ගුටි කාපු අය හිරේ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ගුටි කාපු අය හිරේ

    වාරියපොල බස් නැවතුම් පොලේදී තිළිණි අමල්කාල සෙල්වා නම් තරුණයෙකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට ලක් විය.

    එහිදී එම තරුණයා ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව දැඩි කෝපයට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළා.

    මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙස ලඝු කරනු ලැබූ පොලිසිය 2014 අගෝස්තු 27 වන දින ඇය අත්අඩංගුවට ගනු ලැබීය

    ඒ අනුව රයිට්ස් නව් ආයතනයේ සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ නීනිඥ මැදිහත්වීම මත 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව රොබට් දාසන්ලාගේ වන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට විරුද්ධව වරියපොල පොලීසියට කරනු ලැබූ පැමිණිල්ල මත වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාග කරනු ලැබීය.

    අගතියට පත් තිලිණි අමල්කා වෙනුවෙන් සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා පෙනී සිටින ලදි.

    එහි අවසන් නඩු විභාගය 2015 ජූලි මස 08 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුනි.

    ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා තමන් ඉහත සිද්ධියට අදාළව අණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ වරද පිළිගන්නා ලදි.

    එම තීන්දුවට අදාළ දඩුවම් වින්දිතයන්ට අදාළ සහන සැප්තැම්බර් 2 වන දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දු කරනු ලැබීය.

    ඒ අනුව රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වාට එරෙහිව මාස 06 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කරන ලද අතර මේ සිද්ධියේ වින්දිතයන් වූ තිලිණි අමල්කා හා ඇගේ යෙහෙළියට රුපියල් 25.000 බැඟින් වන්දි ගෙවීමට නියම කරන ලදි.



    http://offair.nethfm.com/article/25867