ගෑස් සිලින්ඩරයක් පුපුරා යුවළක් රෝහලට!

monson

Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    (පද්මසිරි ගාර්දියවසම් සහ එම්. කේ. නන්දසේන.)

    කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එහි නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි .

    අද (11) උදේ 8.30 ට පමණ මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇත. ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් තුවාල ලබා ඇත්තේ මාතර කැකනදුර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .

    උදේ ආහාර පිළියෙළ කිරීමට යාමේදී මෙම ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇතැයි පොලිසිය පවසයි . තුවාල කරුවන් කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා තිස්සමහාරාම දෙබරවැව රෝහලට මාරුකර යවා තිබේ .

    - https://www.lankadeepa.lk/news/ගස-සලනඩරයක-පපර-යවළක-රහලට/101-666606
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,442
    113
    ගෝටා ට කෙළවෙන්න පටන් ගත්තෙත් ඔහොම. ගෑස් පුපුරලා විදුලි කප්පාදුවක් ඇවිල්ලා.
     
    • Like
    Reactions: pramodh87

    Similar threads