ගුවන් ගමන්වලට කාලගුණයේ බලපෑම
ගුවන් ගමන්වලට කාලගුණයේ බලපෑම
මිනිස් සංස්කෘතිවල විකාශනයත් සමඟ මිනිසා ගේ එදිනෙදා ක්‍රියාකරකම් පහසු කරගැනීම සඳහා තාක්ෂණික මෙවලම් යොදාගැනීම පියවර රැසකින් සිදු වී ඇත. ප්‍රථමයෙන් දෙපයින් හෝ සත්ත්වයන් ගේ පිහිටෙන් හෝ ජලයේ ගමන් කිරීමට මිනිසා කරත්තය, බෝට්ටුව සහ බයිසිකලය වැනි සරල තාක්ෂණ යොදාගත්ත ද පසුකාලීන ව විවිධ යාන්ත්‍රණ, ඉන්ධන, සූර්ය බලය සහ විද්‍යුත් ශක්තිය භාවිත කොට යාන වාහන ගණනාවක පිහිට ලබාගෙන කෙටි දුර මෙන් ම ලෝ වටා ගමන් පවා දියෙන් ගොඩින් සිදු කිරීම අද නම් අප පුදුම නො වන තරමට සරල දෙයකි.
දිය සහ ගොඩ පමණක් නො ව, ගමන් බිමන් සඳහා අහස් තලයත් ජය ගැනීමට මිනිසා දැරූ ප්රයත්නයේ ප්‍රථම අවධිය රයිට් සහෝදරයන් (Wright Brothers) වසර 1903 දී අහසින් පියාසර කිරීමට කළ උත්සාහය ලෙස ඉතිහාසයට එක් වී ඇත. රයිට් සොහොයුරන් ප්‍රථමයෙන් වසර 1903 දෙසැම්බර් මස 14 වැනි දා සිය ගුවන්යානය ගුවන්ගත කළ ද එහි ගමන අඩාළ වී යානය ආපදාවකට ලක් වී ඇතත් ඊට බලපෑ සාධක සියල්ල වාර්තාගත වී නොමැති සේ ය. එහෙත් යානය ගුවන්ගත කිරීමට අවශ්‍ය සුළං ප්‍රවාහයක් නො පැවැති බවක් වෙබ් අඩවිවල සටහන් වී ඇත.
රයිට් යානාව කඩිනම් අලුත්වැඩියාවක් කොට රයිට් සොහොයුරන් සිය යානය ගුවන්ගත කිරීමට 1903 දෙසැම්බර් මස 17 වැනි දා දැරූ උත්සාහය සාර්ථක වී ඇති අතර කෙටි දුර ගමන් සතරක් පියාසර කොට කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් ආවරණය කර ඇත. එය ගුවන් ගමන් ඉතිහාසයේ ඉතා වැදගත් වූ ආරම්භක පියවරයි. එදින ඒ සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අහස් යානාව ගුවන්ගත කිරීමට උපකාර වන වායුගෝලීය සුළං වේගය යහපත් ලෙස පැවතීම බව ද සඳහන් ය.
දියෙන් සහ ගොඩින් යන ගමන් මෙන් නො ව, අහසින් යන ගමන් ඉතා ම අවදානම් බව වටහාගත් මිනිසා ගුවන් යානයක ගමනට බාධා වන සාධක බහුතරයක් පාරිසරික සාධක බව ද අවබෝධ කරගත්තේ ය. කාලගුණ විද්‍යාව යන ක්ෂේත්රයේ දී අධ්‍යයනයන් සිදු කරන පාරිසරික සාධක අතරින් සාධක රැසක් ගුවන් යානයක සමතුලිතතාව කෙරෙහි ඝෘජු ව හෝ වක්‍ර ලෙස හෝ බලපාන බව අද නො රහසකි.
ප්‍රධාන පියවර තුනකින් ගුවන් යානයක ගමන සම්පූර්ණ වේ. නිශ්චල ව තිබුණ ගුවන් යානයක් ප්‍රථම පියවරේ දී වායුගෝලයට එසවීම (Take Off) සිදු වන අතර දෙවැනි පියවර වායුගෝලයේ ඉහළ මට්ටම්වල පියාසර (Fly) කිරීම ය. අවසාන පියවර වන්නේ ගමනාන්තය වන ගුවන් තොටුපළට ගොඩබැස්වීම ය (Land). ගුවන් යානාවක් කාර්මික දොaෂ නොමැති ව අංග සම්පූර්ණ ලෙස නිෂ්පාදනය කරන ලද්දේ වූවත් මේ ප්‍රධාන ගමන් පියවර තුනේ සාර්ථකත්වය ර¹ පවතින්නේ පවතින කාලගුණ සාධකවල බලපෑම මත ය. ඉතා වැදගත් ලෙස සැලකෙන කාලගුණ සාධක වනුයේ පාරිසරික සුළං වේගය සහ දිශාව, වායුගෝලීය උෂ්ණත්වය, වලාකුළු වර්ග සහ ඒවා පිහිටන උස, වර්ෂාව, මීදුම (Mist), ඝන මීදුම (Fog), හිම පතනය (Snow) සහ අයිස් කැට වැසි (Hail Storm) යන සාධක ය. ගුවන් යානයක් ගුවන්ගත කිරීමේ සහ ගොඩබැස්වීමේ අදියරවල සාර්ථකත්වයට බලපාන ධාවන පථ (Run way)වල භෞතික තත්ත්වයන් සහ යානාවේ යාන්ත්‍රික තත්ත්වයන් පිළිබඳව මේ ලිපියට ඇතුළත් නො වූව ද ඒවා ද වැදගත් සාධක බව සලකන්න.
අහස් යානාවක් ගුවනට නංවන සහ ගොඩ බස්වන පියවරවල දී පාරිසරික උෂ්ණත්වය සහ විශේෂයෙන් ම සුළං දිශාව සහ වේගය ඉතා වැදගත් සාධක වන්නේ ය. ඊට අමතර ව පහළ වායුගෝලයේ මීදුම, ඝන මීදුම හෝ වර්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්නේ ගුවන් නියමුවාට ධාවන පථය දර්ශනය වීම ((Run way) රදා පවතින්නේ එම සාධක අනුව බැවිනි. අහස් යානයක් ධාවන පථය ඔස්සේ ධාවනය කොට වායුගෝලයට නැංවීමට තරම් කාලගුණ සාධක යහපත් නො වන ඕනෑ ම අවස්ථාවක කාලගුණ විද්‍යා අංශ මඟින් සැපයෙන අනාවැකිවලට එකඟ ව යානය ගුවන්ගත කිරීමේ කාලය ප්‍රමාද කිරීමක් සිදු කෙරේ. එහෙත් අහස් යානාවක් ගුවන් තොටුපළකට ගොඩ බස්වන පියවර තරමක් බැරෑරුම් වන්නකි. එහි දී අයහපත් කාලගුණ තත්ත්වයන් පවතී නම් එක්කෝ යානය උඩු ගුවනේ යම් කිසි වේලාවක් (තත්ත්වය යහපත් වන තුරු) පියාසර කිරීමට හෝ දිගු කාලීන අයහපත් තත්ත්ව පවතින අවස්ථාවල ළඟ ම පිහිටි වෙනත් ගුවන් තොටුපළක් වෙත අහස් යානය යොමු කිරීමට ගුවන් යානා පාලක (Air Traffic Controller) සහ යානාවේ ප්‍රධාන නියමුවා සාකච්ඡා කොට තීරණය කරනු ලැබේ. තත්ත්වය යහපත් වූවාට පසුව යානය නියමිත ගමනාන්තය වෙත පියාසර කරවනු ලැබේ.
නවීන ගුවන් යානාවලට සහ ගුවන් තොටුපළවලට සපයා ඇති නවීන තාක්ෂණික පහසුකම් බොහෝ විට ගුවන් නියමුවන්ට විශාල උපකාරයක් වේ. විශේෂයෙන් ම, බැරෑරුම් වන, අහස් යානයක් ගොඩ බස්වන (Landing) කාර්යයේ දී උපකාර වන ප්‍රකාශමය ගොඩ බැස්වීමේ පද්ධති (Optical Landing System - OLS) තාක්ෂණය සහ යාන්ත්‍රික උපකරණමය ගොඩ බැස්වීමේ පද්ධති (Instrumental Landing System)වල උපකාරයෙන් අහස් යානයක් නිවැරදි ගමන් පථය දෙසට සහ නිවැරදි කෝණයන් අනුව යොමු කිරීමට නියමුවන්ට හැකි වේ.
