ගිණුම් හිමියෙකු මිය යාම හා ඉන් පසු ගිණුමේ #
මේක ගැන දැනුවත් කරන්න හිතුවේ ගොඩක් අයට එදිනෙදා ජීවිතයේ දී මේ පිළිබඳව නොදන්නා කමින් ප්‍රශ්න ඇති වන බව අත්දැකීමෙන් දන්න නිසා.
අපි හැමෝටම පාහේ බැංකු ගිණුමක් තියනවා. නැත්නම් ඒ කිහිප දෙනෙකුට විතරයි. ඒ ගිණුම තියන කෙනා මැරැනොත් ?? ඒකේ තියන සල්ලි වලට මොකද වෙන්නේ ?
මිය ගිය කෙනාගේ ගිණුම් වර්ග දෙකක් තියනවා.
1. නාමයෝජනා කළ ගිණුම් (ගොඩක් අය මේකට පසු බලය දානවා කියලා කියනවා)
2. නාමයෝජනා නොකළ ගිණුම්
නාමයෝජනාවක් කියලා කියන්නේ ගිණුම ජොයින්ට් කරනවා කියන එක නෙවෙයි. ජොයින්ට් එකවුන්ට් එකකින් වෙන්නේ දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා ගිණුමක් විවෘත කරනවා. එයාලා හැමෝටම ගිණුම අයිතියි.ගිණුමෙන් මුදල් ආපසු ගැනීමත් හැමෝටම කරන්න පුළුවන්. ඒත් නාමයෝජනාවකින් එහෙම බැහැ. ඒකෙන් කරන්නේ ගිණුම් හිමියා මිය ගියොත් එයාගේ මරණයෙන් පස්සේ ඒ ගිණුමේ මුදල් කාටද අයිති වෙන්න ඕන කියන එක කල්තියා නම් කිරීම. ගිණුම් හිමියා මිය යන්න කලින් නාමයෝජිතයා ට (නාම යෝජනා කිරීමට ලක් වූ පුද්ගලයා) එම ගිණුමෙන් මුදල් ආපසු ගන්න බැහැ. එකම දේ ගිණුම් හිමියා මැරැනොත් මරණ සහතිකෙයි බැංකුවෙන් දෙන ෆෝම් එකයි පාස්පොත හෝ ස්ථාවර තැන්පතු සහතිකයයි ඉදිරිපත් කරලා ඉතා පහසුවෙන් මුදල් ආපසු ගන්න පුළුවන්.
නාම යෝජනා කිරීම රටේ කාගේ නමින් උනත් කරන්න පුළුවන්. විවාහක අයෙකුට ඕනනම් තමන්ගේ බිරිඳ සිටියදී වෙනත් කෙනෙකුට උනත් තමන්ගේ ගිණුමේ මුදල් තම මරණයෙන් පස්සේ අයිති වෙන විදිහට නාමයෝජනා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක නීත්‍යානුකූල බිරිඳට ඒ මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.
නාමයෝජනාවක් කලා කියමුකෝ. තාත්තා තමන්ගේ ගිණුමේ සල්ලි තමන්ගේ පුතාලා තුන් දෙනාගෙන් පළමු පුතාට නම් කලා කිහලා හිතන්න. ටික කාලෙකින් ඒ පුතාගේ හැසිරීම තාත්තට දිරවන්නැතිනම් ඒ නාමයෝජනාව අවලංගු කරන්න පුළුවන්. එහෙම කරලා වෙන කෙනෙකුට නැවත නාමයෝජනා කරන්න පුළුවන්.
නාමයෝජනා කරන්න සමහර බැංකු යම් ගාස්තුවක් අය කරනවා. සමහර බැංකු කිසිම ගාස්තුවක් අයකරන්නේ නැහැ. පළමු නාමයෝජනාව අවලංගු කර දෙවෙනි නාමයෝජනාවක් කරනවා නම් යම් ගාස්තුවක් බොහෝ බැංකු විසින් අයකරනවා.
නාමයෝජනා කරන්න පුළුවන් එක් අයෙකුට විතරද ?
නැහැ. තාත්තට ඕනනම් තමන්ගේ ගිණුමේ මුදල් තම මරණයෙන් පසු තම බිරිඳට පමණක් ලැබෙන්න නාමයෝජනා කරන්න පුළුවන්. නමුත් අවශ්‍ය නම් බිරිඳ සහ දරැවන්ට සමසේ ලැබෙන විදිහටත් නාමයෝජනා කරන්න පුළුවන්. තම බිරිඳ හෝ තම දරැවන් නොවන එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට නාම යෝජනා කරන්නත් පුළුවන්.
