ගුරුතුමිය දණගැස්‌සවීමේ නඩු තීන්දුව

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ගුරුතුමිය දණගැස්‌සවීමේ නඩු තීන්දුව

    ගුරුතුමිය දණගැස්‌සවීමේ නඩු තීන්දුව

    ගුරුතුමියට ලක්‍ෂ තුනක වන්දියක්‌
    හිටපු මන්ත්‍රීට රු.50,000ක දඩයක්‌
    වසර 7ක අත්හිටුවූ සිර දඬුවම්



    DIVAINA newspaper
    පුත්තලම - නලින් හෙන්දුරුගොඩ සහ
    ආණමඩුව - ටෙරන්ස්‌ වනිගසිංහ, පින්තූර නලීන්

    නවගත්තේගම ඉසුරු පාසලේ විනය භාර ගුරුවරිය වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණගැස්‌සවීමේ සිද්ධිය සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාරට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම වසර හතකට අත්හිටුවීමටත් රු. 50,000 ක දඩ මුදලක්‌ ගෙවන ලෙස හා අගතියට පත් ගුරුවරියට රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක්‌ ගෙවන ලෙසත් පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (12 දා) නියෝග කළේය.

    රුපියල් 50,000 ක දඩ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිතව මාස 6 ක ද වන්දි මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ ඇතිව වසරක සිර දඬුවම් ද වැඩිදුරටත් නියම කෙරිණි.

    2013 වර්ෂයේ ජුලි 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වයඹ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාගේ දියණියගේ ගවුමේ වාටිය ලිහා දැමීමේ සිද්ධිය සම්බන්ධව එම මන්ත්‍රීවරයා විසින් මෙම ගුරුවරිය දණගැස්‌සවීම පිළිබඳව එම මන්ත්‍රීවරයා නවගත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. පසුව ආණමඩුව සංචාරක උසාවියේ නඩුව කැඳවූ අවස්‌ථාවේ ඇප ලබාදුන් නමුත් තව දිනකදී ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. අනතුරුව දැඩි කොන්දේසි මත ඇප මත මුදාහැරි හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පුත්තලම මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. ඒ අනුව පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ නඩුව විභාග කෙරිණි.

    රජයේ නීතිඥ ලිශාන් රත්නායක, පද්මලාල් වීරසිංහ, ප්‍රියන්ත ගමගේ යන මහත්වරු පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිය පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ තිවන්ත අත්තනායක, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ රසික කුමාර, නීතිඥ නන්දි නවාවි යන මහත්වරු පෙනී සිටියහ.

    සැකකරු ඉදිරි වසර 07 තුළ කිසියම් වරදක වැරදිකරු වුවහොත් මෙම අත්හිටවූ සිර දඬුවම ක්‍රියාත්මක වන බව මහාධිකරණ විනිසුරුවරයා විත්ති පාර්ශ්වයට දැනුම් දුන්නේය.

    මෙම තීන්දුව ලබාදීමෙන් පසු හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා කියා සිටියේ අධිකරණය ලබාදුන් තීන්දුව හිස නමා ගෞරවයෙන් පිළිගන්නා බවයි.

    නඩු තීන්දුවෙන් පසු මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ආනන්ද සරත් කුමාර මහතා මෙසේ කීය.

    "මම වරදකරු වුණේ මිනී මරල, මංකොල්ලකාල නොවෙයි. ගුරුවරියකට හිංසා පීඩා කළා කියලයි. නඩු තීන්දුව ලබාදුන් අධිකරණයට හා තීන්දුවට මම ගරු කරනවා"

    අධිකරණයෙන් පිටතට පැමිණි සුසිලා හේරත් ගුරුතුමිය, "මාස එකොළහක්‌ තිස්‌සේ ගුරුවරියක්‌, මවක්‌ හා කාන්තාවක්‌ වශයෙන් මා විඳි පීඩාව රිදුම දන්නේ මා පමණයි. මා විඳි අපහාසයට කවදා හෝ යුක්‌තිය, සාධාරණය ඉටුවනු ඇතැයි මා සෑම පැයකම, රැයකම අපේක්‍ෂා කළා. අයියනායක දෙවිඳුන්ට කීවා."

