ගෑණු පාතාලේ හිස ඔසවයි

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ගෑණු පාතාලේ හිස ඔසවයි

    දැන් ඔය පිරිමි පාතාල නායකයන්ගෙ නම් වැටෙන්නෙ එක්කො කරපු රස්සාව අනුව, නැත්තන් ගම අනුව, නැත්තන් පොර විශේෂඥයෙක් වෙච්ච මොකක් හරි සීන් එහෙකට එහෙමනේ.... - උදා: " ආමි සුරංග, එස්.එෆ්. ලොක්කා, දෙමටගොඩ චමින්ද, කඩුවෙල වසන්ත, මොරටු සමන්, කුඩු සුදා, බෝම්බ අජියා .... 🙄🙄

    බැරි වෙලාවත් මෙහේ ඉස්ත්‍රී ආධිපත්තෙ තිබිලා, කෙල්ලො පාතාලා කාරියො උනා නම්, ඒ පාතාල නායිකාවන්ගෙ නම් මොන වගේ වෙයිද?.... 😳😳

    " සැලෝන් ශශිකා "

    "ඩ්‍රෙසින් ෂෙහානි"

    "නේල් පොලිෂ් කෞෂි"

    "කේක් සැන්ඩ්‍රා"

    " මේකප් දිලේෂා"

    "ඒන්ජල් උප්සීZzZz"

    "පොමනේරියන් නිලේඛා"

    "ඇල්සේෂන් චාරුණී"

    "එම්බ්‍රොයිඩර් වසන්ති"

    "මවුන්ට් ලැවානියා මෑඩ් උදේනි "

    "මැන්ඩරීන් බ්ලූ ටෙඩී බනී XOXX"

    "ඩෝනට් දිලිණි"

    "හෙයා ස්ටයිල් මල්ෂාණි"

    "නර්ස් කාවින්ද්‍යා"

    "මිඩ් වයිෆ් චතුරිකා"

    " කේළම් වරුණි"

    පාතාල කල්ලි අතරෙ ගැටුම් ඇතිවෙන්නෙ -

    " නායිකාවන් දෙදෙනා එක පාට බ්ලවුස් ඇඳීම නිසා වනාතමුල්ලේ පාතාල ගැටුමක්.... අට දෙනෙක් රෝහලේ....."

    ප්‍රචණ්ඩ ක්‍රියා -

    "බතළී" යැයි විහිලු කළ තරුණයන් දෙන්නා හන්දියේ දණ ගස්සා "අතුරු මිතුරු දඹදිවතුරු" කරන්න කියලා......."ඇන්තූරියම් ප්‍රමුදි" ගේ කල්ලිය දකුණ කළඹයි.....

    ගමේ නමින් " කුසුමාවතී" කියා ඇමතුවැයි තරුණයාට වෙඩි තබා මරලා........" කවුෂි ඒන්ජල්" සොයා පොලිස් මෙහෙයුම්......

    " මූඩ් අවුල් ගිය පාතාල නායිකාව, තමාගේම කල්ලියට වෙඩි තියලා "

    " ප්‍රාදේශීය සභාපතිට ප්‍රහාරයක්........ස්කූටියකින් පැමිණි තරුණියන් දෙදෙනෙකු ප්‍රාදේශීය සභාපති වරයාට වෙඩි තබා පළා යයි..... තැබූ වෙඩිල්ල සභාපතිවරයාට මීටර් පනහක් පමණ ඈතින් පිහිටි ලයිට් කණුවකට වැදී ඇති අතර, වෙඩි සද්දය නිසා බලවත් කම්පනයට පත් සභාපති වරයා බලාගත් අතේ බලාගෙන සිටින නිසා, පිරිත් නූල් බැඳීමට සිදුවී තිබේ...."

    " වෙඩි තබා එනවිට ස්කූටියේ පැච් එකක් ගිහින්...... ටයරය මාරු කර දෙන තුරු පාර අයිනේ සිටි "නිගම්බෝ කවිෂාණි" අත් අඩංගුවට....

    " පොලීසියට කුචි කවා පලා යෑමට උත්සාහ කළ "තොන්ග් ප්‍රියන්ති" පොලිස් වෙඩි පහරින් මරුට...."

    "ෂූට්!" කිව්වාම ෆොටෝ ෂූට් එකක් යැයි සිතා පෝස් එකක් දැමූ පාතාල නායිකාව වෙඩි කා නසී..."

    "විසි කළ අත් බෝම්බය තමාගේම ඔසරියේ පැටලී පිපිරීමෙන් "උඩරට මහේෂිකා" මරුට".....

