ගෙදර මිනිස්සුන්ට විතරයි චන්ඩිකම්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    සති දෙකකට විතර කලින් මම ප්‍රවෘත්ති බලද්දි තාත්තට කීවා මේපාර JVP දෙමු කියලා.
    මට බැනලා එවලගත්තා තමුසෙ මොනවද දේශපාලනේ ගැන දන්නෙ ඕකුන් 88,89 මිනීමරපු හැටි අපිනේ දන්නෙ කියලා.
    අද JVP රැස්වීමකට කැන්වසින් ආවා අල්ලපු ගමේ අය. අම්මයි මමයි හිතුවෙ බැනලා එලවාගනී කියලා. තාත්තා උන්ට කීවනෙ ඔව් මේපාර වෙනසක් කරමු කියලා. හොදට හිනාවෙලා කතාබහ කරා ඒ මිනිස්සු එක්ක.
    දැන් ආයෙ රෑට ටීවි බලබලා කෑගහයි පුන්චි අම්මා බැදපු එකා කියලා. අපිට කනක් ඇහිලා ඉන්ඩ නෑ.
     
    • Haha
    Reactions: cookies572