නාමයෝජනාවක් කරන්න ගිණුම විවෘත කරන වෙලාවේ දීම වගේම ඉන් පසුවත් පුළුවන්. නාමයෝජනාවක් කරද්දී ඇප්ලිකේෂන් දෙකක් තියනවා. ඒ කියන්නේ එකම ඇප්ලිකේෂන් එකේ පිටපත් දෙකක්. ඒ දෙක පුරවලා බැංකුවට දුන්නාම නාමයෝජනායකව ලියාපදිංචි කරලා එක පිටපතක් බැංකුවේ තියාගෙන අනෙක් පිටපත ඔබට දෙනවා. ගිණුම් හිමියා මිය ගියාම ඒ ඔබට දෙන පිටපත ඔබෙන් පසුව ගිණුමේ මුදල් හිමි කෙනා අරන් එන්න ඕන පාස් පොත සහ හෝ ස්ථාවර තැන්පතු සහතිකය සමඟ. එතකොට එයාට ගිණුමේ මුදල් ආපහු ගන්න පුළුවන් කිසිම කරදරයකින් තොරව.
නාමයෝජනාවක් කරලා නැති කෙනෙක් මිය ගියොත් මොකද වෙන්නේ ?
අන්න එතනදී නාමයෝජනාවක් කරපු ගිණුමක මුදල් පවුලේ අය ආපහු ගන්නවට වඩා වටයක් යන්න ඕන. එතනදී මූලික වශයෙන් මුදල් බෙදෙන්නේ මෙහෙමයි.
1. ගිණුමේ ඇති ශේෂයෙන් බාගයක් බිරිඳට (සැමියා මිය ගියේ යැයි උපකල්පනය කර ඇත)
2. ඉතිරි බාගය දරැවන් අතර සමානව බෙදී යයි.
ලක්ෂ 30 ක් ගිණුමේ ඇති පුද්ගලයෙකුට බිරිඳ හා දරැවන් තිදෙනෙකු ඇති නම් හා ඔහු නාමයෝජනාවක් නොකර මිය ගියේ නම් ?
ලක්ෂ 15 ක් බිරිඳට හිමි වේ. ඉතිරි ලක්ෂ 15 දරැවන් තිදෙනා අතර ලක්ෂ 05 බැගින් සමානව බෙදී යයි. දරැවන් අතර යමෙකු අවුරැදු 18 ට අඩු වේ නම් එම ලක්ෂ 05 ස්ථාවර තැන්පතුවකට දමා වසර 18 ක් යනතුරැ ආපසු ලබා ගත නොහැකි ආකාරයට තැන්පතු සහතිකය පමණක් ඔහුට ලබා දෙයි. අවුරැද් 18 න් පසුව පොළිය සමඟ එය ලබා ගත හැක.
අන්තිම කැමති පත්‍රයක් හෝ නාමයෝජනාවක් නොමැතිව යම් ගිණුම් හිමියෙකු මිය ගියේ නම් ඔහුගේ බිරිඳ එම මුදල් ලබා ගැනිමට කුමක් කළ යුතු ද ?
මිය ගොස් මාස 06 ක් ඉක්මවන්නට පෙර මිය ගිය බව බැංකුවට ලිඛිතව දැනුම් දිය යුතුය. ඉන් පසු බැංකුවෙන් එම මුදල් ආපසු ගැනීමට අවශ්‍ය අයැදුම් පත්‍ර ලබා දේ. එය පුරවා පහත දැක්වෙන ලිපි ලේඛණ සමඟ බැංකුවට ඉදිරිපත් කළ යුතු ය.
1. මිය ගිය අයගේ මරණ සහතිකය
2. මිය ගිය අයගේ පාස් පොත සහ හෝ ස්ථාවර තැන්පත් සහතික
3. මිය ගිය අයගේ හැඳුනුම්පත / රියැදුරැ බලපත්‍රය / ගමන් බලපත්‍රය යන ඒවායින් එකක්
4. විවාහ සහතිකය (මිය ගිය ගිණුම් හිමියාගේ නීත්‍යානුකූල බිරිඳ බව තහවුරැ කර ගැනීම සඳහා)
5. ඉල්ලුම් කරන අයගේ හැඳුනුම්පත
6. දරැවන් ගේ උප්පැන්න සහත්කය (ඒවායේ පියාගේ නම ඉදිරියෙන් මිය ගිය ගිණුම් හිමියාගේ නම වෙනසකින් තොරව පැවතිය යුතු ය) නම් වල වෙනසක් ඇත්නම් ඒ සඳහා දිවුරැම් ප්‍රකාශ ලබා දිය යුතුය.
7. මිය ගිය අයගේ බිරිඳ බවට හා දරැවන් පිළිබඳව තහවුරැ කරමින් ග්‍රාම සේවක ලිපියක්.
දැන් තේරෙනවා නේද මිය යන්න කලින් නාමයෝජනාවක් කරන එකේ තියන වටිනාකම ? නාමයෝජනා කරලා තිබුනා නම් මෙච්චර ලිපි ලේඛණ කීයටවක් දෙන්න ඕන නැහැ.
