ගුවන්විදුලි සංඛ්‍යාතත් අච්චාරු වෙයි.

csstudio

Member
Jul 20, 2016
657
82
0
ගුවන්විදුලි සංඛ්‍යාතත් අච්චාරු වෙයි.

ගුවන්විදුලි සංඛ්‍යාතත් අච්චාරු
වෙයි.
දීපව්‍යාප්ත ගුවන්විදුලියට සංඛ්‍යාත
ත්‍රිත්ත්වයක් ලබාදීම
සාධාරණ ද?
22279407_1981114908823934_1195182491954918687_n.jpg

දැනට ආරම්භකර පවත්වාගෙන රූපවාහිනී නාලීකාවක් හිමි මාධ්‍ය ආයතනයක් යටතේ පවතින Trymas Media Network වෙත මේ වනවිට දීපව්‍යාප්ත ගුවන්විදුලි නාලීකාවක් ආරම්භ කිරීමට ගුවන්විදුලි සංඛ්‍යාත ත්‍රිත්වයක් ලබාදී තිබේ.

ඒ 94/97.9 හා 103.1 යන සංඛ්‍යාත ත්‍රිත්වයයි.

අපට ලැබෙන තොරතුරු අනුව එම සංඛ්‍යාත නැගෙනහිර පළාතේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සඳහා ලබාදී තිබේ.

අත යටින් සියලු දේ ගණුදෙනුවන රටක,ජනතාව අවදියෙන් නොමැති රටක සංඛ්‍යාත මංකොල්ල කෑම පිළිබඳව ඒ තරම් ගනන් ගතයුතු නැත.එය පසුගිය ආණ්ඩුවේ ද සරුවට සිදුවුනු බැවිනි.

එහෙත් 2012 ගුවන්විදුලි නාලීකා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ දීපව්‍යාප්තව සම්ප්‍රේෂණ 5කට වඩා හිමි ගුවන්විදුලියකට ලැබූණු උපරිම සංඛ්‍යාත සංඛ්‍යාව දෙකකි.

ඒ අනුව නව ගුවන්විදුලි නාලීකාවට සංඛ්‍යාත ත්‍රිත්වයක් ලබාදීම විමතියට කරුණකි.

මෙහි එක් සංඛ්‍යාතයක් දැනට කොළඹ ආවරණය කරන CRI Sri Lanka ගුවන්විදුලිය භාවිත කරන සංඛ්‍යාතයකි.

අනෙක සැට්නෙට් ආයතනය සතුව පැවති ගැටළුවක් හේතුවෙන් වසා දැමුණු VIP නාලීකාව භාවිත කළ සංඛ්‍යාතයයි.

අනෙක ප්‍රාදේශීය ගුවන්විදුලි නාලිකාවක් වන සෙත් FM භාවිත කරන සංඛ්‍යාතයකි.

නුවරඑළිය සඳහා ලබාදෙන 97.9MHz සංඛ්‍යාතය ආරම්භ වූ සැනින් CRI Srilanka විකාශයට නිසැක ලෙස බාධා සිදුවනු ඇත.

එහෙත් දැන් කරන්නට දෙයක් නැත.සියල්ල ලබාදී අවසන් අතර,අදාල නාලීකාව ආරම්භ කිරීමට අවශ්‍ය සම්ප්‍රේෂණය ද දැන් කඩිනමින් ඉදිකරමින් පවතී.

කියන්නට යමක් අැත.ඒ සියල්ල අච්චාරුවක් වී අැති රටක ගුවන්විදුලි සංඛ්‍යාත ද යළි අච්චාරුවක් වන දිනය වැඩි ඈතක නොවේ.

#Fmtvsrilanka
#Specialnotice