ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙ&#3514

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ගුවාම් වෙත පහර දෙන්න උතුරු කොරියාව සැරසෙ&#3514

    ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ශාන්තිකර කලාපයේ දූපතක් වන ගුවාම් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි උතුරු කොරියාව පවසයි.

    උතුරු කොරියාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කිරීමත් සමග උතුරු කොරියාව මේ බව ප්‍රකාශ කර තිබේ. උතුරු කොරියාවේ හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබේ.

    මැදි දුර රොකට් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කර තිබෙන අතර ගුවාම් යනු ඇමෙරිකාවේ උපායමාර්ගික ස්ථානයකි. ඇමෙරිකාවට අයත් ප්‍රහාරක යානා තිබෙන කඳවුරක් ද ගුවාම් හි ස්ථාපිත කර තිබේ.

    මේ සමඟ උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර උණුසුම් තත්ත්වයක් මතු වී තිබේ.

    http://edition.cnn.com/2017/08/09/politics/north-korea-considering-near-guam-strike/index.html

    https://www.theguardian.com/world/2017/aug/10/north-korea-details-guam-strike-trump-load-of-nonsense