ගූගල් අලුත් රහසක් දෙන්න හදයි

Asa Malli

Member
Jan 20, 2013
5
3
0
Kelaniya
ගූගල් අලුත් රහසක් දෙන්න හදයි

(srilankanewspot) ගූගල් ආරක්ෂක අංශය විසින් e-mail හා අන්තර්ජාල පාවිච්චි කරන්නන් ගේ ගිණුම් සඳහා සම්බන්ධ වීමට නවතම රහස් වචනයක් හඳුන්වා දී ඇති අතර මෙය Yubikey ලෙස නම් කර ඇත.


දැනට යුබිකි සම්බන්ධව පර්යේෂණ පවත්වන ගූගල් සමාගම මෙම නවතම හඳුන්වාදීම මඟින් අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන පිරිසට ඉතා සරලව හා පහසුවෙන් වෙබ් අඩවියට ඇතුළු වී USB Stick සමඟින් ස්ථාපනය කිරීම තුලින් මේ සඳහා ලියාපදිංචි විය හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද, දැනටමත් ඉතා සාර්ථක පර්යේෂණ මට්ටමේ පවතින යුබිකි හරහා සම්බන්ධ වීමට ඉතා කුඩා Yubico Crytograpic කාඩ්පතක් මේ සඳහා අවශ්‍ය වේ.

යුබිකි ඔස්සේ තව දුරටත් ඔබගේ අන්තර්ජාල ගිණුම හරහා අනවසරයෙන් දත්ත ලබා ගැනීම වළක්වා ගත හැකි බවද සඳහන් කළ යුතුය.