ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?

    default.jpg

    ගුවන් යානයක ආරක්ෂිතම ආසනය කුමක්ද?
    Which is the safest seat on an aircraft?


    seat2_2521789b.jpg


    බොහෝ දෙනෙකු සිතන්නේ ගුවන් යානයේ පියාපත් සවිකර තිබෙන ස්ථානයන් ඉතාමත් ශක්තිමත් බැවින් එම ස්ථායන්හි පවතින ආසන ගුවන් අනතුරකදී සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි. තවත් සමහරු සිතන්නෙ ගුවන් යානයේ පසුපස තිබෙන ආසන වඩා ආරක්ෂාකාරී බවයි. මෙහිද යම් තාර්කික බවක් තිබෙන්නේ ගුවන් යානයක් අනතුරකට ලක්වන බොහෝ අවස්ථාවල එහි ඉදිරිපස කොටස පළමුව පොළවේ ගැටීම සිදු වන නිසාය.
    මේ සම්බන්ධයෙන් බෝයිං සමාගම විසින් මෙක්සිකෝවේ “සොනෝරාන්“ කාන්තාරයේ දී කැමරා සහ සංවේදක සවිකරන ලද බෝයිං 727 වර්ගයේ යානයක් සහ මිනිස් ආදර්ශ යොදා ගනිමින් හිතාමතා සිදු කරන ලද ගුවන් අනතුරක් ආධාරයෙන් පරීක්ෂණයක් සිදු කරන ලදී.
    මෙම පරීක්ෂණයේ දී ගුවන් යානය බිම වැදුණ පසුව ව්‍යාපාරික පන්තිය, පළමු පංතිය සහ සුපිරි පිරිමැසුම්දායි පංතිය පිහිටා තිබෙන යානයේ ඉදිරිපස ආසන පේළි 11 ක් පමණ විනාශ විය. ගුවන් යානයේ මෙම කලාපයේ 12 ගුණයක ගුරුත්වාකර්ශ බලයක් වාර්තා වී තිබිණ. පසුපසට වන විට එය 6 ගුණයක් දක්වා පහළ බැස තිබිණ. මේ අනුව ප්‍රවීනයින් විසින් තීරණය කරනු ලැබුවේ ගුවන් යානයේ පළමු පංතියේ ගමන් ගන්නා මගීන් කිසිවෙකුත් අනතුරින් දිවි ගලවා ගනු නොමැති බවත් 78% ක පමණ මගීන් සංඛ්‍යාවක් දිවි ගලවා ගැනීමට හැකියාවක් පවතින බවත්ය. කෙසේ වෙතත් යානයේ පසු පසට වන විට අනතුරින් දිවි ගලවා ගැනීමට ඇති හැකියාව ඉහළ යන බවත් ඔවුන් සඳහන් කළෝය.

    Crashsurvival_1240719a.jpg



    1971 සිට සිදු වූ අනතුරු විශ්ලේෂණය කළ තවත් පරීක්ෂණයකින් කියවුනේ යානයේ පියාපත් වලින් පසුපස සිටින මගීන් ගේ දිවි ගලවා ගැනීමේ හැකියාව 69%ක් බවත් පියාපත් සවිකර තිබෙන ස්ථානයේ සිටින මගීන්ගේ දිවි ගළවා ගැනීමේ සම්භාවිතාවය 56% ක් පමණ බවත් සහ යානයේ ඉදිරිපස සිටින අයගේ මෙම සම්භාවිතාය 49% ක් පමණ වන බවත්ය.
    ප්‍රමුඛ පෙලේ ගුවන් යානා නිෂ්පාදන සමාගම් මෙම තර්ක එතරම් සැළකිල්ලට නොගන්නා අතර බෝයිං සමාගම පවසන්නේ මේ සම්බන්ධයේන් පැහැදිලි නිගමනයකට ඒම අපහසු බවයි. කෙසේ වෙතත් මෙක්සිකෝවේ කරන ලද පරීක්ෂණයේ දී පැහැදිලි වූයේ ආසන පටි පැළඳ සිටින්නන්ගේ ආරක්ෂාව වඩා ඉහළින් තහවුරු වූ බවයි. බොහෝ ගුවන් අනතුරු වලදී හා වායු කැළඹීම් තත්වයන් වලදී යානයේ ඔබ මොබ ඇවිදින මගීන් අනතුරට ලක් වීම වැඩිය. තවත් තත්වයක් වන්නේ කෑම ආදිය සපයන අවස්ථාවේ ගෙන යන කුඩා ට්‍රොලි ආදිය මගීන්ගේ වැදීමෙන් අනතුරු සිදු වීමට ඉඩ බැවින් ජනෙල් ආසන්නයේ ආසන මෙහිදී ආරක්ෂිත බවයි.


    airplane-seatbelt-552lm1005092.jpg


    එයාර්බස් සමාගම පවසනුයේ වඩාත් ආරක්ෂිතම ගුවන් යානය වන්නේ නිවැරදිව නඩත්තු කරන සහ අනතුරකට ලක් නොවන ගුවන් යානය බවයි. එම සමාගමට අනුව ඔවුන්ගේ විශාලම මගී ගුවන් යානයේ ත් දොරවල් අඩක් වඩා තිබියදීත් මගීන් 850ක් ඝණ අන්ධකාරයේ වුවත් තප්පර 90 ක් තුළදී යානයෙන් ඉවත් කළ හැකි බවයි.
    එක්සත් ජනපද රජයේ විශ්ලේෂකයෙක් එරට 1993 සිට 2000 දක්වා වූ අනතුරු 568 ක් විශ්ලේෂණය කල අතර මගීන් 53487 කින් 51207 ක් දිවි ගලවාගෙන තිබිණ. එය 90%ට වඩා ප්‍රතිශතයකි. මෙයින් අනතුරු 26 ක් බරපතල වූ අතර එයින් න් අඩකඩත් වඩා මගීන් යානයේන් ඉවත් වී තිබිණ.
    තවත් පරීක්ෂණයක දී සඳහන් වුයේ යානයෙන් ඉවත් වීමට ඇති දොරවල් වලට ආසන පේලි 6කින් පමණ දුරකින් සිටින මගීන්ගේ දිවි ගලවා ගැනීම සාපේක්ෂව අඩු වූ බවයි. එලෙසම යානයේ ජනෙල් අසල සිටි මගීන්ගේ මෙම තත්වය දෙපැත්තටම සමව තිබිණ.
    කෙසේ වෙතත් ගුවන් ප්‍රවාහනය ලෝකයේ ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයයි. ගුවන් අනතුරක් වීමට ඇති සම්බාවිතාවය ගුවන් ගමන් වාර මිලියන 4.7 කට එකක් පමණය.
    නමුත් ගුවන් යානයක පිරිමැසුම් පන්තියේ ආසනපටි පැළඳ පිටවීමේ දොරටුවට ආසන්න ආසන පේලීයක ජනේල අසල අසුන් ගැනීම සාපේක්ෂව ආරක්ෂාකාරී බවයි.
    එහෙත් මේ සිදු වීම් වලින් අපගේ දෛවය වෙනස් කර ගැනීමට ඇති ඉඩ පිළිබඳව සිතා බැලිය යුතුය.


    Scared%20on%20Plane.jpg



    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එහෙත් මේ සිදු වීම් වලින් අපගේ දෛවය වෙනස් කර ගැනීමට ඇති ඉඩ පිළිබඳව සිතා බැලිය යුතුය.
    :yes::yes::yes::yes:


    (You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.)
     

    Similar threads