ගීතාල් පෙරේරා සමුගනී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    geethal-perera-no-more


    නාඩගම්කරයෝ ටෙලි නාට්‍යයේ ''සරාගේ තාත්තා'' චරිතයට පණපෙවූ ප්‍රවීණ රංගන ශිල්පි ගීතාල් පෙරේරා අභාවප්‍රාප්ත වූයේය.
    ඔහු කලක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසු වූ බවද වාර්තා විය. මියයන 79 වියෙහි පසුවූයේය.
    ඔහු වෘත්තීය රංගනයට පිවිසෙන්නේ මීට වසර 55 කට පෙර 1969 ‘කවුද හරි‘ චිත්‍රපටයෙනි.




    හාරලක්ෂය 1971, සිරිපාල හා රන්මැණිකා 1977, වීර පුරන් අප්පු 1978, බැද්දේගම 1981, සක්විති සුවය 1982, ඩොරින්ගේ සයනය
    1985, පාලම යට 1990, කුලගෙය 1992, සෙයිලම 1995, ප්‍රේමවන්තයෝ 2004 ඇතුළු චිත්‍රපට 14 ක පමණ ඔහු රංගනයෙන් දායකවී ඇත.

    රංගන ශිල්පි ගීතාල් පෙරේරා, මෑත කාලීනව වඩාත් රසික ආදරයට පාත්‍ර වූයේ ස්වර්ණවාහිනී නාලිකාවෙහි විකාශිත නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුළිනි.