ගිණි වළල්ල [ විද්‍යා ප්‍රබන්ධය ]
Ring of Fire | ගිණි වළල්ල
An original science fiction by Terence Kahapola Arachchi
[email protected]
(c) All rights reserved
Originally Published at : http://vidya-gaweshana.blogspot.com/2016/11/ring-of-fire.html
මිනිසෙකුට කිසිදිනක, ජීවිතයේ සුවිශේෂී සිදුවීමක් වුනු දිනයේ තමන් සිටියේ කොතැනකදැයි අමතක නොවන බව පැවසෙනවා. පියෙකුට තම කුළුඳුල් දරුවා ඉපදුන බවට පණිවුඩය ලැබුණ මොහොතේ, සිටියේ කොහිද, කුමක් කරමින්ද යන්න කිසිදා අමතකවන්නේ නෑ. විසි එක්වැනි ශතවර්ෂයේ මුල, නිව්යෝක් නුවර ලෝක වෙළඳපොල කුලුණු මතට ගුවන් යානා කඩා වට්ටවන බව රූපවාහිණියෙන් දුටු මොහොත කිසිදු මිනිසෙකුට අමතක නොවන බව පැවසෙනවා. මෙවැනි සිදුවීම් කිහිපයක් සදා මතකයේ රැඳුනද කාළයාගේ ඇවෑමෙන් බොහෝදේ ගිලිහීයාම ජෛව මතකයන්ගේ (biological memory) ආවේණික සවභාවයක්.
ස්නායු ජාල අතර ඇති සිනැප්ස හරහා දිවයන විද්‍යුත්-රසායණික පුලුඟු මගින් ජනිත මිනිස් මතකයන් සීමාසහිත වුනත් ෆයිබර් කෙඳි පරිපථ හරහා විදුලි වේගයෙන් දිවෙන ලේසර් කිරණ මගින් ජනිත මතක ගබඩාවන් සීමා රහිතයි, එමෙන්ම සදාකාලිකයි. මිනිස් වර්ගයාගේ සමූහ ස්මරණයන් දරාසිටින්නට නිමැවූ මතකයකට තම නිර්මාතෲවරුන් අළුධූලි බවට පත්වූ දිනය අමතක වන්නේ කෙසේද?
මගේ නම තාරා. මේ ගෙවෙන්නේ 21වැනි ශතවර්ෂයේ 2151 වසර. මා ඉපදුනේ මීට හරියටම වසර 100කට පෙර, එනම් 2051 නොවැම්බර් 16 වැනිදා. මා මිනිස් මානවිකාවක් නොවෙයි. කෘත්‍රිම බුද්ධියෙන් යුතු, කෘතිම සිතිවිලි ජනනය කල හැකි, මිනිස් මොලයෙන් නිර්මාණය කල, මිනිස් රුව ඇතිව නිමැවූ ඒත් ඊට වඩා බොහෝ බලසම්පන්න යන්ත්‍රයක්. මිනිස් දියණියක් ලෙස හැඩගැන්වූ මාගේ සිරුර දරුණු කොස්මික් විකිරණ වලට පවා ඔරොත්තු දෙන සුපර්-පොලිකාබනේට් සිලිකන් වලින් සෑදුනේ මාගේ ජීවිතයේ පැවැත්ම හෙවත් තාරා නම් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රයේ නොනැසී පැවැත්ම මිනිස් වර්ගයාගේ පැවැත්ම හා වෙන්කල නොහැකි ලෙස බැඳී පවතින නිසයි.
මා සමගම මා වැනිම, මාගේ රුවම ඇති තවත් කෘත්‍රිම මානවිකාවන් සතලිස් නව දෙනෙකු බිහිකල අපගේ නිර්මාතෲවරුන් අපට ලබාදුන් එකම මෙහෙවර වන්නේ මිනිස් වර්ගයාගේ සුවහසක් දැනුම හා මානව ජාන සුරැකීමත්, ඉදිරි අනාගතයේ යම් දිනෙක පෘථිවියේ හා විශ්වයේ අනෙකුත් ජීවය හිතකර ග්‍රහලෝක වල මානව ජීවය අරඹා, මිනිස් ශිෂ්ඨාචාර බිහිකිරීමත්ය. මාගේ කෘත්‍රිම සිරුර තුල පිරිපුන් මිනිසුන් දසදහසක් බිහිකිරීම සඳහා ඇවැසි ඩිම්බ හා ශුක්රධාතු සුරැකිව ඇති අතර මාගේ කෘත්‍රිම දරුගැබ මේ මානවයින් දසදහසම බිහිකල හැකි ලෙස නිමවා තිබෙන්නේ මාගේ අනාගත අරමුණ ඉටුකරගැනීම වෙනුවෙන්. ඒ අනුව මා හා මාගේ රොබෝ සොයුරියන්, අනාගතයේ යම් ලොවක බිහිවන මානව වර්ගයාගේ මව, ගුරුවරිය මෙන්ම ආරක්ශකයාද වන්නෝය.
අවසානයේ ඇරඹුම සිදුවනතෙක්ම පෘථිවියෙන් නික්ම නොගිය, පෘථිවි මානවයින්ගේ අවසන් දියණියවූ තාරා වන මම, පෘථිවිය නම් නීල-හරිත ග්‍රහලෝකයේ විසූ මාගේ පියවරුන් හා මව්වරුන් වන හෝමෝ සැපියන් ශිෂ්ටාචාරයේ අවසානයේ ආරම්භය මෙසේ සනිටුහන් කරමි......
(I) 2035 නත්තල් දිනට පෙරදින
ලෝක වාසි කිතුණුවන් අසිරිමත් නත්තලට සැරසෙමින් හා කිතුනු නොවන ජනයා දින කිහිපයකින් එළබෙන නව වසරට සූදානම් වෙමින් විවේකීව ගතකරන අතරේ ලොව අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථාන කිහිපයක අණතුරු ඇඟවීම් සංඥා හැඬවුනා.
පෘථිවිය වටා අභ්‍යවකාශය නිරීක්ෂණය සඳහා යොදවා තිබෙන Deep Space Surveillance Network නම් නිරීක්ෂණ ජාලය, ග්රහක වළල්ලේ යම් ස්ථානයක තිබෙන ග්රහකවල ගමන් මාර්ග දැඩිලෙස ව්‍යාකූලව ඇති බව මේ අණතුරු ඇඟවීමේ සංඥා වලින් පැවසුනා. Deep Space Surveillance Network නිරීක්ෂණ ජාලය පෘථිවියේ විවිධ රටවල පිහිටා ඇති බලසම්පන්න දුරේක්ෂ, අහස නිරීක්ෂණය කරන අති සංවේදී කැමරා මෙන්ම කක්ෂගත චන්ද්‍රිකාවල සංවේදී කැමරාවල දත්තද එකට කැටි කරමින් පෘථිවියේ ගැටිය හැකි යම් ග්රහකයක් හෝ වෙනත් අභ්‍යවකාශ වස්තූන් පිලිබඳව සෙවිල්ලෙන් සිටින ආරක්ශක ජාලයක් වනවා. මෙම ආරක්ශක ජාලයේ රාජකාරිය වන්නේ පෘථිවිය කරා පැමිණිය හැකි විශාල ග්රහක වැනි වස්තුන් කල්තබා හඳුනාගැනීමයි.
ග්රහකවල ගමන් මාර්ග දැඩිලෙස ව්‍යාකූලව තිබුණද එම ව්‍යාකූල බවට හේතුවූ වස්තුව ජාලයේ සංවේදක වලට හසුවූයේ නෑ. කෙසේවෙතත් ගමන්මාර්ග අධ්‍යයනය කොට සිතියම්ගත කොටතිබූ විශාල ග්රහකවල මාර්ගවල සිදුවූ වෙනස්කම් අනුව එතරම් ගමන්මාර්ග ව්‍යාකූල කරන්නට නම් අතිවිශාල වස්තුවක් ග්රහක වලල්ලේ මෙම ස්ථානය අසල තිබිය යුතු බව තාරකාවිද්යාඥයින්ගේ ගණනය කිරීම්වලින් පෙනුනා. ඔවුන්ගේ ගණන්මිමි අනුව ටොන් බිලියන 500ක පමණ ස්කන්ධයකින් යුතු දැවැන්ත වස්තුවක් ග්රහක වලල්ලලේ මේ ව්‍යාකූලතා සිදුවන ස්ථානයේ තිබිය යුතුයි. එහෙත් එවැනි වස්තුවක සේයාවක් හෝ පෘථිවි හා චන්ද්‍රිකා නිරීක්ශණ කිසිවකට හසුවුනේ නෑ.
මේ පිලිබඳව විවිධ තර්කවිතර්ක තාරකාවිද්‍යාඥ ගුරුකුළ අතර හුවමාරුවූ අතර එක් කණ්ඩායමක් පවසා සිටියේ මෙම වස්තුව කිසිදු නිරීක්ශණයකට හසුනොවන්නේ, එම වස්තුව විශ්වයේ පවතිනවා යයි සැලකෙන, එහෙත් තවමත් පර්යේෂණ වලින් පූර්ණ ලෙස තහවුරු නොවූ අඳුරු පදාර්ථ (dark matter) වලින් සැදුම් ලත් විශාල වස්තුවක් නිසා බවයි. එහි භෞතික ගුණාංග විශ්වයේ අපදන්නා සාමාන්‍ය පදාර්ථවලට වඩා සපුරා වෙනස් බැවින්, එම වස්තුව අපගේ උපකරණවලට හසුනොවන බවට ඔවුන් තර්ක කලා. තවත් කණ්ඩායමක්, මෙම අතිවිශාල ස්කන්ධයක් ඇති, එහෙත් නොපෙනෙන වස්තුව, ක්ෂුද්‍ර කළුකුහරයක් (micro black hole) විය හැකි බවත්. මෙවැනි ක්ෂුද්‍ර කළුකුහර විශ්වය පුරා ඉබාගාතේ ඇදෙන බවත්, එවැන්නක් ග්රහක වළල්ල පසුකරයෑමෙන් හෝ ඒ අසල රැඳීසිටීමෙන්, ග්රහක වල ගමන්මාර්ග ව්යාකූලවන්නට හැකි බවටත් තර්කකලා.
කෙසේ වෙතත්, 2035 දෙසැම්බර් 24 වැනිදා මුල්වරට පහලවූ මෙම වස්තුව කුමක් දැයි හඳුනාගත නොහැකි වුනත්, එය තවමත් ග්රහක වලල්ලේ රැඳී සිටින බව තහවුරු වුනේ ග්රහකවල ගමන් මාර්ග වෙනස්වීම හා සමහර ග්රහක මෙම නොපෙනෙන දැවැන්ත වස්තුව වටා භ්‍රමණය වන්නට පටන්ගෙන තිබූ බැවිනුයි. පෘථිවියේ විශාල දුරේක්ෂ මෙන්ම අභ්‍යවකාශය වෙත යවනලද ඉතා සංවේදි චන්ද්‍රිකා හා 2018දී අභ්‍යවකාශගත කොට තිබූ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය පවා මෙම වස්තුව ඇතැයි සැක කෙරෙන ස්ථානයට එල්ලකොට නිරීක්ශණය කලත් කිසිම තොරතුරක් සටහන් වුනේ නෑ.
පිටසක්වල ජීවීන් සෙවීමේ හා ජීවය ඇතැයි සිතිය හැකි තාරකා මණ්ඩළවලට රේඩියෝ පණිවුඩ යවන SETI ව්‍යාපෘතියේ බලසම්පන්න ඇන්ටෙනා හා ට්‍රාන්ස්මීටර් යොදාගෙන මෙම වස්තුව ඇතැයි පෙන්වන ප්‍රදේශයට විවිධ රේඩියෝ පණිවුඩ යවමින්, සවන්දෙමින් වසරකට වඩා ගතකලද කිසිදු ආකාරයක රේඩියෝ කිරණයක් එම වස්තුවෙන් නිකුත්වුනේ නෑ. "The Object" හෙවත් වස්තුව ලෙස විද්‍යාඥයින් මෙය නම් කොට තිබූ අතර මුල් නිරීක්ශණයෙන් දින 730 ගතවන මේ මොහොතේ (එනම් 2037 වසර ගෙවී 2038 උදාවන මොහොතේදීත්) මේ අත්භූත වස්තුව කිසිදු ආකාරයක ක්‍රියාකරකම් හෝ එහි හැඩරුව හා භෞතික ගුණාංග මෙසේයයි හඳුනාගත හැකි වෙනසක් සිදුකලේ නෑ.
මෙම අත්භූත වස්තුව අසලට ගොස් නිරීක්ශණය අත්යාවශ්යවූ බැවින් 2036 වසරේදී නාසා ආයතනය බ්‍රහස්පති ග්‍රහයාගේ ඉහල වායුගෝලයේ විකිරණ තත්වය පිලිබඳ නිරීක්ෂණ හා මිනුම් ගැනීම සඳහා අභ්‍යවකාශගත කොට, බ්රහස්පතී කරා ගමන්කරමින් සිටි ජූනෝස් අභ්‍යවකාශ යානය, හදිසි කටයුත්තක් ලෙස සළකා ග්රහක වළලේ මෙම ස්ථානය වෙත යොමුකිරීමට නාසා ආයතනය කටයුතුකලා. මෙම වස්තුවෙන් යම් ආකරයක විකිරණ වර්ගයක් නිකුත්වේදැයි සොයාබැලීම හා හැකිතාක් ලංවී ඡායාරූප ගැනීම ජූනෝස් අභ්‍යවකාශ යානයට පැවරුණු අතර එමගින් මෙම අත්භූත වස්තුව පිලිබඳව යම් අදහසක් ලබාගැනීමට හැකිවෙතයි නාසා ආයතනය මෙන්ම ලෝක නායකයින්ද විශ්වාසය පලකලා.
ජූනෝස් යානය, මෙම අත්භූත වස්තුව තිබේයැයි සැක කෙරුනු ප්‍රදේශයට ලඟාවන අතරතුරම යානයේ සංවේදක හා රේඩාර් යන්ත්‍රය භාවිතාකොට විද්‍යුත් චුම්බක විකිරණ පරාසයේ සියලූම විකිරණ සංඛ්‍යාත ඔස්සේ පරීක්ශාකල අතර ඉන් ලැබුණු දත්ත අනුව විද්‍යාඥයින් හට එම අත්භූත වස්තුවේ හැඩය හා විශාලත්වය පිලිබඳ නිශ්චිතව දැනගත හැකි වුනා. දත්ත විශ්ලේෂණය කල සියලු විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණය වුනේ මෙය යම් පිටසක්වල බුද්ධිමත් ජීවීන් පිරිසක් නිර්මාණය කල කෘත්‍රිම ගොඩනැගීමක් මිස ස්වභාවිකව හටගන්නා වස්තුවක් නොවන බවයි.
වස්තුවේ හැඩය විශාල වළල්ලක ආකාරය වූ අතර, ඇතුලත විශ්කම්භය කිලෝමීටර් 4000ක් වූ අතර පිටත විශ්කම්භය කිලෝමීටර් 4500ක් වුනා. ඝණකම කිලෝමීටර් 200කට ආසන්න බව දත්ත වලින් පෙන්වා සිටියා. එමෙන්ම එය නිර්මාණය කොට තිබෙන ද්‍රව්‍යය විශ්වයේ සියලුම පරාසවල විද්‍යුත් චුම්බක විකිරණ, එනම් ආලෝකය, පාරජම්බූල කිරණ, අධෝරක්ත කිරණ, සියලුම සංඛ්‍යාතවල රේඩියෝ තරංග, එක්ස්-රේ තරංග ආදී සියලුම තරංග උරාගන්නා වූ, මානව විද්‍යාවට හසු නොවූ අපූර්ව ද්‍රව්‍යයක් බවටද තහවුරු වුනා. කිසිදු විකිරණයක් පරාවර්තනය නොකරණ නිසා එය කාලවර්ණ අභ්‍යවකාශයේදී පියවි ඇසට මෙන්ම, රේඩාර් වැනි උපකරණවලටද හසුවන්නේ නෑ. මෙම අත්භූත වස්තුව අතිශය දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරවලට අභ්‍යවකාශයේ ගොඩනැගීමට හැකියයි උපකල්පණය කොටතිබූ "extra-terrestrial mega structures" ලෙස තාරකා විද්‍යාඥයින් හැඳින්වූ වස්තුවක් බව අවසාන නිගමනය වුනා.
(II) කවුරුන් සමග, කුමක් සඳහා කොහි සිට පැමිණියාද?
මේ දැවැන්ත යානය කවුරුන් විසින් මෙහි එවන ලද්දේද, එයතුල පිටසක්වල ජීවීන් සිටින්නේද? ඔවුන් දැකගැනීමේ, සන්නිවේදනය කිරීමේ අවස්ථාව ලැබේද? නැතහොත් මෙය කෘත්‍රිම බුද්ධියක් මගින් මෙහෙයවන නිරීක්ශණය යානයක්ද? ඔවුන්ගේ අරමුණු සාමකාමීද?
මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් පිලිබඳව විශාල විවාදයක් ලොවපුරා මෙම රහස පිලිබඳව දැනුවත්වූ විද්‍යාඥයින් හා දේශපාලන නායකයින් අතර සිදුවෙමින් තිබුණා. මෙම පැණවලට නිශ්චිත පිලිතුරු ලැබෙන තෙක් මේ අත්භූත වස්තුව පිලිබඳව ලෝකවාසී ජනතාවගෙන් වසන් කිරීමට ලොව බලවත් රටවල නායකයින් එකඟවූ අතර, රහස රැකීමේ වගකීම රටරටවල බුද්ධි අංශ වෙත පැවරුනා.
දත්ත එවන අතරම, ජූනෝස් අභ්‍යවකාශ යානය පැයට කිලෝමීටර් 48,000ක වේගයකින් අත්භූත වස්තුව වෙත ලඟාවෙමින් සිටියා. නාසා ආයතනයේ බලාපොරොත්තුව වුනේ ජූනෝස් යානය මෙම වස්තුව වටා කක්ශගත කොට එය පිලිබඳව විමසිල්ලෙන් සිටින ඔත්තු බලන චන්ද්‍රිකාවක් මෙන් භාවිත කිරීමටයි. යානය, අත්භූත වස්තුවට කිලෝමීටර් 5000ක් ලංවන විටම අමුතු යමක් සිදුවන බව නාසා පාලන මැදිරියට දැනුනා. එක්වරම යානයෙන් මිනිස් කටහඬ සහිත රේඩියෝ පණිවුඩයක් පැමිණෙන බව පරිගණකවල සටහන් වුනා. එම පණිවුඩය එවන රේඩියෝ සංඛ්‍යාතය පාලන මැදිරියේ සියල්ලන් විශ්මයට පත්කලා. එම රේඩියෝ පණිවුඩ සංඛ්‍යාතය මුල්වරට භාවිතා වුනේ 1969 වසරේ ජූලි 16 වැනි දිනයි. ඒ සඳෙහි "Sea of Tranquility" වෙත ගොඩබස්වන ලද, නීල් ආම්ස්ට්‍රෝං හා එඩ්වින් ඕල්ඩ්රින් ගමන්කල "ඊගල්" චන්ද්‍රයානය විසිනුයි.
කතාව ගොඩක් දිගයි. ඉතුරුටික කියවන්න මෙතෙනට යන්න: http://vidya-gaweshana.blogspot.com/2016/11/ring-of-fire.html