ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද?

naadiya

Active member
  • Jan 17, 2017
    91
    201
    33
    ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද?

    ගෙදරට වෙලා ඉන්න ටිකේ කරන්න වැඩක් නෑ වගේද? මෙන්න කරනවනම් තවත් මරු වැඩක්. අපි හැමෝම කැමතියි නේ කරන ජොබ් එකේ ඉහළට යන්න.. නැත්නම් හොඳ ජොබ් එකක් සෙට් කරගන්න.. higher studies පැත්තට කැමති ළමයෙක් නම් scholarship එකක් වගේ සෙට් කරගන්න.

    ඔන්න ඔය තැන් වලදී අපි maintain කරන online profile එක කියන එක මාරම විදිහට වටිනවා. අන්න එතනදී අපි මේ පිස්සු කෙලින හැම රෙද්දක්ම කරන Facebook එක වගේ එකක් හරි යන්නේ නෑ. ඒ වගේ අපේ professional career එක maintain කරගෙන යන්නම තියෙන තැනක් තමයි LinkedIn කියන්නේ. ගොඩක් වෙලාවට හැමෝටම වගේ LinkedIn profile එකක් ඇති. ඒත් කල්පනා කරලා බලන්න අන්තිම පාරට ඒකට ලොග් වෙලා චෙක් කරලා බැලුවේ කවදද කියලා??

    එහෙම හරියන්නේ නෑ පුතාලා.. බුකියට යනවා එනවා වගේ හැමදාම හරියට maintain කරන්න ඕනි එකක් තමයි LinkedIn ප්‍රොෆයිල් එක.

    මේක තියෙන්නෙ IT කරන උන්ට විතරක් නෙවෙයි. තමන්ට කියලා career එකක් maintain කරගෙන ඉන්න හැමෝටම.

    එහෙනං ඔන්න steps ටික.
    • - LinkedIn profile එකක් නැත්නම් දැන්ම එකක් හදාගන්න (මේක Free. Premium account එක නම් ටිකක් ගණන්. හැබැයි HR recruiter කෙනෙක්ට වගේ හැරුනු කොට එහෙම එකක් ඕනේ වෙන්නෙ නෑ)
    • professional profile picture එකක් දාන්න (ඔය සෙල්ෆී, නැත්නම් සන්ග්ලාස් බස්සපු එව්වා එහෙම නෙවෙයි :D)
    • තමන්ගේ ජොබ් එක, කරපු කියපු ඩිග්‍රී, courses වල විස්තර හරියටම add කරන්න.
    • දන්න කියන professional circle එක add කරගන්න.
    • තමන් කලින් වැඩ කරපු තැන, නැත්නම් project එකක් කරපු තැන වගේ ඉන්න senior level කෙනෙක්ට කියලා recommendation එකක් එහෙම ලියාගන්න.
    • ෆේස්බුක් එකේ වගේ උදේට කාපු එකයි සින්දුයි අනම් මනම් ඕකෙ share කරන්න යන්න එපා!
    • technical blog එකක් එහෙම ලියනවනම් එව්වා share කරන්න එහෙම හොඳම තැන LinkedIn
    • පොඩ්ඩක් search කරලා බලන්න LinkedIn එකේ තියෙන professional profile කොහොමද maintain කරගෙන යන්නේ කියලා..

    ඊට පස්සෙ?

    • CV එකට එහෙම කිසිම case එකක් නැතිව linkedIn profile එක දාන්න පුළුවන්. (Added advantage ;) )
    • හරියට වැඩේ කරගෙන යද්දී recruiters ලා එහෙම කතා කරන්න පටන් ගනියි.
    • ටික දවසක් පාවිච්චි කරලා බලන්න. ලෝකේ කොච්චර වෙනස් ද කියලා තේරෙයි.

    එහෙනං ඔන්න ලින්ක් එක : https://www.linkedin.com/
     
    • Like
    Reactions: Hermes