ඉස්සර අපිට මේ ප්‍රශ්න තිබ්බේ නෑ
ඇත්තටම කියනවනං ගෑස් එන්න කලින් මේ රටේ මිනිස්සු හොඳට ඉව්වා.
අපේ ආච්චි අම්මලා දර ලිපේ ඉව්වෙ. දරවලින් උයන කෑම කොච්චර රසද කියලා දන්නෙ ඒවා කාපු කෙනෙක් විතරයි.
ඇරත් දර හොයන්න කැලේට ගිහින්, දර කඩලා, කපලා මිටි බැඳලා ඇවිල්ලා ලිප ගිනි මොලවලා උයපු හින්දා තමයි ජිම් නොයා අපේ ආච්චිලා සරීර සෞඛ්‍ය රැකගත්තෙ.
එහෙම මහන්සිවුණ නිසා තමයි කොලෙස්ටරෝල්, හාට් ඇටෑක්, දියවැඩියාව වගේ ලෙඩ නැති නිරෝගී පරපුරක් හැදුනෙ..
ගෑස් කියන්නෙ පොළොවෙන් ගන්න පොසිල ඉන්ධනයක්. ඒකෙන් පරිසර හානියක් වෙනවා. අපි ගෑස් භාවිතය අතෑරියම කාබන් විමෝචනය අඩු වෙනවා.
අපිට ගෙදරදීම දර ලිපක් පහසුවෙන් හදාගන්න පුලුවන්.
ලිපට පිඹිනකොට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පවා හොඳින් සිද්දවෙන්න පටන් ගන්නවා.
රාවණා රජ්ජුරුවො වානේ පවා උණුකලේ ගෑස් ලිපෙන් නෙමෙයි.
ගෑස් සිලින්ඩර් පුපුරලා අපේ රටේ මිනිස්සු කී දෙනෙක් මැරුණද ?
කවදාවත් අහලා තියනවද දර ලිපක් පිපිරුවා කියලා.
සමහරවිට ඒ ගෑස් සිලින්ඩරේ පුපුරලා මැරුණ කෙනෙක් මේ පාර ඔලිම්පික් රන් පදක්කමක් ගන්න හිටියා වෙන්න පුලුවන්. ඒ රන් පදක්කම අපිට නැතිවුණේ ගෑස් හින්දා.
නමුත් එයා දර ලිපක ඉව්වනං අද අපි ඔලිම්පික් රන් පදක්කමක් දිනලා. අච්චර ලොකු චීනෙටත් රන් 38 ක් වෙලා තියෙද්දි අපිට එකක් ආවනං කොච්චර අභිමානයක්ද ?
සුසන්තිකා පොඩිකාලෙ උයලා තියෙන්නෙ දර ලිපක.
එතකොට මහින්ද මහත්තයා, කපුගේ මහත්තයා, පරාක්‍රමබාහු රජ්ජුරුවො, ජෝතිපාල මහත්තයා, විජය කුමාරතුංග මහත්තයා, සනත් ජයසූරියලගෙ ගෙවල්වල පවා දර ලිප්වල ඉව්වෙ.
දැන් වැරදිලා තියනවද ?
ජීවිතේ විඳින පොල් රොටි සහ ප්ලේන්ටි හැදුවෙ දරලිප්වල මිසක් ගෑස්වල නෙමෙයි.
දේශීය දරලිප් ප්‍රචලිත කරලා අපිට රට යවන්න පවා පුලුවන්.
කපන ගස්වල අතු නිකන් විසිකරලා දිරලා යනවට වැඩිය ලිපට දාන එක කොච්චර හොඳයිද ?
අවශ්‍යමනම් අපිට ගෙදරදීම ගෑස් නිස්පාදනය කරන්න පුලුවන්. ගෙදර කුණු කසල වලින් බයෝ ගෑස් නිශ්පාදනය කරන්න පුලුවන්. ඒත් එක්කම කාබනික වගාව වෙනුවෙන් කොම්පෝස්ට් හදන්නත් පුලුවන්.