Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගිනි කතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාස්තු විද්‍යාවට අනුව ගෙයක් හදනව නම්..

house-20813අද ඔබට මෙම ලිපියෙන් කියාදීමට අපේක්ෂා කරනු ලබන්නේ ඔබගේ නිවෙස ඉදිකිරීමේදී ඔබට මතුවන විශේෂිත ගැටලු කිහිපයක් සඳහා ඇවැසි නිරවුල්භාවයන් ලබා ගැනීමට වාස්තු ශිල්පීය දැනුම ලබා දීමටයි.

ගැබිනි සමයේ ගෙවල් සාදන්න හොඳ නැහැ

මෙය ඉතාමත් ජනප්‍රිය මතයක් බව ඔබ දන්වා. මෙහි කිසිදු සත්‍යයක් නැහැ. ළමයෙක් ලැබීම සහ නිවෙසක් ඉදිකිරීම අතර වාස්තු සිද්ධාන්තවල කිසිම සම්බන්ධයක් නැහැ. මෙසේ මතයක් පැතිර තිබීමට විශේෂ කරුණක් පැහැදිලි ලෙස ප්‍රකාශ නොවන අතර ළමයින් ලැබීමට සිටින විට ගෙවල් හදන්න හොඳ නැහැ කියලා විතරක් ඔබ අසා ඇති. මෙහි සත්‍යතාව මම ඔබට පැහැදිලි කර දෙන්නම්. නිවෙසක් සෑදීමේදී එම නිවෙස සාදන්නේ මව පදිංචිවී සිටින නිවෙසට ඈතින්නම් එය කිසිම ප්‍රශ්නයක් නොවේ.

එසේම නිවෙස සාදන භූමියට මව නිතර යෑම නොකළ යුතුයි. මෙහිදී මවට කිසියම් අනතුරු සිදුවීමේ ඉඩකඩ ඇති බැවින් එසේ නොකළ යුතු වෙනවා. එසේම දැනට මව පදිංචි නිවෙසම නම් සාදන්නේ, එයද නොකළ යුතුයි. එවිට ඇයට එය ඉතා පීඩාකාරී වන බැවිනි. එසේ නොමැතිව වෙනත් තැනක නිවෙස සාදනවා නම් එහි කිසිම ගැටලුවක් නොමැති බව වටහා ගත යුතුයි.

බස්නාහිර දිශාවට ඔළුව දාලා නිදාගන්න එපා

බටහිර දිශාවට හිස දමා නිදාගන්න එපා කියන කතාව ඉතාමත් ජනප්‍රිය මතයක් වී තිබෙනවා. එසේ වුවත් මෙහි විද්‍යාත්මක පසුබිමක් නොමැති බව පෙන්වා දිය යුතුයි. මේ සඳහා සමාජයේ ඇති එකම පිළිතුර වන්නේ කෙනෙක් මැරුණු විට මෘතදේහය තබන්නේ හිස බටහිර දිශාවට යොමු කොට බැවින් එම දිශාවට හිස දැමීම නොකළ යුතු බවයි. එහි කිසිදු සත්‍යතාවක් නැහැ. බටහිර දිශාවට හරවා මෘතදේහය තබන්නේ ලංකාවේ පමණයි. මෙය සංස්කෘතික පිළිගැනීමක් වුවද එහි කිසිදු සත්‍යතාවක් නැහැ. අපි කිසියම් දෙයක් සිදු කිරීමේදී එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳ පරීක්ෂා සිදු කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමේදී බුදු සිරස යොමු කළේ බටහිර දිශාවට නොවේ. පිරිනිවන් මංචකයේ බුදු සිරස යොමුවී තිබුණේ උතුරු දිශාවටයි. එම නිසා බටහිර දිශාවට හිස දමා නිදා ගැනීමේ කිසිම වරදක් නොමැති අතර ඔබ නිදා ගැනීම නොකළ යුත්තේ උතුරු දිශාවට හිස දමා බව මතක තබා ගත යුතුයි. මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ ලෝකයේ වැඩිම චුම්බක බලය පවතින්නේ උතුරු දිශාවේ බැවිනි. බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම ඉතාමත් යහපත් වන අතර අප එවිට සෑම විටම අවදි වන්නේ නැඟෙනහිර දිශාවට බැවිනි.