    මුළු පාතාලේම ඉන්ස්ටග්‍රෑම් එකේ ඉඳියි...... " මී ඇන්ඩ් මයි මර්ඩර් !" කියලා ඇඟිලි දෙක දාගෙන ෆොටෝ ගහලා දායි..... ෆොටෝ එකට මෙලෝ ගැළපීමක් නැති ඉන්ස්පයිරේෂනල් වාක්කිය වැටෙයි..... " ෂූට් ඔන්ලි වන්ස් ඉන් ලයිෆ්.... ස්ට්‍රයිව් ෆෝවඩ්..... අයි ඩෝන්ට් කෙයා වට් එනිවන් ටෙල්ස් අබවුට් මී.... අයි ෂූට් හූ අයි වෝන්ට්..... සොසයිටි කැන් ජජ් මී... අයි ගෙට් මයි කන්ට්‍රැක්ට්ස්...."

    කොන්ත්‍රාත් දෙන කොට -

    "බොස් තව දවස් තුනක් විතර යනකල් කිසි වැඩක් බාර ගන්නෙ නෑ....... ෆ්‍රයිඩේ වගේ කෝල් කරනවද?.....ඔව්.....නෑ එයා මේ දවස් වල ගන්නෙ නෑ...... ඇයි අනේ තේරුම් ගන්නකො මෙච්චර කියන්නෙ මොකක්ද කියලා..... බාර ගන්නෙ නෑ....."

    🙄


    ( From Damith Kethaka's FB page. Credit goes to the original author)
    :P:P:P:P:P:P:P:P:P:P
     

    blue_in_rio

    Well-known member
  • "බොස් තව දවස් තුනක් විතර යනකල් කිසි වැඩක් බාර ගන්නෙ නෑ....... ෆ්‍රයිඩේ වගේ කෝල් කරනවද?.....ඔව්.....නෑ එයා මේ දවස් වල ගන්නෙ නෑ...... ඇයි අනේ තේරුම් ගන්නකො මෙච්චර කියන්නෙ මොකක්ද කියලා..... බාර ගන්නෙ නෑ....."


    මටත් මේ කතන්දරේ කෙල්ල කියපු පළවෙනි පාර මීටර් උනේම නෑ.ඉස්සෙල්ලම වැඩට ගියේ නෑ කිව්ව බඩ රිදෙනව කියල.නරක දෙයක් කෑවෙත් නෑ කියල මං දන්නවනේ.ඉතින් මං ගෑස්ට්‍රයිටිස්වත්ද කියලා බලන්න ඩොකෙක් ළගට යන් කිව්වා.ඒත් කියනව, නෑ නෑ අනේ බඩ රිදෙනවලු.අන්තිමට කියනව තේරුම් ගන්නවකො හලෝ කියලා.ඔන්න එතකොටයි මගේ ටිකිරි මොලේට කාරණේ වැටහුනේ.කවදා කෙල්ලො අශ්‍රය කරපු උන්ද බන් අපි.කියන දෙයක් තේරෙන සිංහලෙන් කියන්නෙපෑ. :sorry::sorry:




     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රෝසි මැඩම්

    ලැට් රෝසි

    පවිත්‍රා මැඩම්
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    "බොස් තව දවස් තුනක් විතර යනකල් කිසි වැඩක් බාර ගන්නෙ නෑ....... ෆ්‍රයිඩේ වගේ කෝල් කරනවද?.....ඔව්.....නෑ එයා මේ දවස් වල ගන්නෙ නෑ...... ඇයි අනේ තේරුම් ගන්නකො මෙච්චර කියන්නෙ මොකක්ද කියලා..... බාර ගන්නෙ නෑ....."


    මටත් මේ කතන්දරේ කෙල්ල කියපු පළවෙනි පාර මීටර් උනේම නෑ.ඉස්සෙල්ලම වැඩට ගියේ නෑ කිව්ව බඩ රිදෙනව කියල.නරක දෙයක් කෑවෙත් නෑ කියල මං දන්නවනේ.ඉතින් මං ගෑස්ට්‍රයිටිස්වත්ද කියලා බලන්න ඩොකෙක් ළගට යන් කිව්වා.ඒත් කියනව, නෑ නෑ අනේ බඩ රිදෙනවලු.අන්තිමට කියනව තේරුම් ගන්නවකො හලෝ කියලා.ඔන්න එතකොටයි මගේ ටිකිරි මොලේට කාරණේ වැටහුනේ.කවදා කෙල්ලො අශ්‍රය කරපු උන්ද බන් අපි.කියන දෙයක් තේරෙන සිංහලෙන් කියන්නෙපෑ. :sorry::sorry:




    :lol::lol::lol::lol::lol: