ගුවනින් පලා යාමට යෝයෝ ගත් උත්සහය වරදී

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ගුවනින් පලා යාමට යෝයෝ ගත් උත්සහය වරදී

තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා සමඟ උගන්ඩා නව ජනාධිපති පදවි ප්‍රාප්තියට උගන්ඩා රාජ්‍යයට යාමට යෝෂිත රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා එම ඉල්ලීම මහාධිකරණයට යොමු කරන ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

CSN රූපවාහිනී නාළිකාවේ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 04දෙනෙක් ඇප මත මුදාහැර සිටින අතර ඔවුනට විදේශ ගතවීම ද මහාධිකරණයෙන් තහනම් කර ඇත.

එසේවුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇති ඇරයුමක් අනුව ඔහු සමග එහි යෑමට සතියකට අවසර දෙන්නැයි යෝෂිත රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
 
  • Like
Reactions: Shadow.Walker

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දැන් උගන්ඩාවට බෝට්‍ටුවකින් පලයන්