බටහිර දිශාවට ප්‍රධාන දොර නොදැමිය යුතුයි

ඔබගේ නිවෙසේ ප්‍රධාන දොර ඇත්තේ බටහිර දිශාවේ නම් ඔබට කී දෙනෙක් එම දොර වැරැදි බව පවසා තිබෙනවාද? මේ නිසා ඔබගේ හිතේ කෙතරම් අසහනයක් ඇතිවී ඇද්ද? මෙයත් අප සමාජයේ පවතින පුහු වාස්තු මතයක් බව මතක තබා ගන්න. බටහිර දිශාව යනු ඉතාමත් බලවත් දිශාවක්ය. ව්‍යාපාරිකයන් සඳහා නිවාස සෑදීමේදී ප්‍රධාන ද්වාරය බටහිර දිශාවෙන් යෙදීම ඉතාමත් යහපත් බව ප්‍රායෝගික සත්‍යයකි. ප්‍රධාන දිශා 04ට ප්‍රධාන දොර යෙදීම සඳහා ඉතාමත් සුදුසු වේ.

එසේ වුවද අනු දිශාවක මධ්‍ය ලක්ෂයේ රේඛාවට හසුවන ලෙස ප්‍රධාන ද්වාරය තැබීම නොකළ යුතු අතර විශේෂයෙන් නිරිත මධ්‍ය රේඛාවට ඉතාමත් අයහපත් වේ. මේ නිසා බටහිර දිශාවෙන් ප්‍රධාන ද්වාරය යෙදීම කිසිදු අයහපත් බවක් නොවන බව දැනගත යුතු අතර බටහිර දිශාව බලවත් දිශාවකි.

කුරුස බිත්ති යෙදීම ඉතාමත් අසුබයි

නිවෙස සෑදීමේදී එම නිවෙසේ යෙදෙන බිත්ති 04ක් එකට ලම්බකව යෙදීම කුරුස බිත්ති ලෙස ජනප්‍රිය වී ඇත. මෙය ඉතාමත් ජනප්‍රිය වාස්තු දෝෂයක් ලෙස මිනිසුන් වරද්දා ඇති මතයකි. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙන්වා දෙමි. මෙහි ඇති එකම දෙය වන්නේ, බිත්ති 04ක් එකට එක් කිරීමේදී ගඩොල් පන්නා බැඳීමට බැරි නිසා එම බිත්තිය ශක්තිමත් නොවීම පමණයි. එසේ නොමැතිව එහි කිසිදු වාස්තු දෝෂයක් හට නොගනී.

එසේ නම්, විශාල ගොඩනැඟිලිවල ‘කොලම් බීම්’ යෙදීමේදී කුරුස ලක්ෂණ තිබෙන බව ඔබ දැක ඇත. ඒවා එසේ නොමැතිව ගොඩනැඟිය නොහැකිය. මේ නිසා මෙම මතයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එහි ඇති එකම අරුත වන්නේ, ගඩොල්වලින් බැඳීමේ දී ශක්තියක් නොමැතිකම පමණි.

house-20813.1

ගිනි කතුරකට හසුවන ලෙස දොරවල් ජනේල තියාගන්න එපා.

ගිනි කතුර යන සංකල්පය වාස්තු විද්‍යාව නොදන්නා අය විසින් බහුලව භාවිත කරනු ලබන වාස්තු සිද්ධාන්තයක් යැයි කියා ගන්නා සංකල්පයකි. මෙහි කිසිදු සක්‍රිය බලපෑමක් නොමැති බව පෙන්වා දෙමි. ඔබටත් මෙම අත්දැකීම් බහුලව තිබෙන බව දනිමි. ඔබගේ නිවාස සැලැස්මේ වාස්තු පරීක්ෂාවට දෛවඥයා ළඟට රැගෙන ගිය විට ඔහු ඔබගේ සැලැස්මේ මුලු සතර කැපෙන ලෙස රේඛාවක් ගසා එම රේඛාවට කැපී යන ලෙස තිබූ දොරවල් ජනෙල් ඉතා දෝෂ සහගත යැයි පවසා ඒවා ඉවත් කරන ලෙස ඔබට කියන්නට ඇති. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැත.

ඔබ විසින් වාස්තු පරීක්ෂා කිරීමට වාස්තු ශිල්පියෙක් ළඟට නොගොස් කේන්දර නැතහොත් නොදැන දෛවඥයා ළඟට ගියා කියා ඔබට ලැබෙන ලැබුණ වැරැදි උපදේශයක ප්‍රතිඵලයක් පමණක් බව තේරුම් ගත යුතුයි. ඉන්පසුව ඔබගේ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සිදුකළ එම වටිනා නිර්මාණයේ තිබූ දොරවල් ජනේල වෙනස් කළ අතර එහි නිර්මාණාත්මක හරය විනාශ වීමක් පමණක් සිදුවූ බව කිව යුතුයි.

මෙහිදී ඔබට මා කීමට උත්සාහ කරන්නේ ඔබගේ නිවාස සැලැස්මේ වාස්තු පරීක්ෂා කිරීමේදී පිළිගත් වාස්තු ශිල්පයකු තෝරාගත යුතු අතර ඒ සඳහා කේන්දර නැකැත් සාදන දෛවඥයකු තෝරා නොගත යුතු බවයි. වාස්තු විද්‍යාව යනු ජේයාතිෂය නොවන බව වටහා ගත යුතුයි. මේ නිසා ගිනි කතුර යන සංකල්පය සක්‍රිය හෝ බලවත් සංකල්පයක් නොවන බව වටහා ගන්න.

නිවෙස ඉදිරිපිට තැඹිලි ගස් ඉතා අසුබයි.

තැඹිලි ගස, පොල් ගස අප හඳුන්වනු ලබන්නේ, ‘කප්රුක’ ලෙසයි. එනම් මිහිමත ඇති වෘක්ෂ අතුරින් ඉතාමත් සශ්‍රීක වෘක්ෂයක් ලෙසයි. තැඹිලි ගස් නිවෙස ඉදිරිපිටට ඉතා අසුබ බවට මතයක් පැතිර ගොස් තිබෙනවා. එය ඉතා වැරැදි මතයක් බව කිව යුතුයි. නිවෙසේ දෝෂ ඉවත් කිරීම සඳහා තැඹිලි, තෙල් බහුලව යොදා ගනු ලබනවා. තැඹිලි ගසක් නිවෙස ඉදිරිපිට තිබීමේදී අතු සහ ගෙඩි වැටීමේ අවදානමක් පමණක් තිබෙන අතර එහි කිසිම වාස්තු දෝෂයක් නොමැති බව පෙන්වා දෙමි.

එසේ වුවද නිවෙස ඉදිරිපිට අඹ ගස්, සියඹලා ගස්, කටු සහිත ගස්, මැරුණු ගස්, බෙන සහිත ගස්, වැල් එතුන ගස්, පතොක් ගස්, මඩු ගස් වැනි ගස් ඉතාමත් අයහපත් බව වාස්තුවේ සඳහන් කර තිබෙනවා. තැඹිලි ගස ඔබගේ නිවෙස ඉදිරිපිටට තැබීම කිසිම දෝෂයක් නොවන අතර එය වාස්තු මිථ්‍යා මතයක් බව පෙන්වා දෙමි.

නිවෙසේ මුදුන් ලීය නැඟෙනහිරට බටහිරට යොදන්න එපා

ඔබගේ වහලයේ මුදුන් යට ලීය නැඟෙනහිර සිට බටහිරට යෙදීම දෝෂ සහගත බවට මතයක් පැතිරී තිබෙනවා. මෙයද මිථ්‍යා මතයක් බව වටහා ගත යුතුයි. මුදුන් යටලීය යෙදීමේදී නොයෙදිය යුතු එකම දිශා දෙක වන්නේ නිරිත සිට ඊශානයි. නිරිත, ඊශාන නොමැතිව ඕනෑම දිශාවකට මුදුන් යටලීය යෙදීමේදී කිසිම දෝෂයක් නොවන බව පෙන්වා දෙමි.

වාස්තු විද්‍යා විශාරද

ශාස්ත්‍රවේදී පේරාදෙණියේ

ඩී.යූ. සෙනරත්

[QUOTE="bravehearts, post: 17532283, member: 513648"] [SIZE="4"] වාස්තු විද්‍යාවට අනුව ගෙයක් හදනව නම්.. house-20813අද ඔබට මෙම ලිපියෙන් කියාදීමට අපේක්ෂා කරනු ලබන්නේ ඔබගේ නිවෙස ඉදිකිරීමේදී ඔබට මතුවන විශේෂිත ගැටලු කිහිපයක් සඳහා ඇවැසි නිරවුල්භාවයන් ලබා ගැනීමට වාස්තු ශිල්පීය දැනුම ලබා දීමටයි. ගැබිනි සමයේ ගෙවල් සාදන්න හොඳ නැහැ මෙය ඉතාමත් ජනප්‍රිය මතයක් බව ඔබ දන්වා. මෙහි කිසිදු සත්‍යයක් නැහැ. ළමයෙක් ලැබීම සහ නිවෙසක් ඉදිකිරීම අතර වාස්තු සිද්ධාන්තවල කිසිම සම්බන්ධයක් නැහැ. මෙසේ මතයක් පැතිර තිබීමට විශේෂ කරුණක් පැහැදිලි ලෙස ප්‍රකාශ නොවන අතර ළමයින් ලැබීමට සිටින විට ගෙවල් හදන්න හොඳ නැහැ කියලා විතරක් ඔබ අසා ඇති. මෙහි සත්‍යතාව මම ඔබට පැහැදිලි කර දෙන්නම්. නිවෙසක් සෑදීමේදී එම නිවෙස සාදන්නේ මව පදිංචිවී සිටින නිවෙසට ඈතින්නම් එය කිසිම ප්‍රශ්නයක් නොවේ. එසේම නිවෙස සාදන භූමියට මව නිතර යෑම නොකළ යුතුයි. මෙහිදී මවට කිසියම් අනතුරු සිදුවීමේ ඉඩකඩ ඇති බැවින් එසේ නොකළ යුතු වෙනවා. එසේම දැනට මව පදිංචි නිවෙසම නම් සාදන්නේ, එයද නොකළ යුතුයි. එවිට ඇයට එය ඉතා පීඩාකාරී වන බැවිනි. එසේ නොමැතිව වෙනත් තැනක නිවෙස සාදනවා නම් එහි කිසිම ගැටලුවක් නොමැති බව වටහා ගත යුතුයි. බස්නාහිර දිශාවට ඔළුව දාලා නිදාගන්න එපා බටහිර දිශාවට හිස දමා නිදාගන්න එපා කියන කතාව ඉතාමත් ජනප්‍රිය මතයක් වී තිබෙනවා. එසේ වුවත් මෙහි විද්‍යාත්මක පසුබිමක් නොමැති බව පෙන්වා දිය යුතුයි. මේ සඳහා සමාජයේ ඇති එකම පිළිතුර වන්නේ කෙනෙක් මැරුණු විට මෘතදේහය තබන්නේ හිස බටහිර දිශාවට යොමු කොට බැවින් එම දිශාවට හිස දැමීම නොකළ යුතු බවයි. එහි කිසිදු සත්‍යතාවක් නැහැ. බටහිර දිශාවට හරවා මෘතදේහය තබන්නේ ලංකාවේ පමණයි. මෙය සංස්කෘතික පිළිගැනීමක් වුවද එහි කිසිදු සත්‍යතාවක් නැහැ. අපි කිසියම් දෙයක් සිදු කිරීමේදී එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳ පරීක්ෂා සිදු කළ යුතුය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමේදී බුදු සිරස යොමු කළේ බටහිර දිශාවට නොවේ. පිරිනිවන් මංචකයේ බුදු සිරස යොමුවී තිබුණේ උතුරු දිශාවටයි. එම නිසා බටහිර දිශාවට හිස දමා නිදා ගැනීමේ කිසිම වරදක් නොමැති අතර ඔබ නිදා ගැනීම නොකළ යුත්තේ උතුරු දිශාවට හිස දමා බව මතක තබා ගත