ගීතයක් රස විඳිමු

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගීතයක් රස විඳිමු



    හොරෙන් පැනගිය දුව ගෙදර ඇවිදින් දොරකඩ හිද අම්මාට කියපුදේ ගැනයි සිංදුවේ තියෙන්නේ.
    මේකේ විචාරයකුත් තියෙනවා. ඩේටා තියෙනවනම් බැළුවට පාඩු වෙන්නෑ. මටත් අහම්බෙන් හම්බඋනේ.

    විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
    මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
    පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

    කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
    ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
    මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී

    මෝල් ගසත් ඇවිලුණි කරුම ගින්නට
    උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
    ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට


    ගායනය - ඉන්ද්‍රනි බෝගොඩ
    පද රචනය - ස්වර්ණ ගුණවර්ධන
    තනුව - ෂෙල්ටන් විජේසේකර