ගුවන් සේවිකාවකට ලිංගික හිරිහැර කළ කපිතාන් රිමාන්ඩ්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් සේවිකාවකාවකට ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි කියන නෞකාවක කපිතාන්වරයකු ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (29) මෙම නියෝගය නිකුත් කළා.

    ගුවන්තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    පොලීසිය පවසන්නේ, ඔහු යාපනයේ පදිංචි කනකසභාපති කුෂාන්තන් නමැති 49 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

    ගුවන්තොටුපල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සැකකරු ඩුබායි සිට පැමිණීමේදී අප‍්‍රිකානු සම්භවයක් ඇති 39 හැවිරිදි එමිරේට් ගුවන් සේවිකාවගේ ශරීරය තදින් ස්පර්ශ කර ලිංගික අඩත්තේට්ටම් කර ඇතැයිද ජාත්‍යන්තරව අපකීර්තියක් ගෙන දෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා සිටියා.

    කරුණු සලකා බැලීමෙන් අනතුරව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත‍්‍රාත්වරිය පැමිණල්ල යළි කැඳවා ලබන 05 වැනිදා විමර්ශන ප‍්‍රගතිය ඉදිරිපත් කරන ලෙස නියෝග කළා.

    දකුණු අප්‍රිකානු ජාතික 39 හැවිරිදි කාන්තාවකට මෙලෙස ලිංගික හිරිහැර කළ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

    සැකකරු නැව් කපිතාන්වරයකු ලෙස සේවය කරනයාපනයේ පදිංචි කනකසභාපති කුෂාන්තන් නමැත්තායාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි.

    ඊයේ (27) ඩුබායි සිට කටුනායක බලා ගමන් කරමින් සිටි ගුවන්යානයේදී එම ගුවන් සේවිකාවට ලිංගික හිරිහැර කර ඇති අතර,

    ගුවන් සේවිකාව වහාම ගුවන් නියමුවාට දැනුම් දී ඇති අතර, පසුව කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසු ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
     
    • Like
    Reactions: ChoronaSottiya

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    ළඟින් යනගමන් චූ පැත්ත අතගාලද?
    Hrithik_Roshan
     
    • Dislike
    Reactions: AnuradhaRa

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,011
    113
    ගුවන් සේවිකාවගේ ශරීරය තදින් ස්පර්ශ කර ලිංගික අඩත්තේට්ටම් කර

    :shocked::shocked:
    අප්‍රිකානු සම්භවයක් තියන කාන්තාවක්නේ... තට්ටම මිරිකන්න ඇති එලොව පොල් පේන්නම
     
    Last edited: