යතාව සපිරුනාම ගැහැනියගේ ආදරයෙන් පිරිමියට වැඩක් නෑ...


    ගෙම්බො අල්ලන් ඉම්බ පළියට
    උන් කුමාරයො වෙන්නෙ නෑ බන්..

    මේ කියන්නෙත්,
    උඩ කියල තියෙන වැද්දගෙ කතාවමයි..


    එදත් ඊයෙත් අදත් හෙටටත්
    ගෑණු කොහෙ හරි පැරදිලා බන්...
    කව්රු කිව්වත් කොහොම කිව්වත්
    මොහොතකින් උන් වෙනස් වෙයි බන්..
    ඒක හින්දා ආයෙ සැරයක්
    කඩුව නම් උඹ දෙන්නෙපා බන්..

    කොච්චර කිවුවත් ගෑනු ස්වභාවය ඕක තමයි. ආයෙ ආයෙත් ආදරේ හින්ද රැවටෙනව. ඒ හින්ද ආදරේ වෙනුවෙන් හැම දේම පුදන්න යන්නඑපා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සරළවම කිව්වොත් - මේක පිරිමින්ට දෙන උපදේශයක්,
    ගෑණුන්ගෙ ගතිගුණ මෙහෙමයි............
    අවස්ථාව ලද සැණින් වෙනස් වෙනව.
    ඒ් නිසා විශ්වාස කරන්න ඒපා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ගෑණුන්ට 64 මායම් තිබ්බට ලංකාවෙ හිපාටුවො වගේ උන් වැලන්ටයින් ඵකට කඩන පෙට්ටි ගොඩ බලපංකො..පෙට්ටිය කැඩුවට පස්සෙද දන්නෑ 64 මායම් ඵන්න ගන්නෙ😄😄
     
    • Like
    • Haha
    Reactions: c gate and VASSA

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෑණුන්ට 64 මායම් තිබ්බට ලංකාවෙ හිපාටුවො වගේ උන් වැලන්ටයින් ඵකට කඩන පෙට්ටි ගොඩ බලපංකො..පෙට්ටිය කැඩුවට පස්සෙද දන්නෑ 64 මායම් ඵන්න ගන්නෙ😄😄

    pettiya kada ganna ekath, 64 n ekak wenna athi ban.
    samaharu balenma kada ganne hoda aththak set unahama atharina beri kamata life eka settle wenna hitha gena. okath 64 n ekak thamai
     
    • Wow
    Reactions: Deleted