යුතුයි. මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ ලෝකයේ වැඩිම චුම්බක බලය පවතින්නේ උතුරු දිශාවේ බැවිනි. බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම ඉතාමත් යහපත් වන අතර අප එවිට සෑම විටම අවදි වන්නේ නැඟෙනහිර දිශාවට බැවිනි. බටහිර දිශාවට ප්‍රධාන දොර නොදැමිය යුතුයි ඔබගේ නිවෙසේ ප්‍රධාන දොර ඇත්තේ බටහිර දිශාවේ නම් ඔබට කී දෙනෙක් එම දොර වැරැදි බව පවසා තිබෙනවාද? මේ නිසා ඔබගේ හිතේ කෙතරම් අසහනයක් ඇතිවී ඇද්ද? මෙයත් අප සමාජයේ පවතින පුහු වාස්තු මතයක් බව මතක තබා ගන්න. බටහිර දිශාව යනු ඉතාමත් බලවත් දිශාවක්ය. ව්‍යාපාරිකයන් සඳහා නිවාස සෑදීමේදී ප්‍රධාන ද්වාරය බටහිර දිශාවෙන් යෙදීම ඉතාමත් යහපත් බව ප්‍රායෝගික සත්‍යයකි. ප්‍රධාන දිශා 04ට ප්‍රධාන දොර යෙදීම සඳහා ඉතාමත් සුදුසු වේ. එසේ වුවද අනු දිශාවක මධ්‍ය ලක්ෂයේ රේඛාවට හසුවන ලෙස ප්‍රධාන ද්වාරය තැබීම නොකළ යුතු අතර විශේෂයෙන් නිරිත මධ්‍ය රේඛාවට ඉතාමත් අයහපත් වේ. මේ නිසා බටහිර දිශාවෙන් ප්‍රධාන ද්වාරය යෙදීම කිසිදු අයහපත් බවක් නොවන බව දැනගත යුතු අතර බටහිර දිශාව බලවත් දිශාවකි. කුරුස බිත්ති යෙදීම ඉතාමත් අසුබයි නිවෙස සෑදීමේදී එම නිවෙසේ යෙදෙන බිත්ති 04ක් එකට ලම්බකව යෙදීම කුරුස බිත්ති ලෙස ජනප්‍රිය වී ඇත. මෙය ඉතාමත් ජනප්‍රිය වාස්තු දෝෂයක් ලෙස මිනිසුන් වරද්දා ඇති මතයකි. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙන්වා දෙමි. මෙහි ඇති එකම දෙය වන්නේ, බිත්ති 04ක් එකට එක් කිරීමේදී ගඩොල් පන්නා බැඳීමට බැරි නිසා එම බිත්තිය ශක්තිමත් නොවීම පමණයි. එසේ නොමැතිව එහි කිසිදු වාස්තු දෝෂයක් හට නොගනී. එසේ නම්, විශාල ගොඩනැඟිලිවල ‘කොලම් බීම්’ යෙදීමේදී කුරුස ලක්ෂණ තිබෙන බව ඔබ දැක ඇත. ඒවා එසේ නොමැතිව ගොඩනැඟිය නොහැකිය. මේ නිසා මෙම මතයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර එහි ඇති එකම අරුත වන්නේ, ගඩොල්වලින් බැඳීමේ දී ශක්තියක් නොමැතිකම පමණි. house-20813.1 ගිනි කතුරකට හසුවන ලෙස දොරවල් ජනේල තියාගන්න එපා. ගිනි කතුර යන සංකල්පය වාස්තු විද්‍යාව නොදන්නා අය විසින් බහුලව භාවිත කරනු ලබන වාස්තු සිද්ධාන්තයක් යැයි කියා ගන්නා සංකල්පයකි. මෙහි කිසිදු සක්‍රිය බලපෑමක් නොමැති බව පෙන්වා දෙමි. ඔබටත් මෙම අත්දැකීම් බහුලව තිබෙන බව දනිමි. ඔබගේ නිවාස සැලැස්මේ වාස්තු පරීක්ෂාවට දෛවඥයා ළඟට රැගෙන ගිය විට ඔහු ඔබගේ සැලැස්මේ මුලු සතර කැපෙන