ගූගල් මෝඩිගෙන් සමාව ඉල්ලයි

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගූගල් මෝඩිගෙන් සමාව ඉල්ලයි

    ලොව දරුණුතම අපරාධකරුවන් 10 දෙනා අතරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ඡායාරූපයද ඇතුළත්ව තිබීම හේතුවෙන් ගූගල් සමාගම නරේන්ද්‍ර මෝඩිගෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

    අගමැති මෝඩිගේ ඡායාරූපය දිස්ව ඇත්තේ ඔසාමා බින් ලාඩ්න්, දාවුද් ඊබ්‍රහිම් යන අපරාධකරුවන්ගේ ඡායාරූප සමඟයි.

    ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුතම අපරාධකරුවන් 10 දෙනා අතරට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය ඇතුළත් වීමෙන් සිදුවු අපහසුතාවයට කනගාටුව පල කරන බව එම සමාගම ප්‍රකාශ කර ඇත.

    ඇතැම් අවස්ථාවල අන්තර්ජාලය තුළ යමක් සම්බන්ධයෙන් කරුණු සොයන විට අසන ප්‍රශ්නයට අදාළ නොවන පින්තූර සෙවුම් ප්‍රතිඵල ලෙස ලබාදීමට ඉඩ ඇති බව ගූගල් සමාගම පෙන්වාදෙයි.


    ඉස්සුවේ මෙතනින්....

    1897920362narendra-modi4.jpg