මැණිකක් සෙව්වේ දෑවැදි දෙන්නයි නංගියෙ නුඹෙ ගෙල මාල බඳින්නයි
සිහිනෙන් වින්ඳේ නුඹෙ මල් සුවඳයි
මනමාලිය වෙන දවස දකින්නයි

දහඩිය හෙලුවා කඳුළු රස වුණා

අප්පච්චි විඳි දුක දැනුණා
බත් රස දැනුණා නුඹව සිහිවුණා
අම්මේ මුවගට කෙළ ඉනුණා
මැණිකක් ලැබුණා මිණිමුතු ගත්තා

නංගියෙ රන් ගෙල මාල ගෙනාවා

කෝ නුඹ සෙව්වා කිසිවකු නැතුවා
ගේ දොර මා හා අළු වූවා

මාලන් විදානපතිරණ