ලෙස රේඛාවක් ගසා එම රේඛාවට කැපී යන ලෙස තිබූ දොරවල් ජනෙල් ඉතා දෝෂ සහගත යැයි පවසා ඒවා ඉවත් කරන ලෙස ඔබට කියන්නට ඇති. මෙහි කිසිදු සත්‍යතාවක් නොමැත. ඔබ විසින් වාස්තු පරීක්ෂා කිරීමට වාස්තු ශිල්පියෙක් ළඟට නොගොස් කේන්දර නැතහොත් නොදැන දෛවඥයා ළඟට ගියා කියා ඔබට ලැබෙන ලැබුණ වැරැදි උපදේශයක ප්‍රතිඵලයක් පමණක් බව තේරුම් ගත යුතුයි. ඉන්පසුව ඔබගේ ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සිදුකළ එම වටිනා නිර්මාණයේ තිබූ දොරවල් ජනේල වෙනස් කළ අතර එහි නිර්මාණාත්මක හරය විනාශ වීමක් පමණක් සිදුවූ බව කිව යුතුයි. මෙහිදී ඔබට මා කීමට උත්සාහ කරන්නේ ඔබගේ නිවාස සැලැස්මේ වාස්තු පරීක්ෂා කිරීමේදී පිළිගත් වාස්තු ශිල්පයකු තෝරාගත යුතු අතර ඒ සඳහා කේන්දර නැකැත් සාදන දෛවඥයකු තෝරා නොගත යුතු බවයි. වාස්තු විද්‍යාව යනු ජේයාතිෂය නොවන බව වටහා ගත යුතුයි. මේ නිසා ගිනි කතුර යන සංකල්පය සක්‍රිය හෝ බලවත් සංකල්පයක් නොවන බව වටහා ගන්න. නිවෙස ඉදිරිපිට තැඹිලි ගස් ඉතා අසුබයි. තැඹිලි ගස, පොල් ගස අප හඳුන්වනු ලබන්නේ, ‘කප්රුක’ ලෙසයි. එනම් මිහිමත ඇති වෘක්ෂ අතුරින් ඉතාමත් සශ්‍රීක වෘක්ෂයක් ලෙසයි. තැඹිලි ගස් නිවෙස ඉදිරිපිටට ඉතා අසුබ බවට මතයක් පැතිර ගොස් තිබෙනවා. එය ඉතා වැරැදි මතයක් බව කිව යුතුයි. නිවෙසේ දෝෂ ඉවත් කිරීම සඳහා තැඹිලි, තෙල් බහුලව යොදා ගනු ලබනවා. තැඹිලි ගසක් නිවෙස ඉදිරිපිට තිබීමේදී අතු සහ ගෙඩි වැටීමේ අවදානමක් පමණක් තිබෙන අතර එහි කිසිම වාස්තු දෝෂයක් නොමැති බව පෙන්වා දෙමි. එසේ වුවද නිවෙස ඉදිරිපිට අඹ ගස්, සියඹලා ගස්, කටු සහිත ගස්, මැරුණු ගස්, බෙන සහිත ගස්, වැල් එතුන ගස්, පතොක් ගස්, මඩු ගස් වැනි ගස් ඉතාමත් අයහපත් බව වාස්තුවේ සඳහන් කර තිබෙනවා. තැඹිලි ගස ඔබගේ නිවෙස ඉදිරිපිටට තැබීම කිසිම දෝෂයක් නොවන අතර එය වාස්තු මිථ්‍යා මතයක් බව පෙන්වා දෙමි. නිවෙසේ මුදුන් ලීය නැඟෙනහිරට බටහිරට යොදන්න එපා ඔබගේ වහලයේ මුදුන් යට ලීය නැඟෙනහිර සිට බටහිරට යෙදීම දෝෂ සහගත බවට මතයක් පැතිරී තිබෙනවා. මෙයද මිථ්‍යා මතයක් බව වටහා ගත යුතුයි. මුදුන් යටලීය යෙදීමේදී නොයෙදිය යුතු එකම දිශා දෙක වන්නේ නිරිත සිට ඊශානයි. නිරිත, ඊශාන නොමැතිව ඕනෑම දිශාවකට මුදුන් යටලීය යෙදීමේදී කිසිම දෝෂයක් නොවන බව පෙන්වා දෙමි. වාස්තු විද්‍යා විශාරද ශාස්ත්‍රවේදී පේරාදෙණියේ ඩී.යූ. සෙනරත් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom