ගිය ආත්මයේ කල

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ඔබ ගිය ආත්මයේ කල හොද නරක වෙනුවෙන් මෙම ආත්මයේ ජීවිත කාලය තුලදී ලැබෙන ප්‍රතිඵල හා මෙම ආත්මයේ ජීවිත කාලය තුලදී කරනා හොද නරක ක්‍රියා වෙනුවෙන් ලබන ආත්මයේදී ලැබෙන ප්‍රතිඵලයන් මෙසේ දක්වමු.

    [ඔබ මෙය හොදින් නිදහසේ කල්පනාවෙන් කියවා බලා තේරුම් ගෙන මෙම ආත්මයේ ජීවිත කාලය තුලදි සතුටින් ජීවිතය ගොඩනගාගෙන ලබන ආත්මයේදී ගොඩයෑමට අවශ්‍ය කාරනා ‍තෝරා බේරාගෙන ඒ අනුව කටයුතු කිරීමට බලන්න, උත්සාහ කරන්න, තම ජීවිතය මෙලොවෙදිත් පරලොවෙදිත් සැපවත් කර ගැනීමට බලන්න, අපි එනකොට ගෙනා දෙයක් නැත, යනකොට ගෙනියන එකම දෙය ඔබ කරන ලද පින් හෝ පව්ය.]


    01. ඔබ මෙම ජීවිත කාලයේ සමාජයේ පිලිගත් වැදගත් පුද්ගලයෙකු වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමේ කුසලතාවය එයට හේතුවයි. (පිරිසිදු කිරීම - අලුත්වැඩියා කිරීම, තීන්ත ගෑම)


    02. ඔබ මෙම ජීවිතකාලයේ ගමන් පහසුව සදහා විවිධ යාන වාහන ලැබීමේ හේතුව,
    ඔබ පෙර ආත්මයේදී අන් අයගේ පහසුව සදහා පාරවල්, පාලම් බෝක්කු සෑදීම හා පිලිසකර කිරීම එයට හේතුවයි.


    03. ඔබ මෙම ආත්මයේ හොද ඇදුම් පැලදුම් ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී ගුණ යහපත් පැවිදි උතුමන්ට සිවුරු පිරිකර පිරිනැමීම එයට හේතුවයි.


    04. ඔබ මෙම ආත්මයේ ජීවිත කාලයේ රසවත් කෑම බීම ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී සිල්වත් ගුණවත් උතුමන්ට දන් දීමයි.


    05. ඔබ මෙම ආත්මයේ ජීවිත කාලයේ කෑම බීම නැතිව දුක් විදින්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ පරිත්‍යගය නොකර තද මසුරුව, ලෝභකමින් ජීවත් වීමයි.


    06. ඔබ මෙම ආත්මයේ ජීවිත කාලයේ හොද නිවාස හා ගොඩනැගිලි ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී සිල්වත් ගුණවත් පැවිදි උතුමන්ට දානය පිලිගන්වා තිබීම එයට හේතුවයි.


    07. ඔබ මෙම ආත්මයේ ජීවිත කාලයේ දියුණුවත්, සන්තෝෂයක් ඇති වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී පන්සල්, ආරාම සමාජයේ කාටත් පරිහරණය කල හැකි පොදු ස්ථාන සාදා තිබීම එයට හේතුවයි.


    08. ඔබ මෙම ජීවිත කාලයේ ලස්සන කඩවසම් වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ ගෞරවාන්විතව බුදුන්ට මල් පහන් පූජා කර තිබීම එයට හේතුවයි.


    09. ඔබ මෙම ජීවිත කාලයේ උගත්කම, ගුණවත් බව ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ සැදැහැවත් බෞද්ධයෙකු වීමත් මත්ද්‍රව්‍ය, මස් මාංශ වලින් වැලකී එලවළු පමණක් ආහාරයට ගැනීම එයට හේතුවයි.


    10. ඔබ මෙම ජීවිත කාලයේදී අන් අයට ප්‍රිය මනාප පුද්ගලයෙකු වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ නෑදෑ සබධකම් හොදින් පවත්වා තිබීම එයට හේතුවයි.


    11. ඔබ මෙම ජීවිත කාලයේදී විශ්වාස වන්ත ස්වාමී, භාර්යා සම්බන්ධතාවයක් පැවැත්වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී ඉතා අලංකාර ලෙස බුදුමැදුරු ලස්සන තිර රෙදි, බුමුතුරුනු දමා අලංකාර කර තිබීම එයට හේතුවයි.


    12. ඔබට මෙම ජීවිතයේදී මවුපියන් දෙදෙනාම සිටීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ තනිවු අසරණ වු අයට ගෞරවාන්විතව උදව් උපකාර කර තිබීම එයට හේතුවයි.


    13. ඔබ මෙම ජීවිත කාලයේදී කාත් කවුරුවත් නැති අනාථයෙක් වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී සතුන්ට හිරිහැර කිරීම හා කුරුල්ලන්ට කැටපෝලවලින් විද හිරි හැර කිරීම එයට හේතුවයි.


    14. ඔබට මෙම ජීවිත කාලයේදී පවුලේ සාමාජිකයන් ගොඩක් ලැබී ඇත්තේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ බුද්ධ දේශනා මුද්‍රණය කර බෙදා හැර තිබීම එයට හේතුවයි.


    15. ඔබගේ මෙම ජීවිත කාලයේදී තරුණ දරුවන් මරණයට පත්වන්නේ ඇයි?
    එයට හේතුව ඔබ ගිය ආත්මයේ දරුවන් පවුලට කරදරයක් යැයි සිතා විනාශ කර දැමීමයි.


    16. ඔබ මෙම ජීවිත කාලයේදී වස්තුවට හිමිකම් නැතිව යන්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ පුරුද්දක් ලෙස මල් විනාශ කර තිබීම එයට හේතුවයි.


    17. ඔබ මෙම ජීවිත කාලයේදී ඉතා හොද ශරීර සෞඛ්‍යයක් ඇතිව ඉතාමත් හොදින් දිර්ඝායුෂ ලබන්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේදී කූඩුවී සිටින සතුන්ට නිදහස ලබා දී තිබීම එයට හේතුවයි.


    18. ඔබට මෙම ජීවිත කාලයේදී අඩු ආයුෂ ලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී සතුන් මරා තිබීම එයට හේතුවයි.


    19. ඔබට මෙම ජීවිත කාලයේ සහාකාරියක් නොලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ අන් අබුවන් කරා ගොස් තිබීම එයට හේතුවයි.


    20. ඔබ මෙම ජීවිත කාලයේදී කනවැන්දුම් වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී තම ස්වාමි පුරුෂයාට නිසිලෙස නොසැලකීම එයට හේතුවයි.


    21. ඔබ මෙම ජීවිත කාලයේදී අන්ධයෙකු වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ සත්‍යවසන් කට අන් අය මුලා කර තිබීම එයට හේතුවයි.


    22. ඔබ මෙම ආත්මයේ කට ඇද වී ඉපදීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ බුදුගෙයි මල් ආසනය මත දැල්වෙමින් තිබූ පහන් කටින් පිබ නිවා දැමීම එයට හේතුවයි.


    23. ඔබ මෙම ආත්මයේ ගොළු හා බිහිරිව ඉපදීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී දෙමාව්පියන්ට බැණ වැදී තිබීම එයට හේතුවයි.


    24. ඔබ මෙම ජීවිත කාලයේ කුදුවී සිටින්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ බෞද්ධයන් හට සමච්චල් කර තිබීම එයට හේතුවයි.


    25. ඔබ මෙම ජීවිත කාලයේදී අත්පා වාරු නැතිව ඉන්නේ ඇයි?
    ඔබ ගිය ආතමයේදී අත්පාවලින් දුෂ්ඨ වැඩ කර තිබීම එයට හේතුවයි.


    26. ඔබ මෙම ජීවිත කාලයේදී ආබාදිතයෙකු වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී සොරකම් කර තිබීම එයට හේතුවයි.


    27. ඔබ මෙම ජීවිත කාලයේදී සුව නොවන රෝගයකින් පෙලෙන්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ සිල්වත් මිනිසුන්ට, භික්ෂුන්ට මස් මාංෂ පිළිගන්වා තිබීම එයට හේතුවයි.


    28. ඔබ මෙම ජීවිත කාලයේදී හොද ශරීර සෞඛ්‍යයෙන් යුක්ත වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී රෝගීන් සුවවීම සදහා බෙහෙත් පිළිගන්වා තිබීම එයට හේතුවයි.


    29. ඔබ මෙම ජීවිත කාලයේදී හිරේ විලංගුවේ වැටීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී අනුකම්පා විරහිතව දුෂ්ඨ වැඩවල නියැලී සිටීම එයට හේතුවයි.


    30. ඔබ මෙම ජීවිත කාලයේදී කාත් කවුරුත් නැති අනාථ තත්වයට පත්වී සිටින්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේදී අන් අයට ප්‍රයෝගකාරීව රවටා තිබීම එයට හේතුවයි.


    31. ඔබ මෙම ජීවිත කාලයේදී ලේ වමනය යෑමට ලක්වීමට හේතුව,
    ඔබ ඉහතා ආත්මයේ බුදුරදුන්ට වතාවත් කරන් අතරම මස් මාංශ අනුභව කර තිබීම, බුදුන්ගේ ගුණයට සමච්චල් කිරීම එයට හේතුවයි.


    32. ඔබ මෙම ජීවිත කාලය තුලදී එල්ලී මැරීමට සිත් වන්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේ උගුල් අටවා සතුන් මැරීම එයට හේතුවයි.


    33. ඔබට මෙම ජීවිත කාලය තුලදී සහාකාරියක් හෝ සහකරුවෙක් නොලැබීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී අන් අයට ඊර්ෂියා කිරීමයි. (ගුණදම් නොපිරීම)


    34. ඔබගේ දේපල ගින්නෙන් හෝ වැස්සෙන් ව්නාශ වී යෑමට හේතුව,
    ඔබ ගිය ආත්මයේ වංචනිකව වෙලදාම් කර තිබීම එයට හේතුවයි.


    35. ඔබ මෙම ජීවිත කාලයේදී වන සතුන්ගෙන් හෝ සර්පයින් දෂ්ට කිරීම් වලට ලක්වන්නේ ඇයි?
    ඔබ ගිය ආත්මයේදී අන් අයව කොටවා කේලාම් කියා තරහා කර තිබීම එයට හේතුවයි.


    36. ඔබ මෙම ජීවිත කාලයේදී හේතු ඵල දහම විශ්වාස කොට ඒ අනුව කටයුතු කරන්නේ නම්,
    ඔබ ඊලග උප්පත්තියේදී සමාජය පිලිගත්, උසස් පුද්ගලයෙකු වේ.


    37. ඔබ මෙම ජීවිත කාලය තුලදී දැහම් කරුණු මුද්‍රණය කර බෙදා හැරිය හොත්,
    ඊලග ආත්මයේදී ඔබ සමාජයේ පිළිගත් නායකයෙකු විය හැක.


    38. ඔබ තුරුණුවන් කෙරෙහි විශ්වාසය තබා ඒ සදහා ආධාර කිරීමට පුරුදු වුවහොත්,
    ඊලග ආත්මයේදී ඔබට ත්‍යාග ලෙස ආපසු ඒවා වැඩියෙන් ලැබෙනු ඇත.


    39. මෙම ජීවිත කාලයේදී ඔබ ධර්මයට අනුව ක්‍රියා කරයි නම්,
    ඊලග ආත්මයේදී ඔබට ස්වාභාවික විපත්, අනතුරුවලින් මිදී සිටීමට හැකිවේ.


    40. බුද්ධ ධර්මය බොරුයැයි නොසිතන්න, බොරුයැයි නොසිතා ක්‍රියා කලහොත්,
    වහාම ප්‍රමාද වී හෝ එහි ප්‍රතිඵල ඔබගේ ජීවිත කාලය තුලදී ලැබෙනු ඇත.


    41. ඔබ දහම් කරුණු පතුරුවා හරී නම්,
    මතු උපදින ආත්මයෙන් ආත්මයට ඔබේ නුවණ දියුණුවේ.


    42. ඔබ මෙම ජීවිත කාලයේදී උසස් පුද්ගලයෙකු වීමට හේතුව,
    ඔබ ගිය ආත්මයේදී මහන්සි වී ගොවිතැන් කර එහි මුල් කොටස බුදුරදුන්ට පූජා කල අයෙකු වීමයි.


    43. ඔබ මෙම ජීවිත කාලයේදී ධර්මයට නින්දා කලහොත්,
    ලබන ආත්මයේදී ඔබ තිරිසන් සතෙකු වේ.


    44. ඔබ ධර්මය පිටපත් කරයි නම්,
    ඊලග ආත්මයේ ඔබට, ඔබගෙන් පැවතෙන්නන් හොද අධ්‍යාපනයක් ලබා සතුටින් ජීවත් වීමට හැකි වේ.


    45. ඔබ මෙම ජීවිත කාලයේදී ධර්මය කියවා එය පිලි පැද්දහොත්,
    ඔබ කරන සෑම යහපත් ක්‍රියාවකටම තුරුණුවන්ගේ සත්‍ය බලය ආශීර්වාදය නිසැකවම ඔබට ලැබෙනු ඇත.


    46. මෙම ජීවිත කාලය තුලදී බුද්ධ ධර්මය විශ්වාස කල හොත්,
    ඔබට නිවන් මගට ලගා විය හැක, අවබෝධයට හේතු සම්පත් ලබාගත හැකිය.



    මේ කරුණු ටික හොයා ගත්තේ පෝය දවසකදී ලැබුණු අත් පත්ත්‍රිකාවක තිබිලා, මේ කරුණු කාරනා වැදගත් උනා කියලා හිතනවා.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුතියි මචං.. ඔක්කොම කියෙව්වෙ නෑ.. ටිකක් කියෙව්වා..
    ඉතිරිය කියවන්න බුක්මාක් දාගත්තා..
    REP 33+
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    බොහොම ස්තුතියි මචං.. ඔක්කොම කියෙව්වෙ නෑ.. ටිකක් කියෙව්වා..
    ඉතිරිය කියවන්න බුක්මාක් දාගත්තා..
    REP 33+
    11.gif
    11.gif
    11.gif


    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    blue_in_rio

    Well-known member
  • ගොඩක් වැදගත් ලිපියක් මචන්.අද කාලේ වැඩිහරියක් දෙනා, පිං පව් විශ්වාස කරන් නැහැනේ.පව් ඉතිං, අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනා ඊලඟ භවයේදීවත් මිත්‍යාදෘශ්ටික නොවී ඉපදෙන්න. :(:(

    තෙරුවන් සරණයි මචන් !! :):)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    ගොඩක් වැදගත් ලිපියක් මචන්.අද කාලේ වැඩිහරියක් දෙනා, පිං පව් විශ්වාස කරන් නැහැනේ.පව් ඉතිං, අපි ඒ අයට අනුකම්පා කරන්න ඕනා ඊලඟ භවයේදීවත් මිත්‍යාදෘශ්ටික නොවී ඉපදෙන්න. :(:(

    තෙරුවන් සරණයි මචන් !! :):)

    බොහොම ස්තූතියි මචං :)