    අද යුක්‌තිය, සාධාරණත්වය ඉටුවුණා. රටේ අධිකරණය ගැන ලොකු විශ්වාසයක්‌ අපට ඇතිවුණා. මෙහි ජයග්‍රහණය, රටේ සමස්‌ත ගුරු පරපුරටයි. ශිෂ්‍ය ප්‍රජාවටයි. කාන්තා පරපුරටයි. මා වේදනා වින්දාට මට හැකිවුණා ඔවුන් සෑම දෙනා වෙනුවෙන් යුක්‌තිය ඉදිරියේ දණින් නොවැටී සිටීමට. දේශපාලකයන් දණගැස්‌සුවාට සාධාරණත්වය, යුක්‌තිය, නීතිය දණගැස්‌සවීමට බැහැ."

    සමස්‌ත ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්‌ටාලින් මහතා ද මෙහිදී කතා කළේය.

    සමස්‌ත ලංකා කාර්ය නියුතු විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා - තමන්ගේ පාසලේ ගුරුතුමියට විරුද්ධව නවගත්තේගම විදුහලේ නි. විදුහල්පතිවරයා දේශපාලකයකුට පක්‍ෂපාතීව බොරු සාක්‍ෂි දීලා ගුරුතුමිය පාවා දුන්නා. එය අධිකරණය ද බොරු සාක්‍ෂි ලෙස හැඳින්වූවා. මෙම ගුරුවරයාට විරුද්ධව අපි දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මුට හොද වැඩේ

    p1-3.jpg


    p1-1.jpg
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    සමස්‌ත ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්‌ටාලින් මහතා ද මෙහිදී කතා කළේය.

    සමස්‌ත ලංකා කාර්ය නියුතු විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා - තමන්ගේ පාසලේ ගුරුතුමියට විරුද්ධව නවගත්තේගම විදුහලේ නි. විදුහල්පතිවරයා දේශපාලකයකුට පක්‍ෂපාතීව බොරු සාක්‍ෂි දීලා ගුරුතුමිය පාවා දුන්නා. එය අධිකරණය ද බොරු සාක්‍ෂි ලෙස හැඳින්වූවා. මෙම ගුරුවරයාට විරුද්ධව අපි දෙපාර්තමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවා.

    2Q==
    stalin-bio.jpg



    :shocked::shocked::shocked::shocked::shocked:

    :P:P:P:lol::lol::lol:.
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එතකොට මේ ළගදි ගුරවරියක් විසින් ළමයෙක් සෙරෙප්පු දැම්මා කියලා ඒක බෙල්ලේ ගෙට ගහලා තිබුන එකට දඩුවම් දෙන්නේ නැතුව මාරුකරලා විතරක් තිබුනේ? එතකොට ඒක ඒ ළමයාට අපහාසයක් නොවේද? මම නම් කියන්නේ නීතිය සාධාරණය වෙනවා නම් හැමෝටම එකම වෙන්න ඕනේ නමුත් මෙතන සාධාරණයක් නෑ මෙතන තියෙන්නේ ලොකු හයිය අත්තක් අල්ලගත්තොත් ගොඩ නැත්නම් වලේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    dan meka uba duwagena awith damme mahindage aanduwa kale theenduwa hariyata dunna ekama naduwa hindada? :D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    dan meka uba duwagena awith damme mahindage aanduwa kale theenduwa hariyata dunna ekama naduwa hindada? :D

    තීන්දුව හරියට දුන්නද කියන්න, තීන්දුව හරිද වැරදිද කියල අපි දන්නේ නැහැ. උසාවියක නඩු තීන්දු දෙන්නේ නඩුකාරයෝ. සාක්කි ඔප්පු කිරීම අනුව තමයි තීන්දු දෙන්නේ. සමහරවිට ඉහල උසාවියට ඇපීල් එකක් දැම්මොත් මේක වෙනස් වෙන්න පුලුවන්. අරුට ඇප දෙන්න පුළුවන්. :rofl::rofl::rofl::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    :lol::lol::lol::lol:

    DSMR1118.jpg



    mini marapu eka eliye
    dana gassapu eka athule :rofl:
    ammage nithiyak meeka
    ane huke

    මේකේ නඩුව යනව. දුමින්දට අවාසි සහගත තත්වයක් තමයි පත්තරවලින් දැක්කේ. නඩුකාර උන්නාසේ තමයි සාක්කි අනුව තීරණය කරන්නේ හරිද වැරදිද කියල.

