මනස දියුනු වෙච්ච රනිලා කරලා තියෙන වෑඩ .....Hirunika වට්ටි අම්මා වගේමයි.. තෑම්ස්ක්
@malakadss
මේව දකිනකොට නොලිය ඉන්නත් බැහැ.
මොන හේතුවක් නිසාවත් මම හිරුණිකා අර ගැහැණු කෙනෙක් එක්ක ගෙන ඇවිත් තියපු ප්‍රෙස් කොන් එක අනුමත කරන්නෙ නැහැ. මොකද එතන කිසිම සාක්කියක් නැහැ ඒ මිනිහ සතා එක්ක ලිංගිකව එක් වෙනව කියල. ඒත් කරුණු දෙකක් කියන්න ඕන රනිල්ගෙ සත්තුන්ට. මේව හැන්සාඩ් ගතවෙලා තියෙන නිසා මම ලියන්නෙ.
1. සුනේත්‍රා බණ්ඩාරනායකගෙ එයාගෙ ලවර් කෙනෙක් එයත් එක්කම ඇඳේ ඉන්නකොට මැරුණ, පිටරටකදි - හාට් ඇටෑක් එකක් ඇවිත්. මිසිස් බී ජේආර්ට කතා කරල ඒක එළියට එන්න නොදෙන්න කියල ඉල්ලුව. ඒත් ඔය රනිල් තමා ඒ ගැන පාර්ලිමේන්තුවට කිව්වෙ. ඒක පුද්ගලික ලිංගික සම්බන්ධයක්. ඒක කාටවත් වැදගත් හෝ මහජන ලැදියාවක් තියෙන ප්‍රශ්ණයක් නෙමෙයි. ඒත් ඒ කැත මිනිහ ඒක සභාගත කරා.
2. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගිහින් මැරුවට පස්සෙ, රනිල් පාර්ලිමේන්තුවෙ රිචඩ්ගෙ ඩයරියෙ පිටු ගණනාවක් සභාගත කරා. ඒවගෙ තියෙන්නෙ රිචඩ් සිංහලෙන් ලියපු එයාගෙ ලිංගික පැට්කිරිය. ඒකෙ තියෙනව "අහවලාව" මම ශාරිරිකව ආක්‍රමණය කරා වගේ කතා. සමලිංගික කේස් එකක් කියල. මොන තරම් කුහකයෙක්ද මේ. රනිල් පෙන්නන්න හැදුවෙ රිචඩ්ගේ මරණය පුද්ගලික/ලිංගික ප්‍රශ්ණයක් මිසක දේශපාලන ප්‍රශ්ණයක් නෙමෙයි කියල.
ඒවගේ කැත වැඩ කරපු මිනිහ අද පිං ජනාධිපති. එයාගෙ ගෝල බාලයො ඕව දැනගත යුතු කරුණු.