ගොඩක් අය මිය ගිය ගිණුමෙන් සල්ලි ගන්න ආවාම ඔන්න කියනවා තාත්තගේ උප්පැන්න සහතිකේ හොයා ගන්න බැහැ. හැඳුනුම්පත හොයා ගන්න බැහැ වගේ කතා. ඒ නිසා ඒවල කොපි ගහලා ලස්සනට ෆයිල් එකක් හදලා අල්මාරියේ තියලා තියන්න. දරැවෙක් ඉපදෙනකොටම එයාගේ උප්පැන්න සහතිකේ ෆයිල් එකකට දාලා ඒකට දෙමාපියන්ගේ උප්පැන්න, විවාහ, හැඳුනුම්පත් කොපි ආදිය දාලා තියන්න. එතකොට මැරැණත් බැනුම් අහන්න ඕන නැහැ.
මේ කියන්න යන දේ බලපාන්නේ අන්තිම කැමති පත්‍රයක් හෝ නාමයෝජනාවක් නොකර රැ. ලක්ෂ 40 ට වැඩියෙන් දේපල තිබිලා මැරෙන අයට. කලින් මේක තිබුනේ ලක්ෂ 5 යි. පස්සේ ලක්ෂ 40 කරා. ලක්ෂ 40 ට වඩා අඩු නම් අර මම කලින් කීවවිදිහට බාගයක් බිරිඳට, ඉතිරි බාගේ දරැවන් අතර සමානව බෙදී යනවා. නමුත් ලක්ෂ 40 කට වඩා වැඩිපුර තිබිලා නාමයෝජනාවක් හෝ අන්තිම කැමති පත්‍රයකුත් නැතිව මැරැනොත් බූදල් නඩුවක් දාන්න ඕන. මිය ගිය කෙනාගේ පවුලේ.අය උසාවි ගිහින් උසාවියෙන් ලැබෙන උපදෙස් අනුව තමයි ගිණුමේ මුදල් බෙදා ගන්න ඕන. උසාව්යෙන් නියෝග කරන්නේ බාලවයස් ගිණුම් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරන්න කියලා. උසාවියෙන් මුදල් බෙදන්නෙත් අර ලක්ෂ 40 ට අඩු ඒවා බැංකුවෙන් බෙදන විදිහටම තමයි. නමුත් එතන දී ගාන වැඩි නිසා උසාවියෙන්ම මුදල් බෙදී යන ආකාරය ගැන නියෝගයක් දුන්නාම ගැටළු අඩුයි.
හැබැයි ඉතිං ලක්ෂ 40 ක් නෙවෙයි කෝටි 100 ක් තිබුනත් නාමයෝජනාවක් කරලා තිබුනා නම් ඒකේ විදිහට මරණ සහතිකේ විතරක් දීලා සල්ලි ටික ගිණුම් හිමියාගේ ඥාතීන්ට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ නාමයෝජනාව උසාවි නියෝගයට වඩා ප්‍රබලයි. නමුත් මේ ගැන නොදන්න නිසා ගොඩක් අය නාමයෝජනා කරන්නේ නැහැ.
නීතියෙන් දික්කසාද නොවී නීත්‍යානුකූල බිරිඳ අතහැර වෙනත් බිරිඳක් එක්ක අවුරැදු 20 ක් ජීවත් වෙලා, ඒ දෙවැනි බිරිඳට දාව දරැවන්ද සිටින අයෙක් ගැන හිතන්නකෝ. එයා මැරැණා ඔන්න. දැන් එයාගේ පොතේ සල්ලි නීත්‍යානුකූලව උරැම පළමු බිරිඳට. මොකද එයා තමයි නීත්‍යානුකූල බිරිඳ. ඉස්පිරිතාලෙන් මිනිය භාර දෙන්නෙත් එයාට. පෙන්ෂන් එකක් තියනවා නම් ඒකත් එයාට. හැබැයි නාමයෝජනාවක් කරලා තිබුනා නම් දෙවැනි බිරිඳට තමයි ලැබෙන්නේ. ඒකයි නාමයෝජනා කිරීමේ වාසිය.
දැන් ලිපියේ අවසානෙට ඇවිල්ලා. අවසානෙටම මෙහෙම කියන්නම්.
1. ගිණුමක් විවෘත කරන අවස්ථාවේ බද්ධ ගිණුමක් විවෘත කර ගැනීමෙන් (බිරිඳ හා ස්වාමි පුරැෂයා) එක් අයෙකු මිය ගියද අනෙක් කෙනාට මුදල් ගන්න පුළුවන්. (මේකට ඉතිං නෝනා විශ්වාස වෙන්න ඕන !!!)
2. ගිණුමක් විවෘත කරනකොට ඒ මොහොතේම හෝ පසුව නාමයෝජනා කරලා තියාගන්න ඕන.
හෙටම ගිහින් ඔබේ බැංකු කළමණාකරැ හමුවෙලා විස්තර අහන්න.
ලිපියේ දී සෑම විටම මියගිය ගිණුම් හිමියා ස්වාමිපුරැෂයා ලෙස සලකා කරැණු ඉදිරිපත් කර ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ නීති රීති ඇසුරෙන් පැහැදිලි කිරීම කළ අතර එක් එක් බැංකුවේ ඇති පරිචයන් අනුව සුළු සුළු වෙනස්කම් පැවතිය හැක. නමුත් මූලික කරැණු බොහෝ විට සමාන වේ.
අමුවෙන්ම බුකියෙන් ඉස්සුවෙ