    උබට ඔච්චර upset නම් නඩුකාරයට ගිහිල්ල කියන්න දුමින්ද රිමාන්ඩ් කරන්න කියල. :lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    copyright : maathalan.blogspot.ca

    පොදු අපේක්ෂකයෙක් කුමක් සදහාද...? - Common Candidate..! For What...?

    img_7130.jpg



    තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.

    බහුතරයගේ කැමැත්ත තිබෙන්නේ, සෝභිත හාමුදුරුවන්ටය. අප නම් කියන්නේ සොභිත හාමුදුරුවන් පොදු අපේක්ෂකයා කිරීම, 1994 සැටලයිට් ගෙනාවාටත් එහා ෆේලියර් එකක් කියාය. සැටලයිට් නෝනාට, අම්බරුවෝ වූවද, සිරි ලංකා නිදහස් පක්ෂයේ කාඩර් එකක් උන්නේය. අද වෙනකන් රට කන්නේ මොවුන්ය. 2005 දී, මහින්ද ජනාධීපති නොවී, අනුර බන්ඩාරණායක ජනාධිපති වූවා නම්. අද අපිට යාපනේ යන්න වෙන්නේ වීසා අරගෙනය.

    සමහර විට එයිනුත් නොනැවති, මේ වන විට සිරි ලංකාව නමින් රටක් නොමැතිව. ඊළාම් දේශයක් බිහි වන්නට වුවත් හොඳටෝම ඉඩ කඩ තිබිනි. මොකක්දෝ වාසනාවකට, විධායක ජනාධිපති පුටුවට එකෙක්වත් මායිම් නොකරන, වසවර්ති මාරයෙක් පත් වූවායින්, රටම කන්න හැදු රීරී යකාට, වෙල්ලමුල්ලි වයික්කාල් වලින්, ගිරිය කඩා ලේ බීමේ තොවිල් නැටීම අහවර කරන්නට සිඳු වන්නේය.

    එහෙම කෙනෙක් නොආවා නම්, රීරී යකාගේ පදයට නටන නර පනුවන් පිරිසක් වන්නට සියල්ලන්ටම සිඳු වනවා නොඅනුමානය. මොකෝ, මහින්ද නොවන්නට, දකුණේ උන්නේ, යුද්ධ කර දිනන රණවිරුවන් පිරිසක් නොව, හැමදාම ඉල්ලගෙන කන, බැරි බැරියාවෙන් පෙලුණු, යුධ උපක්‍රම විකුණාගෙන කාපු, ගොබ්බ හමුදාවක් නිසාය.

    එතකොට සෝභිත හාමුදුරුවෝ බලයට ආවොත්, වෙන්නේ මොකක්ද? මොකක්ද උන්නාන්සෙගෙ වැඩ පිලිවල? එතකොට ආපු ගමන් ජනාධිපති කම අහෝසි වෙනවද? උන්නාන්සේ ජනාධිපති කමේ දිවුරුම් දෙන්නෙ නැතිද? ජනාධිපතිකම අහෝසි කරන්න කොච්චර කල් යනවද? එහෙම අහෝසි කරලා ගේන්නේ මොකක්ද? ඊට පස්සේ උන්නාන්සේ භාවනා කොරන්න යනවද? එහෙම නැත්නම් නාමික ජනාධිපතිකමේ හරි ඉන්නවද? නැත්නම් විධායක අගමැති වෙලා පාර්ලීමෙන්තු එනවද? ජනාධීපති කම නැති කලාම, මේ රටේ දුෂණය, හොරකම, වංචාව, ඔක්කෝම නැති වෙලා යනවද? ඇත්තටම වෙන්නේ මොකක්ද?

    දැනට තියෙන තත්වය අනුව නම් මේ කිසිවක් සඳහා සෝභිත හාමුදුරුවන් ළඟවත්, උන්වහන්සේ යෝජනා කරන උන් ලඟවත්, විසඳුමක් නැත. කොටින්ම "විකල්පයක්" ඇත්තේම නැත. හැම එකාටම අවශ්‍යව ඇත්තේ පුදගලයා වෙනස් කිරීම පමණි. පුද්ගලයා වෙනස් කරන්නට යන්නේ ඇයි? විධායක ජනාධිපති නිසාය. එහෙත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා යයි කියන්නේ, එය ආරම්බ කල දිනයේ පටන් හැම එකාම කෙලිනා සුන්දර බොරුවම පමණි.

    සෝභිත හාමුදුරුවන් මෙන් නොව, සැටලයිට් නෝනා මේ පොරොන්දුව දෙන්නේ ලිඛිතවය. ඒ වෙන කාටවත් නොව ජෙප්පන්ටය. ඒ මාස හයක් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්වා කියාය. අහෝසි කිරීම කෙසේ වෙතත්, එහෙම දෙයක් කීවාදැයි කියාවත්, දැන් එකෙකුටවත් මතක නැතිය. අවුරුදු දහයක් විතර විස්කි බිබී පොරොන්දු කඩපු නෝනාගේ, ඇමති මන්ඩලයේ ඉඳගෙන ඉන්නට පවා කිසිම ලැජ්ජාවක් ඒ කාලේ ජෙප්පන්ට තිබුනේ නැතිය.

    එහෙම කන්න හම්බ වෙනවානම්, විධායක ජනාධිපති කම නොව, මේ ඉන්න ඔක්කෝම, කක්කා උනත් කනවාය. ඇත්ත කතාව එයය. අද වෙලා තියෙන්නේ කන්න කක්කාවත් නොමැති වීමය. හදිසියේ හරි සෝභිත හාමුදුරුවෝ ජනාධිපති උනොත්, නටන්නේ කාගේ පදයටදැයි කියා අපට හිතා ගත නොහැකිය. පොදු අපේක්ෂකයා ලෙස, සියල්ලන්ම සතුටු කරන්නට වෙනවාය. එතකොට පවතින්නේ, මේ තියෙනවාටත් වඩා මඤ්ඤමක් වූ රටක්ය. ව්‍යවස්ථාවක් නැත. ප්‍රතිපත්තියක් නැත. දස රාජ ධර්ම, මේ ධර්මද්වීපයට හරියන්නේ නැතිය.

    ඒක හරියට තිර පිටපතක් නැති සෝ එකක් වගේය. හැම එකාම, එක එකාට ඕනා දේ කොරනවා මිස, සෝ එක පෙන්නන්න හම්බ වෙන්නේ නැතිය. අන්තීමේදි අමාරුවේ වැටෙන්නේ සෝ එකට සල්ලි දාපු නිශ්පාදකයාය. එ යකා බංකොලොත් වෙලා, නයෙක්ට කියා දෂ්ඨ කරගෙන උනත් මැරෙන්න ඉඩ තියෙනවාය.

    අප යෝජනා කරන්නේ හොඳම පොදු අපේක්ෂකයා රනිල් කියාය. මන්ද මේ පවතින ක්‍රමය වෙනස් කිරීමට එකෙක්ටවත් ඕනා නැති නිසාය. සෝභිත හාමුදුරුවෝ ජනපති වුවහොත් වෙන්නේ, සැටලයිට් නෝනා ඇවිත් වූ දේමය. මහින්ද මහත්තයා ඇවිත් ඇති වූ දේමය. විධායක ජනපති කම ලෙඩක් කියා විමල්ලාට, චම්පිකලාට, වමේ හිඟන්නන්ට තෙරේන්නේ දැන්ය.

    ඒත්, මේ තාක් කල්, ඒකෙන් කන කොට එවා අමා රසය. දැන් දැන් තිත්ත රහක් එන්නේ වැඩියෙන් කාපු නිසාය. අනික, සෙට් එකම එකතුවී නටන නාඩගම, කොස්තාපල් පුඤ්ඤසෝම තර්ම් වත් නැගලා යන්නේ නැතිය. ඒවා ගරු රඟපෑම් කියා දැන් කුඹුරේ ඉන්නා මී හරක්ටත් තේරෙනවාය. උන් මඩේම ලැග සිටිනවා මිස. මඩෙන් නැගිටලා අඩු ගානේ පඩයක් වත් අරින්නේ නැත. මොකෝ මෙයාලාගේ රැඟුම්, රැඟුම පාලක මණ්ඩලයෙන් අනුමත කරලා පෙන්නපු කාළේ ඉවර නිසාය.

    පොදු අපේක්ෂක ප්‍රශ්ණයේදි, මාතලන් මීට බොහෝ කලකට පටන් පෙනී සිටිනා මතය ප්‍රකාෂ කොට තිබුනේ, සති අන්ත පුවත් පත් වල, එකම එක ළිපියක පමණි. එනම් පොදු අපේක්ෂකයා නව ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය කියනා මතයයි. ජනපතිවරණයට ඉදිරිපත් කරනා එම ව්‍යවස්ථාව, ජනපතිවරන ඡන්දයේදී ජනමත විචාරනයක් ලෙස වුවද, ඉදිරිපත් කල හැක. එහෙත් එබඳු දෙයක් ගැන, අද වන තෙක් කිසිඳු කතාවක් නැත. ජනාධීපති ක්‍රමය අහෝසි කරනවානම්, මහින්ද රාජපක්ෂ උන්නාට අවුලක් නෑ කියා, සෝභිත හාමුදුරුවෝ කියන්නෙත් ඒ නිසාය. නමුත් සිඳු නොවන්නෙත් එයමය. එය රටේ ජනතාවගේ කරුමය මෙන්ම උරුමය බවටද පත්වී අවසානය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,434
    113
    මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මොකද්ද ඔය අත්හිටවූ සිරදඩුවම් කියන්නෙ කියල. ඒක වොර්නින්ග් එකක් විතරයිද?
     
    Last edited:
    හෙළයෙක්;16655749 said:
    මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො මොකද්ද ඔය අත්හිටවූ සිරදඩුවම් කියන්නෙ කියල. ඒක වොර්නින්ග් එකක් විතරයිද?

    ඒකියන්නේ හිරේ යන්නේ නෑ.මාසෙකට සැරයක් වගේ පොලිසියේ පෙනීසිටින්න ඕනි. මම හිතන්නේ බොහොම සරළ දඬුවමක්. සැර මදි.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දුමින්දටත් මේ ටික තමයි වෙන්නේ. සරුව සුනිලටත්, අර විදේශිකයන් මරපු එකා ටත් ඔය ටික උනානම් තමයි නියම. ඒවායේ නඩු තවම යනවනේ. හැබැයි ආණ්ඩුව අත දැම්මොත් ඔක්කොම ඉවරයි. මතකනේ ඉස්සර JR, ප්‍රේමදාස කාලේ. ගෝනවල සුනිල්ට සමාදාන විනිශ්චය කාර පදවියක් දුන්නේ.

    ගෝනවල සුනිල් කෝච්චියක්‌ ඇතුළෙදි දොස්‌තර කෙනකුගෙ දුවක්‌ දූෂණය කරපු මිනිහෙක්‌. නමුත් ගෝනවල සුනිල් නිදහස්‌ කරන්න එදා ඡේ. ආර්. සමාවක්‌ දුන්නා. එයා එක්‌ක තවත් හිරකාරයො බර ගාණක්‌ නිදහස්‌ වුණා. ඒ නිසා ඒකට හිරකාරයො කිව්වේ "ගෝනවල සමාව" කියලා. ඊළඟට සොත්ති උපාලි. සෑහෙන්න මිනී මරපු මිනිහෙක්‌. ඒ වුණාට ආර්. ප්‍රේමදාසගෙ යූ.එන්.පී. ආණ්‌ඩුව තිබුණු කාලේ සොත්ති උපාලි හිටියෙ එක්‌සත් ජාතික පක්‌ෂෙ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ. <දිවයින පුවත්පත>
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,447
    100,434
    113
    ඒකියන්නේ හිරේ යන්නේ නෑ.මාසෙකට සැරයක් වගේ පොලිසියේ පෙනීසිටින්න ඕනි. මම හිතන්නේ බොහොම සරළ දඬුවමක්. සැර මදි.
    මහින්දය දෙන දඩුවම් වල හැටියට ඔය වැඩිත් තරන් මිනීමරුවටත් ජනාදිපති සමාවනෙ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    හෙළයෙක්;16656034 said:

    මහින්දය දෙන දඩුවම් වල හැටියට ඔය වැඩිත් තරන් මිනීමරුවටත් ජනාදිපති සමාවනෙ.

    කවුද? ගෝනවල සුනිල්ද?