ගුවන්තොටේ රෝද පුටුවෙන් ආ මගියා ළඟ රු.කෝටි 4ක කුෂ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රෝද පුටුවක ගමන් කරමින් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙකු, රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කොළඹ - 10, මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.




    මොහු පෙරේදා (09දා) රාත්‍රී 10.25 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්. ඩී.- 047 දරන ගුවන්යානයෙන් පෙරේදා (09දා) රාත්‍රීයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු රෝද පුටුවක වාඩි වී, ශ්‍රී ලංකන් සහායක නිලධාරිවරයෙකු විසින් ගුවන්තොටුපොළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ තල්ලු කර ගෙන යමින් සිටියදී, ඔහුගේ සිරුරේ පිටුපස කොටසෙහි රඳවා ගෙන තිබූ ‘බැක් පැක්’ ගමන් මල්ල තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05ක ප්‍රමාණය සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    මෙසේ අත්අඩංගුවට ගත් ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,223
    113
    meka dupathak enawa nam guwanin, muhuden thamai navy eka hariyata hitiyoth muhuden allanna puluwan, airport tika hariyata check unoth guwanin eana ewa allanna puluwan. awanka minissu witharai ona...