ගිය අවුරුද්දේ දාපු කොත්තුව

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    keeping roti in fridge is normal. its nothing new. even hilton does it for there string hoppers. you must heat it properly...
     
    • Like
    Reactions: Asmodeus

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කොත්තු නම් එක එක විදියයි බං. සමහරු පරණ රොටි දානවා, සමහරු පරණ චිකන් බැදලා දානවා. සමහර එවුන්ට ඕවා හොඳට තිබ්බත් හරියට ලුණු මිරිස් ටික දාගන්න බෑ. ලඟදි ගියා මිනුවන්ගොඩ ෆවුස් එකට (නයිට් කඩයක් ලොකු) පාන්දර 1ට වගේ ගියේ. Air Port යන ගමන් යාලුවෙක්ගේ අක්කව ඇරලවන්න. රයිස් එකක් ගත්තා කෑවට මදි. ඒ පාර කොත්තුවක් දාන්න කිව්වා. ගෙනාවට පස්සේ කටේ තියන්න බෑ ලුණු රසයි. හරවලා යැව්වම කැශියර් එකේ පොරත් කාලා ලුණු වැඩියි කියලා වෙන එකක් ගේන්න කිව්වා. මුන් ඒකම හොඳි ටිකක් දාලා රොටි ටිකක් දාලා එවලා. ඒත් සෙට් නෑ අපිට. පස්සේ කිව්වා මල්ලි ගිහින් අලුත් එකක් දාන් වරෙන් බං සල්ලි ගෙවල ගන්න එක රසට කන්න පුලුවන් විදියට තියෙන්න එපයි කියලා. පස්සේ ඌ අලුතෙන් එකක් දාගෙන ගෙනාව ඒක නම් පට්ට රසට තිබ්බා. ඒක සුපිරියට තිබ්බ නිසා මොකුත් කියන්න ගියේ නෑ. වේටර් මලයා පස්සේ කිව්වා නයිට් එකේ ඉන්න කොත්තු බාස් පිස්සු කෙලිනවා කියලා. මම කිව්වා ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු ලොකු ගණන් ගෙවලයි කෑමක් ගන්නේ ( අපි දෙන්නෙක් කාලත් 3000ක් වගේ වුනා රයිස් එකයි කොත්තුවයි) ගෙවන ගානට රහට දීපන් කියලා. ගොඩක් එවුන් ලුණු වැඩි වුනත් කනවා කරගන්න දෙයක් නැති නිසා. මම නම් ඔහොම සිද්ධියක් වුනාම කෙලින්ම කතා කරනවා. ඇයි බං නිකන් කන්න ඇවිත් නෙමෙයිනේ.