ගෑස් 195 කින්, සීනි 20 කින් වැඩි වෙයි
වැඩි වූ මිල ගණන් මෙන්න
ගෑස් මිල 195 කින් ඉහළ යද්දි - සීනි මිලත් රුපියල් 20 කින් වැඩි වෙයි
https://www.facebook.com/sharer/sha...් 20 කින් වැඩි වෙයි - වැඩි වූ මිල ගණන් මෙන්න https://twitter.com/intent/tweet?st...907/gas-prices-and-sugar-prices-increase.html https://plus.google.com/share?url=h...907/gas-prices-and-sugar-prices-increase.html
කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමිමට ඊයේ (18) රැස් වු ජිවන කමිටු නිර්දේශ කර තිබේ. මීට අමතරව කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් පහළ දැමිමටද නිර්දේශ කර ඇත.
තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන්ද මෙම කමිටුවේ අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කිරිම සම්බන්ධයෙන් පරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමි විය යුතු බවද වාර්තා විය.
අද රැස් වු ජීවන කමිටුව අමාත්‍ය මංගල සමරවීර ,අමාත්‍ය මලික් සමරවික්‍රම, සහ අමාත්‍ය රිෂාද් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
ආනයනික සීනි කිලෝවකට රුපියල් 15ක බදු මුදලක් එකතු කිරීම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් සීනි කිලෝවක තොග මිල රුපියල් 19ත්, 20ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අනුව රුපියල් 92ත්, 93ත් වශයෙන් අලෙවි වූ සීනි කිලෝවක තොග මිල රුපියල් 108ත්, 110ත් අතර මුදලක් දක්වා ඉහළ යන බවද එම සංගමයේ සභාපති පරාක්‍රම අබේසේකර මහතා සඳහන් කළේය.
මේ අනුව සීනි කිලෝවක් සිල්ලර මිලට අලෙවි කිරීමේදී රුපියල් 120 ඉක්ම විය හැකි හෙතෙම බවද පවසා සිටියේය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යන බවත්, භාණ්ඩ ගෙන්වීමේදී (ආනයනය කිරීමේදී) එය බලාපන බවත් ඒ මහතා සඳහන් කළේය.
එහෙත් සීනි ආනයනය සිදු වන බැවින් සීනි හිඟයක් ඇති නොවන බවද ඔහු පවසා සිටියේය.