අහස් යානාවක් ඉහළට නැංවීමෙන් පසුව නියමිත දිශානතියකට එල්ල කොට පියාසර කරන අතර එම ගමන සැලසුම් වන්නේ පියාසර මට්ටම (සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් පමණ ඉහළ) ඔස්සේ පවතින උෂ්ණත්වය, සුළං ධාරාවල දිශාව සහ එම සුළඟේ වේගය යන සාධක අනුව ය. ඕනෑ ම ගුවන් ගමනකට පෙර ගුවන් නියමුවා වෙත කාලගුණ විද්‍යා අංශ මඟින් සපයනු ලබන, ගුවන් යානයේ සම්පූර්ණ ගමන් මාර්ගයේ කාලගුණ දත්ත සහ අනාවැකි අඩංගු ලිපි ගොනුවක් (MET - Folder) යානයේ ගමන් සැලසුමට (Flight Planning) උපකාර කරගනු ලැබේ. යානාවේ ගමන් දිශා, වේග ආදිය එම සැලසුමේ දී තීරණය කෙරේ.
ගුවන් යානයක ගමන කල්තියා සැලසුම් කළත් සමහර අවස්ථාවල කාලගුණ විද්‍යා අංශවලින් සැපයෙන අනාවැකිවලට හසු නො වන කෙටිකාලීන පාරිසරික වෙනස්කම්වල අයහපත් බලපෑම්වලට මුහුණ දීමට ගුවන් යානා නියමුවන්ට සිදු වේ. එවන් බලපෑම් බොහෝ විට ඇති වන්නේ වායුගෝලයේ යානා පියාසර මට්ටමේ (Cruising Level) විවිධ ස්ථානවල දී සුළං දිශාවේ සහ වේගයේ සිදු වන ක්ෂණික වෙනස් වීම් හේතුවෙනි.
ගුවන් ගමන සැලසුම් කිරීම සඳහා නියමුවා වෙත සැපයුණු දත්ත සටහන්වල දැක්වෙන සුළං ප්‍රවාහවල වේගයන් හෝ දිශාවන්වලට වෙනස් වූ අගයන් අදාළ ප්‍රදේශයට බලපාන අවස්ථාවල යානයේ සමතුලිතතාවට එය තාවකාලික බාධාවක් වන්නේ ය. එහි දී අහස් යානය පියාසර මට්ටමෙන් ඉහළට හෝ පහළට හෝ විස්ථාපනය වීමක් සිදු වන නිසා එවන් බාධක, වායු පොකට්ටු (Air Pocket) ලෙස හැඳින්වේ. මේ අවස්ථා ගුවන් මගීන් තරමක අපහසුතාවට පත් කළත් මහා ආපදාවක් නො වන ලෙසට යානාව පාලනය කිරීමට නියමුවන්ට හැකි ය.
අපට නො පෙනුණත් වායුගෝලය නිරතුරු සංසරණයක යෙදෙයි. විවිධ මට්ටම්වල සුළං ධාරා ඒකාකාර ලෙස හමන පරිසර ගුවන් ගමන්වලට හිතකර වුව ද, මට්ටම් දෙකක් අතර සුළං වේග සහ දිශා අතර විශාල වෙනස්කම් පවතින වාතාවරණවල එම මට්ටම් අතර සිරස් දිශාවේ ඉහළට සහ පහළට සුළං වර්ධනය වීම කැළඹුම් (Turbulence) ලෙස හඳුන්වනු ලබන අතර ගුවන් යානයක සමතුලිතතාවට විශාල බලපෑම් ඇති කිරීමට කැළඹුම් සමත් වීම සමහර විට ගුවන් යානයකට බරපතළ බලපෑමක් විය හැකි ය.
වායු කැළඹීමක් වලාකුළු රහිත, පැහැදිලි අවකාශයේ ඇති වේ නම් එය පැහැදිලි වායු කැළඹීමක් (Clear Air Turbulence) ලෙස නම් කරනු ලබන අතර ගුවන් නියමුවන් වෙත ලබා දෙන කාලගුණ සටහන්වල එවන් ප්‍රදේශ CAT ලෙස ලකුණු කිරීමෙන් නියමුවන්ට උපකාරයක් වේ. මෙහි දී යානයේ ආරක්ෂාව සඳහා, ගුවන් නියමුවෝ යානයේ ගමන් පෙත තාවකාලික වෙනස් දිශානතියකට වෙනස් කිරීම (Divert) සිදු කොට CAT ප්‍රදේශය පසු කොට යළිත් නියමිත පෙත වෙත යානාව ගෙන ඒමට පියවර ගනිති. වලාකුළුවලින් තොර වීම නිසා CAT ප්‍රදේශ රේඩාර් යන්ත්‍ර හරහා දුර සිට තීරණය කිරීමේ අපහසුව ගුවන් නියමුවන් මුහුණ පාන එක් ගැටලුවකි.
පියාසර කරන ගුවන් යානයක සමතුලිතතාවට බාධා ඇති කරන වායුගෝලීය කැළඹුම් වර්ධනය කරන තවත් හේතුවක් වන්නේ අධික සංවහන ධාරාවලින් කැටි වැහි වලාවන් වර්ධනය වීම ය. කැටි වැහි වලාකුළක් තුළ (Cumulonimbus Cloud) සිදු වන ස්වාභාවික යාන්ත්රණයන්වලින් ඉතා අවදානම් කැළඹුම් පැනනඟී.
ඉතා හොඳින් වැඩුණ කැටි වැහි වලාකුළු තුළ අයිස් කැටවලින් ආරම්භ වන වර්ෂාව සමඟ පහළට හමා යන දැඩි සුළං ප්‍රවාහ සහ වලාකුළ තුළ ඉහළට හමන සංවහන සුළං ඒකාබද්ධ ව කැළඹීම් වර්ධනය වන අතර එවන් කැළඹීම් ගුවන් යානයක සමතුලිතතාවට මහත් බාධාවක් වන්නේ ය. කාලගුණ දත්ත සටහන් හරහා, කැටි වැහි වර්ධනය වීමේ සම්භාවිතාව සහිත ප්‍රදේශ පිළිබඳ ව ගුවන් නියමුවන් දැනුවත් කර තිබීමත්, රේඩාර් තාක්ෂණය මඟින් කැටි වැහි වලාකුළ දුර සිට ම නිරීක්ෂණය කිරීමේ හැකියාවත් නිසා කැළඹුම් සහිත කැටි වැහි වලාකුළු මඟහැර ගුවන් යානා පැදවීමට නියමුවෝ වග බලාගනිති. සිදු විය හැකි ගුවන් අනතුරු අවම කරගැනීමට එනිසා හැකි වී තිබේ.
ගුවන් යානයකින් ගමනක යෙදෙන අයට සමහර කැළඹුම් බලපෑම් ඇඟට දැනෙන තරමට ප්‍රබල විය හැකි ය. අහස් යානය ඉහළට පහළට චලනය වීමක් හෝ පැත්තකට ඇල වීමක් ලෙස එය දැනෙන අතර නවීන ගුවන් යානාවල තිබෙන සන්නිවේදන පහසුකම් හරහා මගීන් එවැනි අවස්ථා ගැන දැනුවත් කිරීමට ගුවන් නියමුවෝ ක්ෂණික පියවර ගනිති.
ගුවන් යානයක ගමනේ සාර්ථකත්වය උදෙසා කාලගුණ සාධක සම්බන්ධව පෙර දැනුවත් වීමේ වැදගත්කම පිළිබඳ ව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇත. ගුවන් යානයක ආරක්ෂාව උදෙසා තාක්ෂණය බහුල ව භාවිතයේ ඇත. තත්ත්වය එසේ තිබිය දීත්, විවිධ අවස්ථාවල නීතිරීතිවලට පටහැනි ලෙස කෙරෙන ගුවන් ගමන්, අයහපත් කාලගුණ තත්ත්වයන්වලට මුහුණ පා ආපදාවලට ලක්වන යානා පිළිබඳ පුවත් ද අසන්නට ලැබේ.
කේ. ආර්. අභයසිංහ