ගෙන්වන වාහන මිල 45%කින් ඉහලට.. කුඩාම වාහනත් ලක්‍ෂ 10-15කින් ඉහලට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    එක්සයිස් (Excise – S.P.L.) බද්ද 2020 තිබූ අගයට වඩා ඉහළ යෑම, සියයට 18 ක් වූ එකතු කළ අගය මත බද්ද (වැටේ) අය කිරීම සහ විනිමය අනුපාතය වැඩි වීමට සමානුපාතිකව සුඛෝපභෝගී බද්ද (Luxury Tax) වැඩි වීමත් යන හේතු මත වාහන ආනයනයට ඉඩ දුන්න ද ඇතැම් වාහනවල මිල ගණන් 45% කට වැඩි ප්‍රතිශතයකින් පමණ ඉහළ යා හැකි බව වාහන ආනනයන අංශ පෙන්වා දෙයි.

    විදේශ රටවල නිෂ්පාදිත වාහනවල මිල ගණන් ද මේ වන විට විශාල අගයකින් වැඩි වී ඇති හෙයින් ලංකාවට ගෙන්වන වාහන මිල ගණන් තවත් ඉහළ යනු ඇති බව ද ඔවුහු කියති.

    එන්ජින් ධාරිතාව 1000 ට වඩා අඩු පෙට්‍රල් වාහන සඳහා මින් පෙර රුපියල් ලක්ෂ 20 ක් පමණ වූ බදු මුදලක් අය කළ ද වැඩි වී ඇති බදු ප්‍රතිශත හේතුවෙන් එම මුදල ලක්ෂ 33-35 දක්වා වැඩි විය හැකි බවට ද එන්ජින් ධාරිතාව 1000 ට වඩා වැඩි වාහන සඳහා අය කෙරෙන බදු මුදල් ලක්ෂ 15 න් පමණ වැඩි විය හැකි බවට ද ඔවුහු පුරෝකථනය කරති.

    මේ අතර මීට පෙර සුඛෝපභෝගී බද්ද අය කරනු ලැබුවේ එන්ජින් ධාරිතාව 2000 සහ 2500 ඉක්ම වන වාහන වලට වුව ද නව රෙගුලාසි යටතේ එන්ජින් ධාරිතාව 1500 ට වැඩි වාහන වලට එම බද්ද අය කිරීමට ඉඩ ඇති බව ද වාහන ආනයනකරුවෝ පවසති.

    වාහන ආනයන කරුවන් රටට ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත විකිණිය යුතු බවට කොන්දේසියක් පනවා ඇතැයි ද එසේ විකිණීමට නොහැකි වුව හොත් වාහනයේ වටිනාකම මත මාසිකව සියයට තුනේ සිට සියයට 46 දක්වා දඩයක් ගෙවීමට වාහන ආනයනකරුවන්ට සිදු වන බව ද වාහන ආනයනකරුවන් ගෙන්වන වාහන තොග ශ්‍රී ලංකා රේගුව විසින් පරීක්ෂාවට ලක් කරනු ලබන බවද වාහන තොගයෙන් සියයට 25 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කර නැතිනම් එවැනි වාහන ආනයනකරුවන් සඳහා වසර තුනක ආනයන තහනමක් පැනවෙන බවද පවසන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ මේ සීමා හේතුවෙන් වාහන වෙළෙඳ පොළ යළි විවෘත කළ ද ගෙන්වන වාහන ප්‍රමාණය අඩු විය හැකි බව ප්‍රකාශ කරති.

    වාහන නිෂ්පාදනය කරන විදේශීය සමාගම් වලින් ඇතැම් සුඛෝපභෝගී වාහන ඇනවුම් කළ පසු ඒවා රටට ළඟා වීම සඳහා වැය වෙන කාලය වැඩි වී. ඇති බව ද ඇතැම් වාහන ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛනයෙහි රැඳී සිටීමට සිදු වෙන බව ද කියන ඔවුහු මේ සියලු හේතු මත විශාල ප්‍රමාණයකින් වාහන වෙළෙඳ පොළ විවෘත නොවනු ඇති බව ද අනුමාන කරති.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,560
    113
    කොහෙද අපේ එවුන්ට කොච්චර එක්සයිස් කරන්න කීවත් කරන්නෙ නෑනෙ, දැන් ඉතිං ඒකටත් බද්දක්!
     

    Similar threads